21 කොටස

1.8K 126 24
                                    

නේත්‍රලා හිටියේ නගරෙන් ටිකක් එහාට වෙන්න ඇතුල් පාරක තිබ්බ පොඩි හොටෙල් එහෙක.... ඒකේ ඇතුලට ගිය ගමන්ම විහාස්ට එ තැන හිතට අල්ලද්දී නේත්‍ර උනත් හිටියේ ඒ ගැන සතුටින්... එතැන හෙන calm vibe එකට හදලා තියෙනවා වගේම ඒකේ ඇතුල ivory look එකට හදලා තිබ්බේ... ටිකක් old vibe ත් වගේ...

ඇතුලට ගිය නේත්‍ර, එයා වෙන් කරලා තිබ්බ මේසේ පුටුවකින් විහාස්ව වාඩි කරවලා ඊට ඉස්සරහින් නේත්‍රත් වාඩි උනේ ඒ වෙලාවෙම වගේ එතන සේවකයෙක් කියලා කියන්න පුලුවන් කෙනෙක් ඇවිත් menu එක දීලා එතනින් යන්න යද්දී...

.........................................................................

යුගාන් හිටියේ ලන්ඩන් වල ප්‍රසිද්ද Cafe එකක් වෙන Café Kitsuné එක ඇතුලේ තිබ්බ ටේබල් එහෙක වාඩි වෙලා....

මහා පාන්දර නේත්‍රගෙන් ආපු කෝල් එකක ප්‍රතිඵලයක් විදිහට තමා අද එයාට මෙතනට එන්න උනේ...

බෙල්ග්‍රේවියා වල තියෙන පැන්යෙක්නිකන් ගොඩ නැගිල්ලේ බිම් මහලේ තමා මේ Café Kitsuné තියෙන්නේ... ජපන් ප්‍රංශ සෞන්දර්යයේ සම්මිශ්‍රනේකට තමා මේ Café Kitsuné ඉදි කරලා තියෙන්නේ... cafe එක ඇතුලේ හරිත හා ස්වාභාවික ආලෝකය වගේම පුදුම විදිහේ සන්සුන් බවක් තියෙන්නේ....

යුගාන් මේ කැෆේ එක තෝර ගන්න හේතුව උනෙත් ඒකමයි...

ලංකාවෙන් පිට හිටපු මාස ගාන ඇතුලත එයාගේ පුරුදු ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා... කාටත් වඩා නිහඩ පරිසරයට ඇලුම් කරන්නත්... හුගක් වෙලාවට තනියම ඉන්න... සින්දුවක් දෙකක් මුමුන මුමුන wine ටිකක් තොල ගාන්න... කැම්පස් එක ඇතුලේ මහන්සි වෙලා මහන්සිවෙලා ආවහම තමන්ට විවේකයක් විදිහට ඇවිදින්න යන්න... තනියම dates වලට යන්න.... හැබැයි ඔය කියන දේවල් ඇතුලේ හුගක් වෙලාවට නේත්‍ර, විහාස් දෙන්නත් හිටියා... හරිම කලාතුරකින් තමා දෙන්නම නැති වෙන්නේ... විහාස් නැත්තන් නේත්‍ර, නේත්‍ර නැත්තන් විහාස් හැම වෙලාවකම වගේ යුගාන් එක්ක හිටියා....

නේත්‍ර, විහාස් දෙන්නා කවදාවත් යුගාන්ට එයා තනියි කියලා දැනෙන්න දුන්නේ නෑ... ඇත්තටම ඒ කොල්ලෝ දෙන්නා නැත්තන් ඒ රට ඇතුලේ යුගාන් හිටියේ තනි වෙලා...
අම්මලා එක්ක ඉන්න බැරි නිසා වෙනම ඇනෙක්ස් එකක් අරන් ඒකේ ජීවත් වෙනකොට, තනියම උයන් පියන් කනකොට යුගාන්ට ඒ තනිකම ඕනාවටත් වඩා දැනුනා... හැබැයි ඒක අරුන් දෙන්නගේ එක කෝල් එහෙකට නැති කරන්න පුලුවන් උනා... එවන එක මැසේජ් එහෙකට ඒ දැනුන පීඩනය මගහරින්න පුලුවන් උනා....

අපි අපේWhere stories live. Discover now