යුගාන් හිටියේ එයාලගේ ඉස්කෝලේ ගාව කාර් එක නතර කරගෙන... එකහාමාර වෙන්න තව පොඩි වෙලාවක් තියෙනවා... යුගාන් ශීට් එකට ඔලුව ගහගෙන කල්පනාවකට වැටුනේ පහු ගිය මාසේ එයා ගත කරපු විදිහ ගැන.
මාසයක්!! ඔව් මාසයක් ගෙවිලා ගියේ හරිම ඉක්මනට... දවසින් දවස යුගාන්ට යන්න කාලේ ලන් වෙනවා වගේම දවසින් දවස මේ තුන්දෙනාගෙන් බැදීම වැඩි උනේ හිතා ගන්නවත් බැරි විදිහට...
මේ මාසේ ඇතුලත මුන් දෙන්නට උගන්නන්න ගිහින් යුගාන්ට පස් කන්න හිතුන තරන්... අරහෙන් එකෙක් විභාගෙට මාස 6ක් වත් නෑ... සයින් කොස් ටෑන් කියන්නේ මොනාද කියලවත් දන්නේ නෑ... එතකොට අනිත් එකා දෙයියනේ ඌට ආලෝකය පාඩම කියලා දීලම මේකට හති....
ඉතින් තවත් ඉස්සරහට ගියොත් කට්ටිය විහාස්ගේ ගෙදර නැවතිලා හිටපු දවස් ටික.... නේත්‍රයි විහාසුයි දහ අතේ දිවුරුම් දුන්නා ආයි හොල්මන් ෆිල්ම් බලන්නේ නෑ නෑ නෑමයි කියලා...
නේත්‍ර ආයේ ගෙදර ගියපු දවස... එදා යුගාන් නේත්‍රව ගෙදර යැව්වේ නේත්‍රගේ චූටි මාමා ඇවිල්ලා හිටපු නිසා...
ඒ දවස් වල අතරින් පතර හුවමාරු උනු කෙටි හාදු... සරාගී කෙදිරි හඩවල්... ඒවා මතක් වෙලා යුගාන්ගේ කටකෝනේ ඇදුනේ හරි තෘප්තිමත් හිනාවක්...
ඉතින් කියන්නකෝ කාටද ලෝබ නොහිතෙන්නේ පණවගේ ආදරේ කරන අයව ටික කාලෙකට හරි ඈත් කරන්න...
යුගාන්ටත් එහෙන්මමයි... තාමත් හරි හමන් විදිහට ආදරේ කරන්න අරන් මාසයයි... තව මාසයක් විතරයි ලග ඉන්න ඉතුරු... ඒක මතක් වෙනවත් එක්කම යුගාන්ගේ මුවින් බර හුස්මක් පිට උනේ ඒත් එක්කම කාර් එකේ දොරවල් ඇරිලා වැහෙද්දි...
"අම්මෝ යූග්... එපා උනා අනේ... අර මගුලේ අසයිමන්ට් එකට ප්‍රශ්න දීලා තිබ්බනේ හිකෙන්නම..."
නේත්‍ර මේ කියවන්නේ අද එයාලට ෆිසික්ස් මිස් දුන්න අසයිමන්ට් එක ගැන...
" දැන් උනත් උබට මහන්සි උනොත් ලයිට් කණු තුනක් නොගෙන ශේප් වෙතැහැකියි... ඔයාගේ දවස කොහොමද චූටී..."
" ඒක ගැන නම් කියලා වැඩක් නෑ... අපි දවසම නිකන්... එක මිසෙක් ආවේ නෑ උගන්වන්න..."
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න