දවස් ගානකට පස්සේ ලැබුණු සුව නින්දකට පස්සේ ඇහැරුනු නේත්‍රගේ ඇස් ගිහින් මුලින්ම නැවතුනේ හරි අපූරූ සිදුවීමක් ගාව.
නේත්‍රගේ මොළයට අනූව ඒක "මොන විකාරයක්ද" උනත්, නේත්‍රගේ හදවතට අනූව ඒක හරිම ලස්සන දර්ශනයක් උනා.එකපාරටම ඇහුනු එලාම් එකේ සද්දෙත් එක්ක ගැස්සුනු නේත්‍ර ක්ෂණිකයෙන් ආයේ ඇදේ ඇලවුනේ ඇහැරිලා කියලා දැන ගත්තොත් උදේ පාන්දරම ප්‍රශ්න පත්තරයකට උත්තර දෙන්න වෙයි කියලා හිතුන නිසා කිව්වොත් හරි.
............................................................................
එලාම් එකේ සද්දෙට ඇහැරුන යුගාන් නගිටින්න හැදුවත්, තමන්ගේ පපුව උඩ සනීපෙට ගුලි වෙලා ඉන්න පුංචි ජීවියා නිසා එයාට ඒක කර ගන්න බැරි වුනා. යුගාන් හිමීට විහාස්ව එයාගේ අත් අතරට අරන් සෝපාවේ ඇල කෙරෙව්වේ ඒත් එක්කම එයත් නැගිටින ගමන්ම වෙද්දිමයි.
එහෙන්මම සොපාවෙන් නැගිට්ට යුගාන් කෙලින්ම ගියේ ඇද ගාවට. එයා නේත්‍රගේ නළලට අත තියලා බැලුවේ තාමත් මේ යකාට උණද කියල.
දැන් නම් ඇති උනක් නෑ ඕකට. ඒ නිසාම යුගාන් බතෲම් එකට ගියේ ඉතුරුවා එයාගේ පුංචි බලා ගනී කියලා.
............................................................................"අයියේ!! මේ ෆෝන් එක ගනින්, නැත්තන් මන් පොලවේ ගහනවා සත්තයි. ඇයි යකෝ නිදා ගන්නවත් දෙන්නේ නෑ හරියට කන ගාවින්ම තියලා ගිහින් ලබ්බ."
යුගාන්ගේ ෆෝන් එක රින්ග් වෙච්ච සද්දෙට එයාගේ නින්ද කැඩනු නිසා පොඩි පගයා ඉන්නේ උදේම මූසලයි වගේ ලයින් එහෙක.
සැප නින්දක ඉදලා නින්ද කැඩුනු තරහට ඕකා ෆෝන් එක පොලවේ ගහන්න තියෙන ඉඩ කඩ වැඩී.
බාතෲම් එකෙන් එලියට ආපු ගමන්ම ඇහුනේ. පූස් පැටියා වගේ එයාගේ අස්සට ගුලි වෙලා නිදාගෙන හිටපු එකා ද්ණ් තරහෙන් කෑ ගහනවා.
තරහෙන් කෑ ගහන පුංචී ජීවියා දිහා බලපු යුගාන්ගේ කට කොනින් චූටිම චූටි හිනාවක් ඇති වෙලා නැති වෙලා ගියේ එක ක්ෂනිකෙන්.
තවත් මොනාද කුටු කුටු ගගා සෝපාවේ ඇල වෙලා ඉන්න විහස් ලගට ගිය යුගාන් එයාගේ ෆෝන් කට්ට අතට අරගෙන විහාස්ගේ මට්ටමට පහත් උනා.
"දැන් ඇති නේද නිදා ගත්තා. ම්ම්ම්...."
විහාස්ගේ කනට කොදුරපු යුගාන් එහෙන්මම විහාස්ගේ අවුල් වෙලා තිබ්බ කොණ්ඩේ තවත් අවුල් කරලා හිස් මුදුනින් චූටිම චූටි හාදුවක් තිබ්බේ දැනෙන නොදැනෙන ගානට.
විහාස්ට ඒවා අමුතු දේවල් නෙමේ. යුගාන්ගෙන් ඒ වගේ හිස් මුදුනට හාදු ඇති තරම් හම්බ වෙලා ඇති එයාලා අදුර ගත්තු දවසේ ඉදන්ම.
විහාස් උනත් ඒ හාදු වලට පුදුම තරම් ලෝබයි. යුගාන් කියන්නේ විහාස්ගේ හදවතේ උඩින්ම ඉන්න කෙනෙක්.
............................................................................එහෙන්මම ෆෝන් එකත් අරන් බැල්කනියට ගිය යුගාන් දිහා බලන් ඉදපු විහාස්. දැන් ඉතින් ආයේ නින්ද යන්නේ නෑනේ කියලා හිතන ගමන් බාතෲම් එකට රින්ගුවේ ලොකූ අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගන්න.
හොදටම නින්ද ගිහින් ඉන්න වෙලාවක ඒ නින්ද කැඩුනා කියන්නේ... ආයේ ඉතින් සක්කරයා ආවත් ඒ නින්ද හම්බ වෙන්නේ නෑ කියන එක....
ඔය ඔක්කොම දිහා නේත්‍ර බලන් හිටියේ. අපිට ඉතින් මෝර්නින් කිසුත් නෑ... ගුඩ් මෝර්නිනුත් නෑ. අපි ඉතින් මේ අමුතු ඇටේ අමුතු ජීවීන්නේ කියන බැල්මෙන්.
............................................................................වෙනදා ඒවත් කොටයි. මේක ඉටත් වඩා කොටයි මම දන්නවා මම දන්නවා....
කොහොම හරි වෙලාව හදා ගෙන දිග චැපියක් අරන් එන්නම් සුද්දලා...
මම ගියා ඒනම්
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න