24 කොටස

116 18 15
                                    

සමහරුන්ට පුලුවන් හරි ලස්සන ලෝක මවන්න... මේ කෙටි කාලය ඇතුලත මන් ස්පේස්සූට් එකක් නැතුවම ලෝක ගොඩක් ඇතුලේ සැරිසැරුවා... සමහර ලෝකවලින් එළියට එන්න නොහිතෙන තරම් ඒවා හරිම ලස්සනයි... තවත් සමහර ලෝක තියෙනවා ඒවායේ ගතකරපු කාලය අමතක කරන්න බැරි තරම් ආදරනීය වුනත් ආයේ යන්න නොහිතෙන තරම් වේදනාකාරීවුනු...

ඇන්ඩර්සන් මේ තරම් පොත්වලට ඇබ්බැහි වෙන්නේ ඇයි කියලා මට දැනුයි තේරෙන්නේ... 'කතෲ' කියන නමෙන් හැංගිලා ඉන්න එක එක විදිහේ දෙවිවරු මවන ලෝක පෘතුවිය තරම්ම ලස්සනයි... සමහර විට ඊටත් වඩා...

ඇයි මන් මේ රහ අදුනගන්න මෙතරම් කාලයක් ගත්තේ... මේ ලෝකෙන් පැනලා යන්න මන් රහ බලපු හැම දේටම වඩා මේ දේ දැන් ඇබ්බැහියක් වෙලා... කොටින්ම කිව්වොත් පොත්වලින් එන සුවඳටත් මන් දැන් ආදරේ කරන්න අරන්... අලුත් පොත්වලින් එන සුවඳ හරියට ගිනිගහන අව්වට වේළුණු පොළොවට වැස්සක් කඩන් හැළුනම දූවිලි දුමාරයත් එක්ක පොළොවෙන් හමන සුවඳ වගේ...

මන් මගේ අලුත් ලෝකෙන් මිදිලා ටිකක් එළියට ආවේ කකුල් වලට දැනුනු කිතිය නිසා... රතු පාටට හුරු බඳේ බතික් සරමක වගේ නුහුරට ඇඳිච්ච කළු ඉරි තියෙන බුලත් හපයෙක් ඇවිත් කෝළ කමට එති එතී මගේ කකුළට කොටද්දි මන් ඒ දිහා බලන් උන්නා... බන්දුල පෙතියත් බැලූ බැල්මට මේ වගේම වුනත් හොඳට දන්න එකෙක්ට උන්ගේ වෙනස අඳුනගන්න බැරි නෑ... පතුලේ අලවපු පාසිවලට අව්ව වැටිලා දිළිසෙන කොළ පාට පැහැදිලිව පේන තරම් වතුර පිරිසිදුයි... ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂ වලින් තුනෙන් එකක් විතරම මේ පොකුණේ... දිගටි සිරුරේ දිලිසෙන නිල් පාටින් පුල්ලි තියෙන එකා පතිරණ සාලයා... රතු පාට චෙරි ගෙඩියක් වගේ එකා ලේ තිත්තයා... උගේ බඩ නම් පිපිරෙන්න ඉදිමිලා... ඌ නම් බඩිල්ලියක්ද කොහෙද... මුන් ප්‍රජජනනය කරනවා කියලා අනන්තවත් කිව්වට ඇහුවේ නෑ... කොහෙද අපිට තාම රැවුල නෑනේ... නෑ කිව්වට නැත්තෙමත් නෑ... අකලට පොල් හිටවන්න වගේ තැනින් තැන ගස් දහය දොලහ වැවෙන්නේ... ඒ නිසා ක්ලීන් ෂේව් කරා... නැත්නම් කාවෝ කාලා වගේ... දැන් ඉතින් මුන් පැටව් ගහල පැටව් ගහල ඉන්න ඉඩ නැති වුනාම 'ආතර්ව් තව පොකුණක් වැඩි නෑනේද' කියලා කිව්වම හාරපංකෝ තව වලක්... මට කොහොමත් දැනටම තේරිලා තියෙන්නේ ඇන්ඩර්සන්ට කැණීම් කටයුතු කරන්න පුදූ~~ම උණක් තියෙන්නේ කියලා...

CecropisWhere stories live. Discover now