හහ්... හ්හ්...
මම හති හලමින් මගේ බෙල්ලත් අල්ලගෙනම වට පිට බැලුවා...
මේ කොහෙද ??
ආහ්.. මගේ ඔලුව... ඔලුව පුපුරන්න තරම් රිදෙනවා... වටේ මොකුත් පැහැදිලි නැති තැන මම අත් දෙකෙන්ම ඇස් පොඩි කරා... ඔක්කොම බොඳවෙලා පේන්නේ... බොඳවුනු දෑසින්ම මම වටපිට බැලුවා... මෙතන හුඟක් එලියයි... බංකරේ තිබුන පුස් ගඳ වෙනුවට හොඳ නැවුම් සුවඳක් එද්දි මගේ හිතේ තිබුනු බය ටිකක් අඩුවුනා... ඒත්... හදවත වේගෙයෙන් ගැහෙනවා... මම තාමත් කලබලයි... මම පෙනහලු පිරෙන්නම ලොකූ හුස්මක් අරන් පිට කරා... මගේ හදගැස්මේ රටාව ඒකාකාරී වෙනකන්ම... තවත් බර සුසුම් කීපයක්ම මම පහලට දැම්මා...
මම හිමින් ඇස් ඇරියා...
මොකක්????
මම ඉන්නේ මගේ කාමරේ... ඒක වුනේ කොහොමද... මම... මම ඒ දැක්කේ හීනයක්ද??
නෑ... වෙන්න බෑ... කොහෙත්ම වෙන්න බෑ...
මම ඇදෙන් බැහැලා කණ්ණාඩිය ඉස්සරහට ගියා... බෙල්ල රතු වෙලා... බෙල්ලේ එතුනු ඇඟිලිවල සළකුණු අපැහැදිලිවුනත් කවුරුහරි මගේ බෙල්ල තදින් අල්ලගෙන ඉදපු බව ඕන කෙනෙක්ට කියන්න පුලුවන්... මම මගේ වමත බෙල්ල මත තියලා කණ්ණාඩියෙන් බැලුවා...
මගේ අතින්ද වුනේ???
මම සද්ද නොනැගෙන්න අඩි තියමින් පහලට ගියා... ඔහු පේන්න නෑ... මම දොර මුල්ලට හේත්තුවෙලා කුස්සිය දිහා බැලුවා...
ඇන්ඩර්සන්!!
එයා උදේ කෑම ලෑස්ති කරනවා... ඔහු හිටියේ මට පිටුපාගෙන නිසා මාව දැක්කේ නෑ... මම ඉක්මනට ගෙදරින් එලියට බැස්සා... මම කැලේ පැත්තට ගමන් කරා... ටික දුරක් ඇවිත් නතරවෙලා වටපිට බැලුවා... මේ කැලේ අස්සේ කොහේ කියලා හොයන්නද... රෑ කරුවලේ ගියේ මොන පැත්තට මට මතක නෑ... ඒත් ලොකු දුරක් නොගිය බව නම් විශ්වාසයි... මම කිලෝ මීටරයක විතර අරයක් ඇති වපසරියක පිලිවෙලට, බිම් දොරක් හොයන්න ගත්තා...
මේ පැත්ත නෙමෙයි... කොහෙද... කොහෙද... කොහෙද...
මට නිකම් පිස්සු වගේ... මොන පැත්තට ගියත් ආයේ පටන්ගත්ත තැනමයි...
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..