කතාව 1.1k වෙලා අනේව්.. තැන්කිව් ඔයාලා හැමෝටම...
..........................................................................................................."WOOH HOOO!!!!!"
කොල්ලෝ ටික තමන්ට හිතුන හිතුන විදිහට පාර පුරා එයාලගේ බයික් ගෙනිච්චේ මේ වෙලාවේ උන්ගේ වාහන ඇරෙන්න වෙන කිසිම දෙයක් ඒ පාර පුරාවටම නැති වෙද්දි...
නේත්රට උනත් හිතා ගන්න බැරුව ඇති පැය කීපෙකට කලින් හිටපු මමද දැන් ඉන්නේ කියලා... මොකද කොල්ලා ඒ තරමටම මේ අවස්ථාව විදිනවා... යුගාන්ගේ Brutale 1000 RS එක හුලග කපන් ඉස්සරහට ගියේ උපරිම වේගෙන් බයික් එක රේස් කරන ගමන් තමන්ව පාස් කරපු විහාස්ගේ බයික් එකේ වේගේ අල්ලන්නමයි.... ඉතින් කොල්ලොන්ව කූඩු කරලා හිර කරන්න පුලුවන් කියලද ඔයත් හිතන් ඉන්නේ... මොන පිස්සුද නිදහසේ ඉගිල්ලෙන්න තියෙන තටු කපලා හිර කෙරුවත් උන් හොයා ගනී නිදහස විදින්න වෙනමම විදිහක්...ඉතින් නේත්ර ඔයා හොයන නිදහස තියෙන්නේ මුන් ගාව නෙමේද... අදාළම නැති කෙනෙක් වෙනුවෙන් මුන් ඇයි මේ වගේ දේවල් කරන්නේ... අඩු ගානේ ඔයා කියලා එයාලගේ යාලුවෙක්ද?? අවුරුදු හතරකට කලින් ඔයා අතහැරපු හුස්ම වලට හිමින් හිමින් පණ දෙන මුන්ව උබ ආශ්රය කරන්නම ඕනා... මොකද යාලුවෝ කියන්නේ මුන් වගේ උන්ට... තත්පර ගාණක ආශ්රයක් උනත් ඇති මුන්ට ඕන එකෙක් උන්ගේ බොක්කේ එකෙක් වෙන්න..
යුගාන්ගේ රතු කිරිල්ලී පිටි පස්සේන් හිට ගෙන යන නේත්රට මේ වෙලාවේ තහනම් දාන්න එන්නේ කවුද... අර තාත්තා කියන ඇමතියද? අඩු ගානේ ඒ මනුස්සය දන්නේවත් නැතුව ඇති නිවාස අඩස්සියේ හිටපු උගෙම පුතාව අවුරුදු 20ක් වත් නැති කොල්ලෝ ටිකක් තාප්පෙන් පන්න ගත්තා කියලාවත්...
..................................................................................................................
"බැහැපන්."
ගමනාන්තයේ අවසානෙට ආපූ යුගාන් ඇතුලු පිරිස යුගාන්ටම වෙන් වෙච්ච පුන්චි ඇනෙක්ස් එක ගාවින් බයික් ටික නතර කර ගත්තේ යුගාන් එයාගේ පිටි පස්සේ වාඩි වෙලා ඉන්න නේත්රටත් බහින්න කියන ගමන්මයි."අඩෝ යුගානයා සුපිරි ශොට් ටිකක් අහු උනා මචන්"
පැනපු ගමන් සෝපාවේ පත බෑවුන යුගාන් එහෙන්මම එහාපැත්තෙන් වාඩි උන යසිරුගේ ෆෝන් එකට ඔලුව දැම්මේ මොකක්ද කියලා බලන්න... ඉතින් ඒ වෙලාවේ යුගාන්ගේ ඇස් දිලිසෙන හැටි දැකපු එකම කෙනා යසිරු වෙන්න ඇති... ෆෝන් එකෙන් ඇස් අහකට ගත්තු යුගාන්ගේ ඒ මුහුදු පාට ඇස් මුලින්ම ගිහින් පැටලුනේ දෙරෙන් ඇතුලට ආපු ඒ දුඹුරු පාට ඇස් එක්ක වෙද්දී ඒ ඇස් වල දිස්සේ තව තවත් වැඩි වෙන්න ගත්තා... ඉතින් ඒ දුඹුරු ඇස් වල අයිති කාරයා ඒ මුහුදු පාට ඇස් වල අස්සක් මුල්ලක් ගානෙම කිමිදෙන ගමන් අඩියෙන් අඩිය ඉස්සරහට ආවේ ඒ මුහුදු පාට ඇස් වල අයිති කාරයාගේ ඔඩොක්කුවට හිමිකන් කියන ගමන්මයි...
"මහන්සිද චූටී... ම්ම්ම්..." නළලට වැටිලා තියෙන කොණ්ඩ කෑලී ටික පස්සට කරන ගමන් යුගාන් විහාස්ගෙන් අහුවේ... විහාස් එයාගේ මූණ යුගාන්ගේ බෙල්ල අස්සේ හන්ග ගනිද්දි...
"එයා එළියේ පොන්ඩ් එක ගාව බංකුවේ වාඩි වෙලා ඉන්නේ..." යුගාන් අහපු ප්රශ්නෙට කොහෙත්ම ගැලපෙන්නැති දෙයක් තමා මේ වෙලාවේ විහාස් කිව්වේ...
"මම එයා ගැන නෙමේ ඇහුවේ ඔයා ගැන.. ම්ම්ම්"
"චුට්ටක් විතර මහන්සියි... හහ්!..."
"අඩෝ මමත් මෙතන ඉන්නවා කියලා අමතකද හු#තෝ"
"තනිකඩ මගේ මේ දෑස් කුමටද"විහාස්ව උකුළ උඩ තියාගෙන් උගේ කෙස් අතරින් ඇගිලි යවන යුගාන්ට යසිරු එහෙම කිව්වෙ හෙ~න ඩ්රැමටික් ටෝන් එකෙන්...
"ඉතින් උබත් හොයා ගනින්කෝ එකෙක්"
ඔන්න ඔන්න ඉතින් යුගාන් අයියා මෝඩ කථාවක් කිව්වා... තාම ආස්ක් අවුට් කරලාවත් නෑ දැනටමත් කපල් කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ...
"අනේ මේ යුගානයා මට හරියන ලව්.. උබ ඉතින් මගෙන් අහ ගන්න එපා බේසික හිපාටුවා..."
"මම යනෝ මල්ලේ... කෝ අරකා... ඌටත් කියන්න මම ගියා කියලා" යුසිරු උගේ හෙල්මට් එකයි බයික් කී එකයි අරගෙන එලියට බැස්සේ යුගාන්ට සැලියුට් එකක් ගහන ගමන්මයි...
"චූටී ගිහින් වොශ් දා ගන්න.. මන් අරූ එක්ක කතා කරලා එන්නම්..." යුගාන් විහාස්ව වොශෲම් එකට යවලා එළියට ආවේ නේත්ර මොකද කරන්නේ කියලා බලන්න...
........................................................................................................................
"තැන්ක් යූ"
" ඒ මොකටද??"නේත්රගේ කටින් පිට උනේ හරිම අසරණ විදිහේ හිනාවක්...
"අතෑරපු හීන වලට ආයේ පණ දෙනවට..."
"....""මේ අහන්න අපි හැමෝටම ජීවිතේ එක එක කාල වලදි එක එක දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා... අපි හැමෝම හැමදාම සතුටින් ඉන්නවා කියලා දෙයක් නෑ... හැමෝම සතුටින් ඉන්නෙත් නෑ... කවුරු කොයි විදිහේ ලක්ෂරි ලයිෆ් එකක් ගෙව්වත් ඒ ඒ අයට ඒ ඒ අයට ආවේණික විදි වලට ප්රශ්න තියෙනවා... ඉතින් ඔයාගේ ජීවිතෙත් ඒ වගේ කටුක කාල වල් ගොඩාක් තියෙන්න ඇති.. ඉස්සරහටත් තියේවී... ජීවිතේ අමාරුම කාල මගැරලා ඉස්සරහට යනවද.. නැත්තම් ඒවත් ඒක්කම ජීවත් වෙනවද කියන එක ඔයාගේ තීරණයක්... ම්ම්ම්.."
ඉතින් ඇති වුණ ක්ෂණික සිතුවිල්ලක් නිසා නේත්රගේ කර වටේ අත දාගත්තු යුගාන් අනික් අතින් නේත්රගේ කොණ්ඩේ අවුස්සල නේත්ර එක්ක හින උනා...
"උබ එහෙනම් ඉදලා වරෙන් මන් යනවා ඇතුලට..."
....................................................................................................................පපර පප්ප පා.... ඔන්න මන් ආවා...
ඔයැයිලට ලව් සීන් එකක් ඕනැයි...
තීරණය ඔබ සතුයි
1. යුගාන් - විහාස්
2.යුගාන් - නේත්ර
3.නේත්ර - විහාස්
එහෙමත් නැත්තන්
යුගාන් - නේත්ර - විහාස් ඔක්කොම එකක.....
ආදරෙයි මේ ළමය ඔයාලට
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න