" ඔයා කාලද ඉන්නේ අයියේ."
............................................................................
"නෑ පොඩ්ඩෝ, තාම කන්න උනේ නෑ."
යුගාන්ගේන් හම්බුන උත්තරෙත් එක්කම විහාස් හුස්මක් හෙලුවේ මන් හිතුවා කියන බැල්මක් යුගාන්ට දෙද්දී.
"මන් කොච්චර කියලා තියෙනවද අයියේ නොකා නොබී ඉන්න එපා කියලා. ලෙඩාට සනීප වෙනවා කෙසේ වෙතත් ඔයා නම් අසනීප වෙයි වගේ."
කුටු කුටු ගගා යුගාන්ට බයින ගමන් ගෙනාපු කෑම එකත් ඒ තිබ්බ මේසෙකින් තියලා අත හෝදන් ආපු විහාස් බත් එක දිග ඇරලා අනපු පළවෙනි කටම යුගාන්ට දික් කලේ මරණීය බැල්මක් දෙන්නත් අමතක නොකරමයි.
අනික් පැත්තෙන් යුගාන්ට මේකත් මහ මෙරක් වගේ. එයා ගැන හොයන කෙනෙක්, පුන්චිගෙන් පස්සේ එයාට හෝමී ෆීලින්ග් එකක් දැනුන තැනක් තමා විහාස් කියන්නේ. ඒ වගේම තව නොදන්න හැගීමක් යුගාන්ගේ හිතේ උඩු දුවනවා කියලා යුගාන්ට නොතේරෙනවත් නෙමේ.
" මේ අයියලගේ ගෙදරට කිව්වද අයියේ?."
කෑම කාපු තැන අස් කර කර හිටපු යුගාන් විහාස් අහපු ප්‍රශ්නෙත් එක්ක බර හුස්මක් පිට කලේ. නේත්‍රගේ නැත්තන් යුගාන්ගේ විදිහට කිව්වොත් ඇමති පුතාගේ ඇමති තාත්‍තට කෝල් කරපු වෙලාවේ ඒ ඇති උනු සංවාදේ හේතුවෙන්මයි.
Flashback
" හෙලෝ!! මේ මිස්ටර් අල්මේදා ද කථා කරන්නේ?"
"ඇමති තුමා නම් දැන් වැඩකට ඉන්නේ. අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට කියන්න මම ඇමති තුමාට කියන්න."
'අනේ ඔය ඇමතියන්ගේ බොරු වැඩ' යුගාන්ට හිතුනේ එහෙමයි
"එහෙනම් ඇමති තුමාට කියනවද එයාගෙ පුතාට තුවාල වෙලා. පාසල් හෙද නිලධාරි බෙහෙත් කලා. හැබැයි ඩොක්ටර් එනෙක්ට පෙන්නුවා නම් හොදයි කිව්වා කියලා."
"බේබිටද??? පොඩ්ඩක් ඉන්න මන් දැන්ම ඇමති තුමාට ගිහින් කියන්න"
අනේ මුන්ගෙත් බොරු සෝබන තියෙන්නේ. සල්ලි නිසානේ මුන් ඔක්කොම මෙච්චර නැහෙන්නේ.
"හෙලෝ කවුද මේ කථා කරන්නේ."
ගාම්භීර කටහඩක් එහා පැත්තෙන් ඇහෙනකොට. යුගාන් ඒකට උත්තර දුන්නෙත් ඒහා සමාන ස්වරයකින්.
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න