3 කොටස

2.5K 203 11
                                    

ඒ ගියත්,

............................................................................

ඇමති පුතා කනවා යකෝ කෑමක් තව එකෙක්ගෙන්. හත් දෙයියනේ මෙහෙමත් වින්නැහියක්. බලන් ගියාම මූ මල වගේනේ.

"නවත්තපන් ඕක!! මේක පොර පිටියක් කියලද උබලා හිතන් ඉන්නේ. ගහගන්නවයි උද්ඝෝෂණ කරනවයි. උබලා නිකන් පාතාල කාරයෝ වගේනේ යකෝ.මේ ඉස්කෝලේ, ඒක ඇතුලේ රණ්ඩු වෙන්නේ නැතුව වෙන කොහේ හරි ගිහින් අඩව්ව අල්ලපන්."

මම එහෙම කිව්වහම ඇමති පුතාගේ ඇග උඩ ඉන්න එකා. එක අතකින් ඒකගේ කොලර් එකෙන් අල්ල ගෙන අනික් අත මිට මොලවන් අරූගේ මූණට ගහන්න වගේ තියන් එහෙන්මම ෆ්‍රීස් වෙලා මන් දිහා කන්න වගේ බලන් ඉන්නෝ... අනේ අපි නම් බය වෙයි.

"එතකොට උබ, ඔය අත දාපන් පහලට. ඇයි ගැහුවා මදිද. ඕකා මැරුණොත් එහෙම උබේ ජීවිතේම කාලකන්නී වෙනවනේ. උබට අවුරුදු ගනක් හිර බත් කකා ඉන්න වෙන්නේ. බාල වයස් නෙමේනේ. ඉස්කෝලේ ඉන්න අන්තිම මාස ටිකේ ඇයි මේ ප්‍රශ්න දා ගන්නේ."

"මොකක්ද මෙතන වෙන්නේ??"

පිනා විතරයි අඩුවකට හිටියේ ඒකත් හරි දැන්. පාසලේ උදාර ශිෂ්‍යයෝ නේද මේ අසික්කිත වචන හිතින් හරි හිතන්නේ.

" යුගාන් මේන් මේකව සික් රූම් එකට එක්කන් යන්න. ගිහින් බේත් දා ගෙන එන්න. අනික් එකා වරෙන් යන්න මාත් එක්ක ඔෆිස් එකට. අවුරුදු දහනවයෙන් මැරකම් කරන්න හදනවා. දැනගනින් බාවනවා තොපිලා ඔක්කොමව. පලයව් යන්න පන්ට්ජියට හැමෝම. උද්ඝෝෂණ කඑඅන්නයි ගහ ගන්නයි මේක කෝලම් මඩුවක්නේ."

පිනා එහෙම කියනවත් එක්කම මම ඇමති පුත්‍රයව අරන් එතනින් ආවේ මේ මනුස්සයා දැන් වැටෙයිද දැන් වැටෙයුද කියලා හිත හිත. මගේ වයසේ උනාට මොකෝ වැඩක් නෑ ගුටි කනවන

............................................................................

Author pov,

සික් රූම් එකට තනියෙන් ඇවිදන් එන්නවත් නේත්‍ර හිටියේ සිහියෙන් කියලා මම නම් හිතන්නේ නෑ. මොකද එයා ඇවිදින අඩියක් අඩියක් ගානේ ඇවිද්දෙත් යුගාන්ගේ වාරුව ඇතුව. ඒ වැදුන පාරවල් වල සැරටද මන්දන්නේ නෑ නේත්‍රට සිහිය නැති උනේ සික් රූම් එකේ දොර පේන මානේ තියෙද්දිමයි.











නේත්‍රට වැදිලා තිබ්බ පාරවල් ටිකක් සැර නිසා පිටේ, බඩේ එහෙම තුවාල තියෙනවද කියලා බලන්න යුගාන්ට නේත්‍රගේ ශර්ට් එක ගලවන්න උනා. ඒ දැකපු දෙයින් යුගාන් විතරක් නෙමේ එතන හිටපු හැමෝගෙම ඇස් ගැස්සුනා.

පිටතට පේන්න ලස්සනට ඔපදමපු රූපයක් වගේ තියෙන ඇගයි, දිලිසෙන හමයි නිසා කවුරුත් හිතන්නේ නැතුව ඇති මේකගේ ඇගේ මෙච්චර තුවාල කැලැල් තොගයක් ඇති කියලා.

යුගාන්ගේ දිගු සීතල ඇගිලා ඒ කැලැල් උඩ ගියේ නිරායාසයෙන්මයි.

තාමත් අලුත් පිට රතු ගැහුනු තුවාල අතරේ සති ගණන් මාස ගණන් පරණ තුවාල කැලැල්. යුගාන්ටත් හිතා ගන්න බැරි දේ මූ මැර වැඩ වත් කරනවද කියන එක මෙච්චර තුවාල කැලැල් එන්න.

"පුතා මම මේ ළමයට බෙහෙත් දානකන් එලියෙන් ඉන්නවද."

නේත්‍රගේ තුවාල කැලැල් දිහා බලන් කල්පනාවක හිටපු යුගාන් ආයි හරි සිහියට ආවෙ නර්ස්ගේ කටහඩින්. හැබැයි යුගාන්ට නම් කිසිම හිතක් නෑ නේත්‍රව මෙහෙම දාලා යන්න.

"මට පුලුවන්ද??..."

"..."

"මට පුලුවන්ද මෙයාගේ තුවාල සුද්ද කරලා බෙහෙත් දාන්න."

චකිතයෙන් වගේ. නර්සුත් හොද හුස්මක් පිට කරලා යුගාන්ට හරි කියලා කිව්වේ තුවාල පෑරෙන්නේ නැති විදිහට බෙහෙත් දාන විදිහ පිලිබද උපදෙස් ගොඩක් දීලා.

පරිස්සමින් එකින් එක තෙත මාත්තු කරලා. රිදෙන්නැති වෙන්න හරි පරිස්සමට බෙහෙත් දැම්මේ. අමුතුම දෙයක් ගැන හිත වදවෙද්දි.


බෙහෙත් දාලා ඉවර වෙලා නේත්‍රව හරියට කොට්ටෙන් තියද්දි යුගාන්ට ඇහුනා සික් රූම් එකේ දොර ඇරගෙන කවුරු හරි එන සද්දේ. යුගාන් ඒත් එක්කම පිටි පස්ස හැරුනේ කවුද ආවේ කියලා බලන්න. ආපූ කෙනාව දැක්ක සැනින් හිනාවක් දීලා එයා කර කර හිටපු වැඩේ ආයේ පටන් ගත්තේ. ඒ ආපු කෙනත් පැත්තකට වෙලා බලන් ඉන්න කොටමයි.



















" ඔයා කාලද ඉන්නේ අයියේ."
............................................................................

එච්චරායි.
ඊයේ දෙන්න හිටියේ කොහෙද මේ ළමයට නින්ද ගියානේ.
දැනුත් මේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉන්න ගමන් ඉක්මනට කොටලා දුන්නේ.

සීයට අසූව නැත්තන් විභාගෙට ලියන්න දෙන්නේ නෑලුනේ. ඒ නිසා ඉතිම් යනවා.

වැරදි අඩුපාඩු වලට සමාවෙන්න ඕනා.
වෙනස් වෙන්න ඕනා තැන්. කැපිලා පේන්න ඕන දේවල්. කැරැක්ටර්ස්ලාගේ අඩු පාඩු තියෙනවා නම් ඒවා මට කියන්න හොදද.

ආයේ කියවලා බැලුවේ නෑ. මිස්ටේක් ඇති ඒ නිසා.

එහෙනම් අපි ගියා....

ආදරෙයි ඔක්කොටම ❤️

අපි අපේWhere stories live. Discover now