16 කොටස

519 42 36
                                    

කෝපි පාට හැන්දෑවක, අඩ අදුරේ හීනියට වැටෙන පොද වැස්සත් සමග ඇහෙන ඒ සරාගී කෙදිරිල්ලි හඩවල් වලට නිමාවක් නැති තරම්... 

................................................................................................

~පැය 5කට කලින්~

"නෙත්, උබට මාව විශ්වාසයි නේද?"

"ඔව්! මටත් වඩා" කලු පාට රෙදි පටියක් අතේ තියන් ඉන්න යුගාන්ගේ ප්‍රශ්නෙට නේත්‍ර උත්තර දුන්නේ ස්ථිර ස්වරයෙන්... ඔව් ඇත්තටම නේත්‍ර එයාව විශ්වාස කරනවටත් වඩා සිය දහස් ගුණයකින් යුගාන්ව විශ්වාස කරනවා...

නේත්‍රගේ උත්තරයෙන් සෑහීමකට පත් වුනු යුගාන් එයාගේ අතේ තියෙන කලු රෙදි පටියෙන් නේත්‍රගේ ඇස් දෙක බැන්දේ නේත්‍රට වෙන්නේ මොකක්ද කියලාවත් හිතා ගන්න බැරි වෙද්දි... ඒ අතර අපේ පොඩි හාදයා නේත්‍රට හොරෙන් හීන් සීරුවට එතනින් ලිස්සලා ගියේ යසිරුවා ඉන්න තැනට වෙද්දි... යසිරු හිටියේ එක වැඩේ දෙක තුන කරගෙන... 

අහසින් කඩා පාත් උනා වගේ විහාස් එතනට ආවත් හරි යසිරුවා විහාස්ගෙන් පාරවල් දෙක තුනක්ම කාලා පැයක් තිස්සේ කර කර හිටපු වැඩේ විනාඩි පහෙන් ඉවර කර ගන්න පුලුවන් උනා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද... බොරු නෙමේ අනේ එහෙම උනා...

කොහොම හරි... නේත්‍රගේ ඇස් බැදපු යුගාන් එයාව හරි පරිස්සමට ගේ ඇතුලට එක්කන් ගිහින් සාලේ මැදින් නතර උනේ නේත්‍රට දෙයක් කියන්නත් අමතක නොකර...

"නෙත්... ඔයාට බීප් සද්දයක් ඇහුන ගමන් ඔයාගේ ඇස් බැදලා තියෙන රෙදි කෑල්ල ගලවන්න... හරිද"

විනාඩියකට දෙකකට පස්සේ යුගාන් කියපු බීප් සද්දේ ඇහෙනවත් එක්කම නේත්‍ර එයාගේ ඇස් බැදලා තිබ්බ කලු පාට පටිය අයින් කරලා හිමීට ඇස් ඇරියත් එයාට පෙව්නේ වටේම තියෙන කලුවර විතරයි....













අපි අපේWhere stories live. Discover now