"යස් පොඩ්ඩක් මං කියන දේ අහන්නකෝ..."
"මට මුකුත් අහන්න ඕන නෑ අයියේ. ගිහින් අර කෙල්ලත් එක්කම හිටපන්..."
අල්ලගෙන ඉන්න අතත් අයින් කරලා යසිරු එන්න ආවේ පයින්න හදන කදුලුත් හන්ගගෙන...
" ඕයි යසියා... මොකද ඔය... මොකක් හරි අවුලක්ද? "
" ආහ් උබ නේත්‍රව එක්කන් යන්නද ආවේ?
එහෙම අවුලක් නෑ බන්... මේ යන ගමන් මාවත් මගින් හලන් පලයන්කෝ..."ගේට් එක ගාව හිටපු යුගාන්ව දැකලා යසිරු කිව්වේ තිවේන් ආයේ කොහෙන් හරි මතු වෙන්න කලින් යුගාන්ගේ කාර් එක ඇතුලට රිංග ගන්න ගමන්...
.........................................................
" අඩෝ යුගානයා!! කලෙකින්..." තිවේන් යුගාන්ගේ පිටට පාරක් ගහන ගමන් කිව්වේ යුගානුත් අනික් පැත්තට තිවේන්ට ෆිට් පන්ච් එකක් දෙද්දි...
" ඔය ඔලුව කරකෝ කරකෝ හොයන්නේ අපේ යසියව නම් ආන් ඌ, ඌවත් මගින් හලන් යන්න කියලා කාර් එකට නැග්ගා"
ඔලුව කරකෝ කරකෝ කාවද මන්දා හොයන තිවේන්ට යුගාන් කිව්වේ කින්නිඩියට හිනා වෙන ගමන්...
" ඔහොම හිනා වෙන එක හරි නෑ... විපතක් බන් වෙලා තියෙන්නේ... "
"ඒක තමයි එහෙනම් අර යකා කඩාගෙන බිදගෙන ආවේ... දැන් මොකද උනේ... මල් මල් ගවුමක් සම්බන්දයිද? "
යුගාන් මුල් ටික සීරියස් විදිහට ඇහුවට අන්තිම ටික ඇහුවේ නෝන්ඩියටද මන්දා...
" මේකයි මල්ලී අද 12, 13 උන්ට seminar එකක්නේ... අපේ අල්ලපු වැටේ ඉන්න උබලයි, අර බාලිකාවටයි, තව ඉස්කෝල කීපෙකටම ඉන්වයිට් කලා.... සයන්ස් එකේ උන් විතරනේ බන් ඉතින්...
උබට මතකද දන්නේ නෑ අර අල්ලපු වැටේ බාලිකාවේ සදුනි බන්..."
" මට අමතක වෙන්නේ කොහොමද... අපේකාත් කාලයක් ඒකී පස්සෙන් ගිහින් දඩාර බූටක් කාලනේ ආවේ... ඉතිං ඉතිං.."
යුගාන් සදුනි පිලිබද පොඩි මත්කාවර්ජනයක් කරලා ආයේ තිවේන්ගේ කතාවාට ඇහුම්කම් දුන්නා.
" ඒකී බං සෙමිනා එක ඉවර උන ගමන් ආවනේ තිවේන් අයියේ කියලා ඇගේ එල්ලීගෙන... උබලෑ එකත් ගානට තිතට ඒ වෙලාවටම එතනට පත්බෑවුන එක තමයි අවුල... "
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න