මම මගේ තොල් දිවෙන් තෙත් කලා...
ආ~හ්...
වේදනයි... දිවට ලේ රස දැනෙද්දි මගේ ඔලුවේ මැවුනේ ඇන්ඩර්සන්ගේ දෙතොල්... ඒවා හරිම සිනිදුයි... මත්පැන් රසත් එක්ක මිශ්‍රවුනු ස්ට්‍රෝබෙරි රස තාමත් මගේ දිවට දැනෙනවා දැනෙනවා වගේ... මගේ ඔලුවේ එකපෙළට ඇදුනු රූපරාමු නිසා මගේ මුවඟට හිනාවක් ආවේ ඉබේමයි... ඒත් එක්කම අප්පච්චිව මතක්වුනු නිසා මගේ හිනාව අතුරුදන් වුනා...
'ඇන්ඩර්සන්... ඔයාට තිබුනා මේ ලෝකේ වෙන ඕනම කෙනෙකුට ආදරේ කරන්න... ඒත් ඇයි අප්පච්චිම??'
මගේ හිතට මොකක්දෝ නොතේරෙන හැඟීමක් දැනුනා... දුකක්ද?? නෑ... දුකටත් වඩා ඊර්ෂ්‍යාවක්... මොකද එයාගේ දෙතොල් ස්පර්ශ කලේ මාව වුනත් එයා සිපගත්තේ මාව නෙමෙයි කියලා මගේ හදවත දන්න නිසා...
කවදාවත් ඔහුව සදහටම මගේ කරගන්න මට අදහසක් තිබුනේ නෑ... ඒත් ලංවෙන මොහොතේත් එයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනෙද්දි වේදනයි...
ඒත් අප්පච්චි මෙහේ නැහැනේ... ඔයා මගේ... මගේ විතරයි...
පොඩ්ඩක් ඉන්න... මේකත් හීනයක් නෙමෙයි නේද??
මේ දවස්වල සිද්ධ වෙන දේවල් එක්ක මට මාවම විශ්වාස නෑ... මෙහේට ආපු දවසේ ඉදන් මගේ මොලේ පිස්සුමයි කෙලින්නේ... මේ ඔක්කොම උනේ ඇන්ඩර්සන්ව තේරුම්ගන්න ගිහින්... පොර ශිවන්‍යා වගේ වෙස් මාරු කරද්දි මොලේට සමනල ගැටේ වැටෙන එක අහන්නත් දෙයක්ද... හි... හී... සමනල ගැටේ නම් කලින්ම වැටිලා තිබ්බේ... මෙහේට ආවම ගැටේ තදවුනා...
හීනයක්ද නැද්ද කියලා කන්ෆ'ම් කරගන්න නම් එකම එක විදිහයි තියෙන්නේ...
මම කාමරෙන් එලියට එද්දි ඇන්ඩර්සන් පඩිපෙල පහල මට පිටුපාලා හිටගෙන හිටියා... මේක තමයි වෙලාව පුතේ... ඔය තියෙන්නේ පොල් පැලේ දිලිසි දිලිසි... පැන්න ගමන් කන්න තමා තියෙන්නෙ...
පඩියක් ඇර පඩියක් පහලට පැනපු මම අන්තිම පඩියේ ඉදන් ඇන්ඩර්සන්ගේ ටී ෂර්ට එකේ එල්ලුනේ මගේ බරට ටී ෂර්ට් එක ඉරෙද්දි... බාල රෙදිද කොහෙද??
ඔය තියෙන්නේ බඩු... මගේ කැඩුනු නියපොතුවලට හීරුණු පාරවල් ඔහුගේ පිටේ තියෙද්දි මට සතුටත් එක්කම පොඩි ලැජ්ජාවකුත් දැනුනා... පවු රිදෙන්න ඇති... මම සාමාන්‍යෙන් නියපොතු කපන ඩයල් එකක් නෙමෙයි... කපන්න නියපොතු ඉතුරු වෙන්නෙ නෑ... හැපෙනවනේ... ඒ නිසා මගේ නියපොතු කියත් තල වගේ... ඇන්ඩර්සන් එවෙලේ හරි සිහියෙන් හිටියනම් පොරට සුලුදිය පහවෙනවා ෂුවර්...
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..