10 කොටස

499 52 20
                                    

ටීක්...

බාතෲම් එකේ දොර ඇරන් විහාස් එලියට එද්දී යුගාන් හිටියේ ඇදේ හෙඩ්බෝඩ් එකට ඔලුව ගහගෙන බර කල්පනාවක... අඩු ගානේ විහාස් එයා ලගට ඇවිල්ලා කතා කරනකන්ම ඌට සිහියක් නෑ...

"අයියේහ්..."

"ආ...හ්..."
විහාස් කතා කරපු පාරට යුගාන් ගැස්සිලා ගියා...

"මොනාද ඔච්චරටම හිතන්නේ ම්ම්ම්...."

"එහෙම මුකුත් නෑ චූටී..."

"ම්ම්ම්.... ගිහින් හෝදගෙන එන්නකෝ... මම අපි තුන් දෙනාට කෝපි හදන්නම්... ඇගේ එල්ලෙන්න නෙමේ මිනිහෝ කිව්වේ වොශ් දාගෙන එන්න කියලා කිව්වේ..."

මුලින් හරිම නිවිච්ච විදිහට කතා කරපු විහාස්ගේ කටහඩ සැර උනේ යුගාන් ඇවිල්ලා එයා ගාවින් හිටන් ඉන්න විහාස්ගේ බද වටේ අත දලා ලගට ගන්න ගමන් විහාස්ගේ බඩේ ඔලුව ගහගත්තු විදිහට...

"ම්හුක්..."
"හුකුන් හුකුන් නෙමේ... හඩු ගදේ බෑ.. ගිහින් හෝදන් වරෙන් අයියේ මගෙන් මුකුත් නාහා..."

ඉතින් විහාස්ගේ දැඩි පෙරැත්ත නිසාම තුවායකුත් අරන් බාතෲම් එකට යන්න හදපු යුගාන් ආයෙත් හැරිලා ඇවිත් තවත් තුවායක් විහාස් අතට දුන්නේ ඒක නේත්‍රට ගිහින් දෙන්න කියන ගමන්මයි...
...........................................................................

යුගාන් නන අතරේ කුස්සියේ එක ජන්ජාලයයි...

"අනේ බං අයියේ... උබ ආසාවකටවත් කැරට් අලයක් අල්ලලා නැද්ද යකෝ... ඕක ඔහොම නෙමෙයි සුද්ද කරන්නේ... කන්න දෙයක් නෑනේ බං ඕකේ... ඕක ඔහොම තියලා ගිහින් සෝදගෙන වරෙන්...."
.
.
.
.
.
.
.
.
.
.

"කට රිදෙන්නැද්ද බං.."
විහාස් රැප් එකක් කියනවා වගේ නෙත්‍රට බැනගෙන යනකොට... අහන් ඉන්නම බැරි තැන නේත්‍ර එහෙම ඇහුවා...

"අනේ මේ 'පොඩී!'... මගෙන් මුකුත් අහගන්න එපා..."

"..."

"...මොකද?"
නේත්‍ර, ඇස් ලොකු කර්න් බලන් ඉද්දි විහාස් ඇහි බැම හැකිලුවේ ඇයි කියලා අහන ගමන්...

"ඔයා 'පොඩී' කිව්වේ මටද?"
නේත්‍ර එයාගෙම පැත්තට ඇගිල්ල දික් කරන ගමන් විහාස්ගෙන් ඇහුවේ. ඒ වචන එයාට විශ්වාස කර ගන්න බැරි උන නිසයි...

අපි අපේWhere stories live. Discover now