විහාස්ට ඉරිසියා හිතුනා... නෑ කියන්නේ නෑ... වෙනදා තමන්ගේ ඇස් එක්ක ඔය විදිහට පැටලෙන ඒ මුහුදු පාට ඇස් අද වෙන එක්කෙනෙක්ගේ ඇස් එක්ක පැටලෙද්දී කාටද ඉරිසියා නොහිතෙන්නේ...
ඇදේ කොනක වාඩි වෙලා හිටපූ යුගාන් එතනින් නැගිට්ටේ විහාස්ගේ කටහඩත් එක්කමයි... යුගාන්ට දැන් ඕන උනේ හොද උනුසුම් පපුවක්... එයාට මේ දැනෙන හැගීම් බර වැඩී...
හැබැයි ඒකට ඒ තත්පර ගානක ඇස් පැටලැවිල්ල හේතුවක් උනේ නෑ කිව්වොත් මම හරි... ඉතින් ඒ දැනුනු ක්ෂණික සිතුවිල්ලත් එක්කම යුගාන් ගිහින් තාමත් තමන් දිහා ඇස් රෝල් කර කර බලන් ඉන්න රූපෙව තද කරලා බදා ගත්තේ විහස්ට මගේ හුස්ම දැන් යයිද දැන් යයිද කියලා හිතෙන්න ඉඩ ඇරලා...
ඉතින් වෙන කතා මුකුත් ඕන නෑ අයියා ඉන්නේ අවුලෙන් කියලා විහාස්ට තේරෙන්න... ඉතින් විස්තරත් මුකුත් නැතුව විහාස් උනත් එයාට මේ තුරුල් වෙලා ඉන්න අලි බබාගේ කෙස් අතරින් අගිලි යැව්වේ විහාස්ගේ කටින් මර හුස්මක් පිට වෙනවත් එක්කමයි...
............................................................................................................................
හැබැයි ඉතින් මේ වෙලාවේ ඇදට වෙලා මේ දිහා බලන් ඉන්න එකාට නම් මැජික් වගේ... මොකද ඉතින් මේකට තරහා ගිය වෙලාවට දුක හිතුනු වෙලාවට කවුරුත් සනසවන්න හිටියා කියල යෑ... අන්තිමට ඉතින් ඔක්කොටම කර ගහන්න උනේ අර කාමරේ තියෙන අසරණ බඩු වලටයි රටේ මිනිස්සු අමාරුවෙන් හම්බ කරන සල්ලි වලටයි තමා... කොහෙද ඉතින් මේ ඇමති පුතාට ඕවෑ ගානක් තියේ කියලද... තාත්තත් ඉතින් අර පාර්ලිමේන්තුවේ නිකන් පුටු රත්කර කර ඉන්න උන අතරේ නිත්ය සාමාජිකයෙක්ලුනේ... කරන ලබ්බකුත් නෑ ඒත් අන්තිමට කොහෙන් ගියත් මූටත් ආසනයක්ලූ... බලන්නකෝ සාන්ත ඒකෙත් හැටි නේද....
මිනිස්සුන්ගෙන් කොච්චර කුණු කතා ඇහුවත් කොහෙද අනේ මේ මනුස්සයන්ට ලැජ්ජාවක්.. ඔන්න හා හා පුරා කියලා මහමැතිවරණෙටත් ලෑස්ති වෙනවලුනේ...
..........................................................................................................................
"අයිසේ මෙතන තව එක්කෙනෙක් ඉන්නවා කියලා උබලා දෙන්නට පේන්නේ නැද්ද"
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න