11 කොටස

586 51 47
                                    


"කොහෙද උබ ඔය ඉන්නේ..."

"..."

"නෙත්‍ර අභිරූ!!! තමුසේ අර සේනානායක ඇමතියගේ පුතත් එක්ක රණ්ඩුවට ගියා මදිවට දැන් ගෙදරිනුත් පැනලා යන්න පටන් අරන්ද... ආහ්!! උත්තර දීපන්..."

"ඒක වෙලා කොච්චර කාලයක්ද තාත්ති... අනික මම නෙමෙයිනේ ඌත් එක්ක පැටලෙන්න ගියේ... ඌ තමයි මුලින්ම පටන් ගත්තේ..."

"මට ඒක වැඩක් නෑ අයිසේ... ඉන්න තැනකින් වරෙන් දැම්මම..."

........................................................................

"එයා එන්නේ නෑ අංකල්!!..." නේත්‍රගේ අතේ තිබ්බා ෆෝන් එක උදුර ගත්තු යුගාන්... ඇමතිතුමාට කිව්වේ ස්ථිර කටහඩකින්... ආයේ එහෙට මෙහෙට නැමිලි නෑ...

"කවුද උබ!?... දීපන් ඔය ෆෝන් එක නේත්‍රට... හහ්!! මට පේන්නේ ඌ ආයෙමත් කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරන් වගේ... ලැජ්ජ නැද්ද මිනිහෝ කොල්ලෙක් වෙලත් තවත් කොල්ලෙක් එක්කම ඉන්න... ශික් පොන්න හැතිකරේ..."

ඒ වචන හරිම දරුණුයි... යුගාන්ට කෙසේ වෙතත් නේත්‍රගේ හදවත් කෑලී ගානකට බිදින්න ඒ වචන වලට පුලුවන් උනා කිව්වොත් ඔයා පිලිගන්නවද...

"JUST ENOUGH DADA!!! ඔයාට ඕනා මම ගෙදර එන එකනේ... Fine then, I'll come back..."

"ඌ එන්නේ නෑ... අංකල්ට ඌව ගෙන්න ගන්නත් බෑ... එච්චරයි!!"

පරාජය බාරගෙන නේත්‍ර ආයෙමත් ගෙදර එන්නම් කියලා ඇමතියට කියද්දි... යුගාන් ආයෙම සැරයක් මතක් කලේ එයා එන්නේ නෑ කියන එක... ඔව් යුගාන්ගේ හිතේ කොනකවත් නේත්‍ර යවනවා කියන අදහස ඇත්තෙම නෑ... මොකද යුගාන් දන්නවා දැන් නේත්‍රව යවනවා කියන්නේ උගේ පිටේ තියෙන ඒ කැලැල් පාරවල් වලට තව අලුතෙන් තුවාල එකතු වෙනවා කියන එක...

"උබ ඇයි එහෙම කිව්වේ... දැන් වෙන්නේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක..."

"අනේ මේ නෙත්... උබ ඔච්චරටම ආසද අර පරට්ට ඇමතියගෙන් බෙල්ට් පාරවල් කන්න..."

අද දවසේ දෙවනි පාරටත් නේත්‍රගේ ඇස් පුදුමෙන් ලොකු උනා... යුගාන් අහපු ප්‍රශ්නෙටවත් උත්තර දෙන්න වචන එන්නේ නැති තරම්...

"උබ ඔය විදිහට පුදුම වෙලා ඉන්නේ මම 'නෙත්' කියපු එකට නම්... මන් ඔය විදිහට උබට මුලින්ම කතා කලේ අද නෙමේ බන්... තුන් හතර පාරක්ම උබට මං ඔහොම කතා කරලා තියෙනවා.."

අපි අපේWhere stories live. Discover now