"ම්ම්හ්ම්ම්..."
නේත්ර එයා හිටපු කල්පනා ලෝකෙන් ගැස්සිලා ආයේ හරි සිහියට ආවේ විහාස්ගෙන් ඇහිච්ච කෙදිරිලි හඩට... ඒත් එක්කම නේත්ර බැලුවේ තමන්ගේ අත් අස්සේ පුංචි හා පැටියෙක් වගේ ගුලිවෙලා ඉන්න විහාස් දිහා... තාමත් ඒ කම්මුලේ ලා රතක් පෙන්න තියෙනවා... නේත්රට ඒ මූණ දකින දකින වාරයක් පාසා තමන් ගැනම කේන්තියක් එන්නේ නිකන් නෙමේ... ඒත් ඉතින් සම්පූර්ණ වැරැද්දම එයාගේ කියන්න බෑනෙ... විහාස් උනත් කලේ කරන්න එපා කියන දෙයක් වෙන කොට කේන්ති යන එකත් සාදාරණයි....
"චූටී වස්තූ, නැගිටිමු නේද දැන්... ඔය දවල් ඉදන් නිදා ගෙන... කෝ ඉතින් නැගිටින්න....අද අපි රෑ කෑමට ඔයා කැමති ඕනම තැනකට යමු..."
තව තවත් තමන්ගේ ඇග අස්සෙම රින්ගන පුංචි ජීවියගේ කම්මුලක් අත ගාන ගමන් නේත්ර කිව්වේ අතරින් පතර කෙටි හාදු තවරන්නත් අමතක නොකරමයි... හැබැයි ඉතින් විහාස්ගේ ඔය මොන නින්ද උනත් කැලේ එයා වැඩියෙන්ම ආදරේ කරන අයත් එක්ක එලියට යනවා කිව්වහම... ඉතින් විහාස් මුලින්ම එක ඇහැක් ඇරලා නේත්ර දිහා බැලුවත් අනික් පැත්තට නේත්ර විහාස් දිහා බලද්දිම විහාස් ආයි ඇස් පියා ගත්තේ නේත්රට හිනා යද්දී....
"හොර ගෙඩියා... කෝ නැගිටින්න... ඔයා නැගිට්ටේ නෑ කියන්නේ ඔයාට එලියට යන්න ඕන නෑ කියලා තමා ඉතින්... මටත් කමක් නෑ ඔන්න ඔහේ තියෙන දෙයක් හදන් කනවා..." එහෙම කියලා නේත්ර ඇදෙන් බහින්න ලෑස්ති උනත්, විහාස් පැනපු ගමන් නේත්රගේ ශර්ට් එකෙන් අල්ල ගත්තෙ නේත්ර කට කොනින් හිනාවක් දාන් විහාස් දිහාට හැරෙද්දී...
"චූටි මහත්තයට එලියට යන්න ඕනද ඉතින්..." නේත්ර ආයෙම වතාවක් ඇදෙන් වාඩි වෙලා විහාස්ව උකුලට ගන්න ගමන් ඇහුවේ විහාස් ඔව් කියන්න ඔලුව වනද්දි... අනේ ඉතින් හරිම සිරිමත් දරුවෙක්නේ...
............................................................................
"අයියේහ්!!!!!! මෙහෙ එන්නකෝ අනේ පොඩ්ඩක්..." විහාස් හිටියේ එයාගේ අල්මාරිය පීරන ගමන් වෙද්දි හරියන ඇදුමක් නැතිම තැන නේත්ර තෝරලා දෙන ඕන ඇදුමක් ඇදන් යනවා කියන මතෙන් විහාස් නේත්රට කතා කලේ, තෙත කොණ්ඩෙයි ඇදන් ඉන සාලුව පිටිනුයි කෝල් එහෙක හිටපු නේත්ර කෝල් එක කට් කරලා විහාස් ගාවට එද්දි...
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න