22 කොටස

107 20 5
                                    

තේමිය, ඇන්ඩර්සන් හා දේව් හිටියේ තේමියගේ බේස්මන්ට් එකේ... පොලීසිය එක අතකින් විමර්ශන කරගෙන ගියත් ඒවායේ කිසිම වර්ධනයක් පෙනෙන්න නැහැ... ඔවුන්ට අවශ්‍ය ඉක්මනින් මෙම සිදුවීම් දාමය යටගැසීමට මිසක් නිවැරදි අපරාධකරුවන් අල්ලා ගැනීමට නොවෙයි...

"අපිට මුලින්ම හමුවුනු බොඩි එක බ්ලැක් බර්ඩ් කෙනෙක්ගේ... එයාගේ අයිඩෙන්ටිටි එක කන්ෆර්ම්... අපි පවුලේ අයගේ ඩී එන් ඒ සාම්පල්ස් අරන් කම්පයා කරලා බැලුවා... ඒ ඉන්නේ මිස්ටර් ගනේමුල්ල... මෙයා..."

තේමිය, පරණ ෆොටෝ එකේ සිටි දහතුන්දෙනාගෙන් වම් කෙලවරේ සිට තුන්වෙනියට සිටි තැනැත්තා මත තම දඹරගිල්ල තබා පෙන්වුවා...

"එයාගේ මරණේ කරලා තියෙන්නේ ගෝස්ට්ම තමයි... (හෙවනැල්ලක්වත් නොමැති යන අර්ථය ඇතිව, තවමත් අනන්‍යතාවය අපැහැදිලි දාම ඝාතකයා සඳහා පොලීසිය විසින් ලබා දී ඇති කෝඩ් නේම් එක 'ගෝස්ට්') සතුන්ගේ හපා කෑම්වලට ලක් නොවුනු තැන්වල තියෙන බ්ලේඩ් මාක්ස් වගේම අත්වල මැණික්කටු මත තියෙන සළකණු වලිනුත් ඒක පැහැදිලියි... ඒත් පොළොව යටින් හමුවුනු බොඩි එක, ඒක ගෝස්ට්ගේ රටාව නෙමෙයි... ඇරත් එයා බ්ලැක් බර්ඩ් කෙනෙකුත් නෙමෙයි... ඒ කෙනාගේ අනන්‍යතාවය අනුව එයා සාමාන්‍ය කුලී සේවකයෙක්... ඒ වගේම ඔහුගේ මරණය සිද්දවෙලා තියෙන්නෙ හුස්ම හිරවීමක් නිසා... පෙනහළු ඇතුලේ තිබිලා වතුර හොයාගත්තා... ඒත් ඒක දියේ ගිලීමක් නිසා සිදුවුනු දෙයක් නෙමෙයි... කවුරුහරි ඒ කෙනාගේ මූන ඔහු මැරෙන කම් වතුරේ ඔබාගෙන ඉදලා තියෙනවා... බෙල්ල පිටුපස අස්ථි බිදීමක් දකින්න පුලුවන්... මරණය පෙනෙද්දි ඔහු දගලන්න ඇති...

ඒ වගේම ගනේමුල්ලගේ බොඩි එක තියලා තියෙන්න ඇත්තේ හරියටම මේ කෙනාගේ බොඩි එක වලලපු තැනට උඩින්... සත්තු ඇදගෙන ආපු නිසා තමයි බොඩි එක අපට ඊට ටිකක් එහායින් හමුවුනේ..."

"මට නම් හිතෙන්නේ ගෝස්ට් අපිට මොනවහරි කියන්න හදනවා කියලා... අනික් මරණය ගෝස්ට් නොකලත් ඒකත් මේවට සම්බන්ධයි... තේමිය අයියා එවපු ෆොටෝ එකේ තිබුනු ටැටූ එක අපි රී ජෙනරේට් කරා... මෙන්න..."

දේව් මැරුණු පුද්ගලයෙකුගේ අතක ෆොටෝ එකක් එක්කම සුදු කඩදාසියක් මේසය මතින් තිවුවා... ඒ සුදු කඩදාසියේ තිබුනේ කලු පැහැ චිත්‍රයක්... ඒ සමනලයෙක්ද??

CecropisWhere stories live. Discover now