සමහර ජීවිත කතා තියනවා කිසිම සතුටක් නොලබම මැරිලා යන්න උන... ඒ වගේම තවත් සමහරක් ඒවයේ තිබ්බෙම සතුට විතරයි... හැබැයි බහුතරයක්ගේ ජීවිත කතා වල අඩු වැඩි වශයෙන් ඔය දෙකම තිබ්බා හරියට මගේ වගේ...
යුගාන් රවිශ් ද අල්විස්.... හැමෝම දන්න අම්මා අප්පෙක් නැති රන් කද.... ඔව් අම්මි වත් ඩැඩා වත් නැති උනාට මට සල්ලි වලින් නම් කවදාවත් අඩුවක් වෙන්නේ නෑ.... මොකද එයාලා තාම ජීවතුන් අතර නිසා... ඔයලා හිතුවේ මොකක්ද? මැරිලා කියලද... අනේ නෑ එයාලා තාම පණපිටින් එයාලගේ ලෝක වල ජීවත් වෙනවා... සමහර විට දෙන්නම ආයේ බැදලා ඇති.... එයාලට ඩිවෝර්ස් වෙන්න ඕන කියන කොට යන්තන් මට අවුරුදු 7 පිරෙන්න ඇති... ඒ කියලත් මම මොනාද දන්නේ.... අම්මිගෙයි ඩැඩීගෙයි ඩිවෝර්ස් එකෙන් පස්සේ පුංචිට ඕනා උනේ නෑ මාව තවත් එයාලා එක්ක තියන්න ඒ නිසාම පුංචි මාව එයාගෙ දරුවෙක් විදිහට හදා ගන්න ගත්තේ එයාගේ තරුණ කාලෙම කැප කරලා...
"සුදු පුතා! නැගිටින්න දරුවෝ. ඔය එලාම් එක කී පරක් නම් වැදුනද... හැබැයි පුතේ මම ඔතනට ආවොත් ගහනවා උබට පුප පැලෙන්න පාරක්."
ආහ් අනේ නිදි මතයි අයියෝ... මොකට ප්රිෆෙක්ට් ඉල්ලුවද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි...
මම කම්මැලි කමෙන් ඇදෙන් නැගිටලා තුවායත් අරන් බාතෲම් එකට රින්ගුවේ චූටි අම්මා මෙතනට ආවොත් කාලි අම්මා වැහිලා වගේ නටන්න ගන්න නිසා... ඌෆ් හිරිගඩුත් පිපෙනවා...
උදේ පාන්දර සීතල වතුර ඇගෙට වැටෙනකොට දැනෙන ඒ ෆීලින් එකට මම පට්ට ආසයි ඒක මට විස්තර කරන්න තේරෙන්නෙම නැති තරම්...පැය බාගයක් විතර වොශෲම් එක ඇතුලේ ඉදලා තව පැය කාලක් ඇතුලත මම ඩයිනින්ග් රූම් එකේ හිටියේ, නැති උනොත් අපේ චූටිඅම්මා කොස්ස අරන් එනවා කියලා දන්න නිසාමයි... පුදූ...ම වදයක් අප්පා මට ඉස්කෝලේ යන දවසට මෙයා දෙන්නේ....
මම බෑග් එකත් අරන් පහලට ගියා නෙමේ ඉගිල්ලුනා මොකද අපේ චූටි අම්මාහේ දෙවනි කුංචනාදෙත් ඇහුන නිසාමයි... අනේ මාව හොස්පිට්ල් ගිහින් දාන්න අයියෝ.
"චූටි පුතා... ආ කෑම එක."
ඇත්තටම මගේ හිතේ චූටි පුංචි ගැන තියෙන්නේ එසේ මෙසේ ආදරයක් නෙමේ. මේ අවුරුදු දොලහටම එයාට තිබ්බා කසාදයක් කර ගෙන හරි ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. වෙලාවකට හිතෙනෝ එයා මාව හදා ගත්තෙත් කසාදේ කියන මාතෘකාවෙන් ඈත් වෙන්නමදෝ කියලා..."අර දරුවා එක්ක ආයේ රණ්ඩු වෙනෝ එහෙම නෙමෙයි චූටි පුතා... බලන්නකෝ ඔය අතත් එල්ලන් කොහොමද වැඩ කරන්නේ කියලා... අයේ රණ්ඩු වෙලා ඇවිත් මේ ගෙදරට අඩිය නම් තියන් හිතන්න එපා. ගහලා පන්නන්නේ."
"අනේ හරි හොද එකාටනේ ඔය දරුවා දරුවා ගාන්නේ. තාත්තගේ ඇමති පට්ටම නිසානේ උගේ ඔය රැගිල්ල. මට වඩා අවුරුද්දක්ම බාලයි. අගල් දෙක තුනක් මිටීදත් කොහෙද හැබැයි කට නම් තියෙනෝ දෙව්න්දර ඉදලා පේදුරුවටම වෙනකන්.."
"ඔව් ඔව් ඔය කියන එකාගෙත් රැස් බලන්න ඕනා ඉස්කෝලෙට ගිහිල්ලම. ආයේ විහාස් පුතා නැත්තන් මේකා යන්නේ අඩි දහයක් උඩින්."
ඒව් ඒව්. මම එහෙම නෑ... අනික විහාස්ව ඇයි මෙතනට අදාල උනේ.
"කොල්ලව රතු වෙලාදත් මන්දා... කෝ බලන්න මූණ. විහාස් පුතා නිසානේ මේ ඔක්කොම."
"චූටි පුංචී!!!."
මම එන්න ආව අනේ... එයත් එක්ක බෑ කරන්න...
විහාස් සදෙව්. 12 වසරේ මැත්ස් ක්ලාස් එකේ කොල්ලා ඉන්නේ... උට තියෙන්නේ හැමෝම වාශී කර ගන්න පුලුවන් තද දුඹුරු ඇස්... ඒක වශී කර ගන්නවට වඩා එක පාරක් දැක්කත් හිත ගැස්සෙන ඇස් දෙකක් කිව්වොත් මන් හරි. සුදු බෝලේ වගේ හුරතල් කොල්ලෙක් තමා විහාස් කියන්නේ... ටිකක් ෆෙම් ටයිප්. මන් කියන්නේ නෑ සම්පූර්ණයෙන්ම එහෙමයි කියලා. මිටි නෑ.. නැතුවමත් නෙමේ මට වඩා මිටි.. ඇමති පුත්රයටත් වඩා මිටී... හැබැයි සාපෙක්ෂව උසයි... මොකද මමත් 6.5ක් වගේනේ. දැන් මොකටද මෙතනට ඇමති පුත්රයෙක් ඇදිලා ආවෙ. අනේ මන්දා මටත් පිස්සුද කියලා.
මම ඔලුවත් දෙපැත්තට ගසලා. ඉස්කෝලේ ගේට් එක ඉස්සරහා නතර උනේ දන්නෙම නැතුව ඉස්කෝලෙටත් ඇවිත් නේද කියලා කල්පනා කරන ගමන්.
"යුගාන් අයියා!!"
........................................................................
අලුත් ඕතරියෙක් ලමායි... මගේ පලවෙනි කතාව. කියවලා බලන්නකෝ හොදද කියලා... හී 🙂
විහස්ගේ දුඹුරු ඇස්
........................................................................
ආදරෙයි හැමෝටම ❤️
By:M_P_Asu
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න