හිනාවකින් මුව සරසන් බැල්කණියට ගිය යුගාන් ආයේ එද්දී ඒ තිබ්බ හිනාව කොහේ අතුරුද්හන් වෙලාද මන්දා. ඒ වෙලාවෙම කාමරේ දොරත් ඇරන් ඇතුලට ආපු යුගාන්ගේ පුංචි යුගාන්ගේ මූණ පුරා ඇස් ගෙනිච්චේ. වෙලා තියෙන්නේ මොකක්ද කියන එකගේ ඇහි බැම රැලි උන විදිහෙන් ඇය හදුනා ගත්තා කියලා යුගාන්ට තේරෙද්දි.
"කලින් කතාවමද මේ පාරත්'
මදක් උස් හඩින් ඇය අහද්දී යුගාන්ගේ මුවින් බර හුස්මක් පිට උනේ ලොකු කතාවකට මුල පුරන්නටම වගේ.
"මට තේරෙන්නේ නෑ පුන්චම්මේ. ඇයි ඇයි එයාලට ගියා වගේ පාඩුවේ ඉන්න බැරි. එයාලා එකතු වෙලා මේ බිදින්නේ එයාලගෙම දරුවගේ හිත කියලා නොතේරෙන තරමටම එයාලා.... එයාලා එච්චරටම.... මට මට මේ මුකුත් හිතා ගන්න බෑ පුන්චම්මේ...."
ඇදේ කොනක වාඩි වෙන ගමන් එයාගේම අත් අස්සේ මූන ගහ ගත්තේ ඒ දැනෙන හැගීම් වල බර වැඩි කමටමයි.
ඇත්ත දෙමාපියොයි දරුවොයි අතර තියෙන බැදීම වගේ බැදීමක් තවත් නැහැ. ඒත් තමන්ගේ වුවමනාවට කසාද බැදලා තමන්ගේ වුවමනාවට දරුවෝ හදලා අතහැරලා දාන අම්මලා තාත්තලාත් මේ ලොකේ නැතුවම නෑ නේද. ඉතින් ඒවට වැරදි කිසිම හයක් හතරක් නොතේරෙන මේ කිරි සප්පයද. අනිත් උන් වගේ මේ ඉන්නේ මගේ අම්මා මේ ඉන්නේ මගේ තාත්තා කියලා පෙන්නන්න කෙනෙක් නැති වෙද්දි ඒ ළමයා කොච්චර අසරණ වෙනවා ඇත්ද, ඒත් එයාලා එයාලගේ ලෝක වල. වදපු දරුවා ගැන හිතේ කොනකවත් හැගීමක් නැතුවම.
"එයලා මට ලන්ඩන් එන්න කියනවා... පව්ලේ බිස්නස් බාර දෙන්න කොල්ලෙක්ට කියලා ඉන්නේ මං විතරලු... එයාලා මාව අතෑරියේ එයාලගේ නිදහස නිසානේ ආයේ මාව ළං කර ගනේ මොන රෙද්දකටද..."
ඒ කටහඩේ කිසිම තරහක් ගැබ් වෙලා නෑ තනිකරම කලකිරීමක් විතරයි තියෙන්නේ... දරුවෝ ගැන දෙමව්පියන්ට කලකිරෙන්න දාහක් හේතු තියෙන්න පුලුවන්... ඉගෙන නොගැනීම, වැරදි සමාජ ඇසුර, රස්තියාදුව... ඒත් දරුවෙක්ට දෙමාපියෝ ගැන කලකිරීමක් කියන්නේ, හිතා ගන්න පුලුවන්ද ඒ හිතේ තියෙන වේදනාව.
"මේ ලෝකේ හැම අම්මෙක් තාත්තෙක්ම එක වගේ නෑනේ... ඔයා ඕවා ගැන නොහොතා සැහැල්ලුවෙන් ඉන්න... මොකක් හරි උනොත් මම ඉන්නවනේ...."
"ආහ් මේ අපේ ලෙඩත් ඇහැරිලා ඉන්නේ... මොකෝ පුංචි මහත්තයා දැන් සනීපද..."
බිමට හැරවිලා තිබ්බ යුගාන්ගේ බැල්ම නේත්‍රට යොමු උනේ තත්පර ගානකට ඒ ඇස් දෙක එකට පැටලෙද්දි...නේත්‍රට උනත් හරි අපූරුවට තේරෙන්න ඇති වෙනදට හිනා වෙලා ඉන්න ඒ ආඩම්බරකාර නිල් ඇස් වල තියෙන දුක මිශ්‍ර කලකිරීම.
යුගාන්ගේ පුංචී වේලුනු තුවාල සුද්ද කරලා යන ගියේ යුගාන්වයි නේත්‍රවයි කාමරේ තනි කරලා... අනේ මොන තනියක්ද පාලුව මකන්න තව කෙනෙක් ආවෙ හරි අපූරුවට...
"යසෛ අයියණ්ඩිලා දෙන්නා... මං මගේ ශ්‍රී මුඛය හෝද ගන්න ගිය ටිකට ඇස් වලින් කතා කරන්නත් පටන් ගත්තද..."
බාතෲම් එකේ ඉදලා එලියට ආපු විහාස් මුලින්ම දැක්කේ මුහුදු පාට ඇස් එක්ක ඒ ඇම්බර් පාට ඇස් දෙක ගැටිලා තියෙන අපූරුව
ඒ එක් ක්ෂණිකයෙන් ඇම්බර් පාට ඇස් එයාගේ වගේම හැබැයි පාටින් වැඩි දුඹුරු පාට ඇස් දිහා රවලා බැලුවේ නිකන් වැරදි දෙයක් කිව්වා වගේනේ... හුහ්... මෙච්චර ආදරේ හිතෙන පොඩි එකාට රැව්වේ මොන හිතකින්ද...
(අපේ නේත්‍ර කොලුවගෙලු ඔන්න)
......................................................................................................................................................
කාලෙකින් නේහ්...
අයේ සෙනසුරාදට දෙන්නම්. අනිවා දෙනවා එදා එක නම්.
ඔයාලා අපේ යුගාන්ගේ කාමරේ දැක්කේ නෑනේ... ඊළග එකෙන්ම ඒකත් පෙන්නන්නම්කෝ...
අපි ගියා එහෙනම්.
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න