"ජානකී.. අද අර ඊයේ කියපු ඒවා හැදුවද..?" උදේ පාන්දරම මහසෙන් කවදාවත් නැතුව ඇතුල් කුස්සියට ගියේ ජානකී පණ දාගෙන චිරාත් ඉස් ඉස්සෙල්ලම ඉස්කෝලෙට යන දවසේ කිරිබත් හදද්දී..
"අද පලවෙනි දවස.. ඒ නිසා මම කිරිබත් හැදුවේ.."
"දැන් ඊයේ අර ජවුසමක් නැටුවේ බත් කන්න බැහැ කිය කියා.. ඔව්වා කයිද..?"
"කමක් නැහැ මම කියන්නම්කො.."
"ම්ම්.. ම්ම්.. අද රෑට එහෙනම් ඉල්ලපුවා හදලා දෙන්න.."
"මොකෝ..?" ජානකී ඇහුවේ මූණත් මැලවිලා ගිය මහසෙන් දිහා බලලා..
"මොකෝ අහන්නේ..?"
"අපේ මහත්තයට ඊයේ කොල්ලට ගහපු එකේ හිතේ අමාරුව නේද ඔය තියෙන්නේ..?"
"ම්න්න්.. අපි හුරතල් කරලා වැඩියි ජානකී.. ඒ නිසාම එන්න එන්න හිතුවක්කාර වෙනවා.. එක්කෙනෙක් හරි සැරට ඉන්න ඕන.. නැත්තම් බැහැ.."
"හ්ම්ම්.. මම දන්නේ නැහැ අප්පලා පුතාලගේ රණ්ඩු.. අන්තිම ඒකෙන් වුනේ දෙන්නම ඊයේ රෑ නොකා නොබී බුදියගත්ත එක.."
"අම්මා..!!" මහසෙන් එතනින් යන්න ගියේ උඩ ඉඳලම කෑ ගහගෙන පහලට ආපු චිරාත්ගේ සද්දේ ඇහිලා..
"ඕ..??"
"අද අනිවාරෙන් ඔයා කිරිබත් හදලා ඇත්තේ.. ආයේ දෙකක් නැහැ.." කියාගෙන් චිරාත් ලන්ච් බොක්ස් එකේ පියන ඇරලා ඔලුව දෙපැත්තට වැනුවේ 'හරියටම හරි' කියලා හිතාගෙන..
"සුබ දවසට කන්න ඕන කිරිබත්.."
"අනේ.. මේ.. මට නම් මේක සුබ නැහැ.. මහා මුසලයි..!!"
"බබා..!! අප්පච්චිව කේන්ති අවුස්සන්නේ නැතුව ඉන්නවා.."
"අනේ මේ ඔයාගේ මහත්තයට ඔයා බය වෙලා ඉන්න මම නම් බය නැහැ.. කෝ මගේ ජූස් එක..?" අහගෙන පිටිපස්සට හැරෙද්දීම මැණිකා ආවේ කට කපලා කිරි තේ කෝප්පයක් හදාගෙන..
"බේබි මහත්තයා.. මේං..!" මැණිකා චිරාත්ගේ නහය ළඟටම තේ එක උස්සපු පාර ආපු කිරි සුවඳට චිරාත්ගේ ඔලුවත් එක්ක කැරකිල්ල ඇල්ලුවා..
"අපෝ..!! මැණිකා...!!! මම තේ බොන්නේ නැහැ.. කිරි දාපුවා නම් කියටවත්ම බොන්නේ නැහැ.." නහයට ආපු අමුතුම කුයිල යවාගන්න වගේ චිරාත් කලේ නහයෙන් හයියෙන් හුස්ම පිඹපු එක..