කවුලුවෙන් එන ඉර එළිය මෝරලා... ඒත් තවමත් අපි එහෙමමයි... තුරුලෙන් ඈත්වෙන්න ඔහුටවත් මටවත් උවමනා නැතිවුනත් කාලය අපිට ඉඩ නොදෙන්න තරම් කුරිරුවුනා...
"ආතර්ව්..."
මම නිහඬවම තව තවත් ඔහු මත ගුලිවුනා...
"ඔයා අඬද්දි හරි ලස්සනයි ආතර්ව්..."
රෑ ඇරුනු වාන් දොරටුව තවමත් විවරයි... දොරටුව වහන්න බයයි... උහුලන් ඉන්න වේදනාව බැමි බිඳගෙන පිටාර යන්න දඟලද්දි පුංචි කවුලුවකින් කඳුලු කැට පිටදාලා මම මගේ හදවත රවට්ටගත්තා...
ඔහු මගේ ඇස් මතින් තොල් තද කලා...
"ඔයාගේ ලස්සන දකින අයිතිය තියෙන්නේ මට විතරයි ආතර්ව්..."
ඒ කියන්නේ ඔයා නැතිව මට අඬන්නත් තහනම්...
ඔයා හරි සීරුවෙන් මගේ මුලු ජීව්තේටම අයිතිවාසිකම් කියනවා නේද?
ඉතින් මගේ හුස්මත් පහත වැටෙන්න ඔයාගේ අවසරය ඉල්ලද්දි මට කියන්න ආයේ එනකම් හුස්ම අල්ලන් ඉන්න හැටි...
ඒත් මම පරක්කු වුනොත්?
"මට යන්න බෑ... මට මේ ගැන හොඳක් දැනෙන්නේ නෑ.... අප්පච්චි මට ආයේ එන්න නොදුන්නොත්?? එයා මාව දුර ඈතකට යැව්වොත්?? අනේ... මාව තියාගන්නකෝ..."
ඇන්ඩර්සන් මොකුත්ම කිව්වේ නෑ...
මගේ මූන පුරා තැනින් තැන ලැගුම් ගත්ත දෙතොල් මගේ තොල් උඩට පල්ලම් බැස්සා...
"ම්ම්හ්..."
ඔහු සිපගත්තේ සෙමින්... ඒත් තදින්... ඒ හාදු මට රිද්දුවා... ඒ තියුනු දත්වලට තොල් තදවෙන වේදනාව පපුව ඇතුලෙන් දැනුනේ ඇයි කියන්න මම දන්නේ නෑ... මට රිදෙනවා... හුඟා~ක්... ඒත් මගේ හිත තව තවත් ඒ වේදනාකාරී හාදුව ඉල්ලුවා...
"ආතර්ව්..."
ඔහු මගේ නම මිමිනුවා... රහසක් කොඳුරනවා වගේ...
ඒ ඇඟිලි ආයෙත් මගේ ඇස් මත නැවතුනා...
"මට සමාවෙන්න..."
"ඇයි? ඇයි හැමතිස්සෙම සමාවගන්නේ?? ඔයා මගෙන් මොනවද හංගන්නේ??"
"ඔයාට හුඟාක් රිදෙන්න ඇති..."
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..