"අයියේ කෝපි එක..."
පාඩම් කර කර හිටපු නේත්‍රට විහාස් කෝපි එකක් ගෙනත් දුන්නත් නේත්‍ර නෙමේ කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ...
"හුම්ම්ම්.... මම මේක මෙතනින් තියලා යනවා..." වෙනදා වගේම නේත්‍ර මුකුත් නොකියපු තැන විහාස් බර හුස්මක් පාත දාලා කෝපි කෝප්පේ නේත්‍රගේ මේසේ උඩින් තියලා යන්න ගියා...
නේත්‍ර විහාස්ව වගේම යුගාන්ගෙන් එන කෝල්ස් පවා මගහරින්න අරන් දැනට සති තුනක් වගේ... ඒලෙවල් එක්සෑම් එකට තව මාසයයි... යුගාන් උනත් විහාස්ට කිව්වේ ස්ට්‍රෙස් නිසා වෙන්න ඇති ඔයා අවුල් ගන්න එපා කියලා වෙද්දී විහාස්ට නම් නේත්‍රගේ මේ වෙනස දරා ගන්න බැරි තරම්...
විහාස් හිටියේ සාලේ සෙටියක වාඩි වෙලා...
"සුදු පුතා... මොකද කල්පනා කරන්නේ... "
යුගාන්ගේ පුන්චි විහාස්ලා එක්ක ඉන්නේ දැන් දවස් දෙක තුනක ඉදලා වෙද්දී ඒ දවස් දෙක තුනම විහාස් ඉන්නේ ලොකු කල්පනාවක කියලා විතරයි එයා දැක්කේ... අඩුම හිනාවක්වත් නෑ ඒ මූනේ...
"මුකුත් නෑ චූටී පුංචි..." විහාස් කියද්දී, යුගාන්ගේ පුංචි විහාස් ගාවින් වාඩි වෙලා විහාස්ගේ ඔලුව අත ගෑවේ විහාස් අමාරුවෙන් හිරකරගෙන හිටපු කදුලු එකින් එක පල්ලම් බහින්න පටන් ගද්දී...
"එ-යා-වෙන්-නස්- වෙ-ලා" විහාස් ඉකිගගහ කියද්දී යුගාන්ගේ පුංචි විහාස්ව තදින් තුරුලු කර ගත්තා...
අඩලා අඩලා හෙම්බත් උනු විහාස්ට පුංචිගේ තුරුලෙම නින්ද යද්දි... ටික වෙලාවකින් එතනට ආපු නේත්‍රත් විහාස් දිහා බලන් හිටියේ රතු උන ඇස් වලින්...
"දැන් ඇති නේද පුතේ මේ ළමයව ඇඩෙව්වා... තව කී දවසක් කියලා ඉවසන්නද..."
"දවස් දෙකක් දවස් දෙකක් දෙන්න මං ඔක්කොම ඉවර කරලා ආයේ මෙයාව මං ගාවට ගන්න..."
යුගාන්ගේ පුංචිට නේත්‍ර එහෙම කියන ගමන් විහාස්ව එයාගේ අත් අතරට මැදි කර ගත්තා...
"සමාවෙන්න රත්තරන් කැමත්තෙන් නෙමෙයි මෙහෙම කරන්නේ... අඩවන්න ඕන නෑ බං මට උබව... මං ආදරෙයි යකෝ මගේ පණටත් වඩා..."
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න