මොරසූරන වැස්ස... වහලේ වැදිලා බිඳෙන වැහි බිංදු කහට පාට පිටු මත රටා මැව්වා... කහට පාට පිටුවේ තැනින් තැන තද කෝපි පාටට හැරිලා...
ප්ලොප්... ප්ලොප්... ප්ලොප්...
පීල්ලේ රැඳුනු කෝටුකෑල්ල දිගේ හිමි හිමීට බේරෙන මඟ වැරදුනු වැහි බිංදු පොකුණේ ඉහල ජල ස්තරය සිපගන්න හැටි මම බලන් හිටියා... වැටෙන වැහි බිංදුවක් ගානෙම පොකුණ පුරා රැලි දුවනවා... එක බිඳුවකින් හැඳෙන රැල්ලක් අනික් බිඳුවකින් හැඳෙන රැල්ලක ගැටිලා රටා වෙනස් කරගන්නා හැටි හරි අපූරුයි...
දොරකඩ මුල වාඩිවෙලා පීල්ලෙන් වැටෙන, කොළ දිගේ බේරෙන, හුලඟට ගහගෙන එන වැහි බිංදුවලට සිද්දවෙන නොයෙක් නොයෙක් විපර්යාස දිහා බලන් හිටපු මට අතින් ඇන ඇන කියාදෙද්දි අහන් නොයිදි සමීකරණ ගොන්නක්ම ඔලුවේ ඇදෙන්න ගත්තා...
බිඳිලා එන හිරිපොදෙන් බේරෙන්න මගේ කකුල් අස්සට රිංගපු වල් නරියා උණුහුම හොය හොයා තව තවත් ගුලිවෙන හැටි දැනෙද්දි මම හිමි හිමීට උගේ ඔලුව දිගේ අත අරගෙන ගියා...
ම්හ්~~~~~~~ම්
මම ලොකූ හුස්මකින් පෙනහළු පුරවගත්තා... වැස්සට පොළොව තෙමුනම පොළොවෙන් එන මේ සුවඳට මන් හරි ආසයි... හරිම නැවුම්... මේ වගේ වෙලාවට මගේ ඇඟිලි දෙක අතර රැඳෙන, රැඳිය නොයුතු දේ නැතිව ඇඟිලි වෙවුලද්දි මම අත මිටි මොලොවගත්තා... කොච්චර උත්සාහ කලත් පුරුද්ද කියන දේ නැති කරගන්න අමාරුයි...
මගේ බඳ වටේ එතුනු අත් මාව පුරුඳු සුවඳකට ඇඳගත්තේ නරි පැටියා වැහි පොඳට නිරාවරණය වෙද්දි... ඌ නැගිටලා ඇවිත් තරහටමදෝ අපි ලඟ හිටගෙන වතුර ගැසුවා...
මගේ ඇඟිලි තුඩු සීතලට රැලි වැටිලා... මගේ අතක රැඳිලා තිබුනු පොත වහලා පැත්තකින් තියපු ඇන්ඩර්සන් ඒ අත මත කෝපි කෝප්පයක් තියාලා මගේ අනික් අතත් අරගෙන කෝප්පය මත තද කලා...
"උණුවෙන් බොන්න..."
මම කෝපි කෝප්පය නහයට ලන් කරලා හොඳ~ හුස්මක් ඉහලට ඇද්දා... වැස්සේ සුවඳට ගැලපෙන්නේ කෝපි සුවඳ තමයි... මම පිඹලා පිඹලා කෝපි උගුරක් කටට ගත්තා... රසයි...
"කෝ ඔයාට??"
ඇන්ඩර්සන් හිනාවුනා විතරයි...
මම ලොකූ~~ කෝපි උගුරක් කටට අරගෙන ඉතිරි බාගේ ඇන්ඩර්සන්ට දික් කරත් මගේ අත පැත්තකට කරපු ඇන්ඩර්සන් මම හිතන්නත් කලින් මගේ තොල් හපාගෙන කම්මුල් මිරිකුවා... වුන දෙයක් හිතාගන්න බැරුව පුදුමයෙන් ලොකුවුනු මගේ ඇස් දිහා බලාගෙන කෝපි උඟුර ගිලපු ඇන්ඩර්සන් මගේ කට කොනින් බේරුනු කෝපි බිංදුවත් බිම වැටෙන්න නොදී ඔහුගේ මුව තුලට ගත්තේ මම උන් තැනම ගල් වෙද්දි...
YOU ARE READING
Cecropis
Mystère / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..