"සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමෝ මං ඉතාලියේ තනි උනා""මේ ඉතාලිය නෙමේ චූටී... ලංකාව... මොකක්ද?? ලංකාව..."
විහාස් හිටියේ පස්සත් වන වන මන් ඉතාලියේ තනි උනා සින්දුව කිය කිය.. සින්දුව මැද්දෙදි කොහෙන්දෝ ආපු නේත්ර විහාස්ට එයා ඉන්නේ ලංකාවේ කියල කියද්දී විහාස් කලේ නේත්රට ඇද කරලා ආයේ එයාගේ සින්දුව පටන් ගත්තු එක...
"පාදොවා මෙත් විලේ සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේබ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා"විහාස්, එයාලගේ ගෙදර තිබිච්ච නේත්රට යුගාන්ගෙන් හම්බුන වීදුරු වලින් හදපු පීසා කුලුණ අරන් මන් පුදුම උනා කෑල්ල කියද්දී, නේත්ර විහාස් දිහා බලන් හිටියේ මේ මොන පිස්සෙක්ද කියලා වගේ...
.................................................................
නේත්ර හිටියේ විහාස්ලගේ ගාඩ්න් එකේ වෙද්දී, එයා මේ වෙලාවේ ඉන්නේ වෙනමම කල්පනාවක...
බර හුස්මක් පාත දාලා වාඩිවෙලා හිටපු බෙන්ච් එකේ ඇන්දට ඔලුව තිබ්බ නේත්ර දැක්කේ එයා දිහා අත් දෙක බැදන් බලන් ඉන්න විහාස්ව...
"පාලුයි නේ..." විහාස් ඇහුවේ නේත්ර ගාවින් වාඩි වෙන ගමන්...
"ඔයා දන්නවද අයියේ, අපි ඔයාව මුලින්ම දැක්කේ මීට අවුරුදු හතරකට කලින්... එතකොට අපි අවුරුදු දාහතරක පහළවක පොඩි එවුන් තමා... ඒ කාලෙදිත් ලොකුයි මායි අතර හුගක් විශේෂ බොන්ඩ් එකක් තිබ්බේ... ඒක යාලුකමට, සහෝදර කමට එහා හියපු ආදරේට මෙහා තිබ්බ එකක්...අපිට ඔයාව දැක්ක ගමන් කැමැත්තක් ඇති උනේ නෑ. මොකද අපි ඔයාව දැක්කේ ඔයාගේ බෝයි එක්ක නිසා... එදයින් හරියටම අවුරුද්දකට පස්සේ ආයේ ඔයාව දැක්කේ වොලිබෝල් කෝට් එක ළගදී... එදා ඉදලා හැමදවසකම වගේ අපි ඔයාව දැක්කා... ටිකෙන් ටික ටිකෙන් ටික තමා අපි ඔයාට බැදෙන්න ගත්තේ... මට මුලින්ම ටිකක් ඉරිසියත් හිතුනා ඔයා ගැන... ඇයි අනේ ඒ කාලේ ලොකූගේ අවදානේ තිබ්බේ ඔයා ලගමනේ හුම්ම්...."
