" දැන් කීයේ ඉදලද බලන්නකෝ විහාස්... ඔයාට තව මොනාද ගන්න තියෙන්නේ... අනේහ් මට බඩගිනියි; නිදිමතයි."
"පොඩ්ඩක් කටවහන් ඉන්නකෝ අයියේ... තව ගන්න නම් කොච්චර දේවල් තියෙනවද... ඔයාට බඩගිනි නම් අපි ගිහින් කාලා එමු... ලොකු අයියා තව පැයකින් වගේ අපිට එකතු වෙයි..."
නේත්‍රගේ ඇඹුල් වුන මූණ දිහා බලාගෙන විහාස් කිව්වේ ඒ කියපු දේවල් වලට නේත්‍රගේ මූණ තවත් ඇඹුල් වෙද්දි... විහාස් එක්ක ශොපින් කරන්න ඇවිල්ලා ඒකට හති... නේත්‍ර ඒත් කල්පනා කලේ එදා යුගාන්ටත් එයත් එක්ක ශොපින් කරද්දි එහෙම්මමද කියලා... එදා නේත්‍රත් අද විහාස් වගේ යුගාන්ව හැම හැම තැනම අරන් ගියා... නේත්‍ර හිතා ගත්තා යුගාන් වගේ කොච්චර අමාරූ දේවල් උනත් දරාගෙන ඉන්න... ඇත්තටම විහාස් එක්ක ඉන්න එක, විහාස් එක්ක ඇවිදින්න යන්න නේත්‍ර උනත් පුදුම ආසයි... ඔය මොන මොන විකාර දේවල් කිව්වත් නේත්‍ර පණ ඇරලා විහාස්ට...
"ඒහ් අයියේ කොට්න් කැන්ඩී... මටත් එකක් අරන්... අනේහ්..."
ඇසුත් බෝල කරන් බලන් ඉන්න විහාස් දිහා නේත්‍ර බලන් හිටියේ හරිම ලෝබ කමින්... පර්ස් එක එලියට ඇදලා අරන් විහාස්ට කොට්න් කැන්ඩි එකක් අරන් දුන්නේ, විහාස්ගේ මූණ සතුටින් පිරිලා යද්දී... නේත්‍රට දැන් නම් විහාස්ව ඉඹගෙන ඉඹගෙන යන්න ඕනා වගේ... නේත්‍ර එයාගේ ඒ හැගීම පාලනය කර ගත්තේ මොකද මෙතන පබ්ලික් ප්ලේස් එකක් නිසා....................................................................................................
"ඔව් ඔව් එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ..."
"..."
"හරී ඔයා එන්නකෝ."
"චූටී... අයියා එයි දැන්... කෝ ඔතන නිදා ගන්න බෑනේ ළමයෝ..." නේත්‍රයි විහාසුයි හිටියේ ශොපින් මෝල් එක එලියේ තිබ්බ බංකුවක වාඩි වෙලා... විහාස්ට නම් ඒ ටිකටත් නින්ද ගිහින් තිබ්බේ... මොකද කොල්ලට පට්ට මහන්සියි... යුගාන්ගේ කීමට උදේ ඉදලා නේත්‍රව ගෙදරින් එලියේ තියා ගන්න විහාස් පුදුම කට්ටක් කෑවේ...
විනාඩි ගානක බලාහිදීමේ ප්‍රතිඵලයක් විදිහට ඈතින් එන යුගාන්ව දැකපු නේත්‍ර විහාස්වත් නැගිට්ටවගෙන එක්කන් ගියේ මේකා මෙතන නිදාගත්තොත් ආයේ නැගිට්ටවනවා බොරු කියලා දන්න නිසාමයි...
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න