" චූටි පුතා... මේ දොර අරින්න!! අනේ මන්දා දැන් කාලේ හැදෙන ළමයි නම්... ගෙයක් දොරක් තියෙනවා කියලා වගක් නැති හැටි... "
කුස්සියේ ඉදන් විහාස්ට වදයක් වෙවී හිටපු යුගාන් දොරට ගහන සද්දේ ඇහිලා, දොර ඇරියේ ඇවිල්ලා හිටපු කෙනා දැකලා යුගාන්ට උන් හිටි තැන් අමතක වෙද්දි...
" ආයිශ් අයියේ... මේකවත් අරන් පලයන්කෝ.... ඉන්න දෙන්නේ නෑනේ... අනේ මේ අහින්සක ළමයට මෙයා අතවර කරනවනේ... අයියේහ්!!!!!!... "
හරිම අගෙයි... අඩු පාඩුවක් නැතුව වෙන්න තිබ්බ ඔක්කොම උනා... හරිම ශෝක් විදිහට....
" ආහ් චූටි පුතා සාමෙන් සතුටෙන් දිවි ගෙවනවා වගේ... පුංචි කෙනෙක් හිටියද කියලත් මතක නෑ... "
"හේ හේ.... ඉතින් කොහොමද පුන්චම්මා.. දවස් දෙකයිනේ ගෙදරින් පිට ඉදියේ..."
යුගාන් ඔලුවත් කස කස හෙනම ගොන් පහේ හිනාවක් එයාගේ පුංචිට දෙද්දී පුංචි ඇහි බැමි රැලි කරන් යුගාන් දිහා බලන් හිටියා..."ජවස් ජෙකයිනේ යැයි යැයි යැයි...."
"අයියේ කවුද-"
කුස්සියේ ඉදලා සාලෙට ආපු විහාස් එහෙන්මම නතර උනේ සෝපා එකේ වාඩි වෙලා හිටපු කෙනාව දැකලා...
ඒ වෙලාවෙම එතනට ආපු නේත්රත් මාරුවෙන් මාරුවට යුගාන් දිහයි පුංචි දිහයි බැලුවේ මුකුත් හිතා ගන්න බැරුව...
" ඉතිං... පුන්චි පවුල රත්තරන්ලු නේද... "
යුගාන්ගේ පුංචි ඇහුවේ කින්ඩියට හිනා වෙන ගමන්...
"ඉතින් ඉතින් කෝ තුන් දෙනාම වාඩි වෙන්නකෝ බලන්න..."
යුගාන්, නේත්ර, විහාස් තුන් දෙනාම පුංව්හිගේ ඉස්සරහින් තියෙන සෝෆා එකේ වාඩි උනේ කුතුහලේ උපරිමේටම තියෙද්දි...
" දැන් කියන්නකෝ බලන්න.... අපේ තුන්සමේ කවුද උඩින්ම ඉන්නේ..."
Emotional damage 😂😂
" කැහැ කැහැ..."
යුගාන්ට කොහෙවත් නැති කැස්සකුත් ආවා වගේම නේත්රගේ වගේම විහාස්ගේ මූණ රෝස පාට වෙලා... කවුද අනේ එලි පිට මෙව්වා අහන්නේ...
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න