"ඔයා කොහොමද සුදූ ඔහොම කට්ටියව රවට්ටගන්නේ..?"
"ම්ම්..?"
"එදා චන්න සර්ගේ ඉවෙන්ට් එකේ හිටපු කෝඩිනේටර් ඔයාට බැනපු විදියට මම හිතුවේ ඔයාට තව කොන්සර්ට් එකකට අඩගහනවා තියා ආයේ ඔයාට ඒකෙ පස් පාගන්න දෙන්නේ නැති වෙයි කියලා.."
ආදිත්‍ය කියද්දීම චිරාත් හැරිලා නිර්වාන් දිහා බැලුවේ එදා වෙච්ච සිද්දිය මතක් වෙලා හිතට ආපු තරහවත් එක්කමයි..
"එදා වෙච්ච දේට මගේ වැරද්දක් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ ඉතින් චන්න සර් වුනත්--"
"වැරැද්දක් නෑ..?"
ඉඳගෙන හිටපු පුටුවට හේත්තු වෙලා අත් දෙකත් පපුවට බැඳගෙන චිරාත් ඇහුවේ 'ආ යූ කීඩින් මී' ටෝන් එකෙන්..
"නෑ ඒක මගේ වරද ආත්ම.. මම වැරදියි..!"
ආපහු කීයටවත්ම එදා ඒ වින්ද දඬුවම විඳින්න උවමනාවක් නැති නිසා නිර්වාන් ස්ව කැමැත්තෙන් පරාජය බාරගත්තා..
"අද කීයටද රිසල්ට්ස් එන්නේ සුදූ..?"
මේ කතාව ඇදුනොත් මෙතන මහ විනාසයක් වෙන බව දන්න ආදිත්‍ය ඉක්මණට කතාව මාරු කළා..
"රෑට.."
"කීයටද ඔයාගේ කොන්සර්ට් එක එතකොට..?"
"3 ඉඳන්.."
"ඔයාගේ අයිටම් එක කීයටද..?"
"අන්තිම එකනේ.. හවස 7වත් වෙයි ආදි.. ඇයි..?"
"අම්මෝ ඇති යන්තන් මට ප්‍රැක්ටිස් පටන් ගන්නේ 8.00ට.."
ආදිත්‍ය උඩ පැන පැන ගිහින් චිරාත්ගේ ඔලුව උඩ වැලමිට තියාගෙන චිරාත්ට හේත්තුවක් දාගත්තා..
"ඇයි දැන් හැමදාම උඹට රෑට ප්‍රැක්ටිස්.."
චිරාත් ඔලුව හරවලා ආදිත්‍ය දිහාවට දුන්නේ එච්චර හොඳ බැල්මක් නෙමෙයි..
"ක්..ක්ලබ් මැචස් ගහන අයට කෝච් රෑට තමයි ප්‍රැක්ටිස් දාන්නේ.. හවස ස්කූල් ටීම් එකේ ප්‍රැක්ටිස් නිසා.."
"ම්ම්.. කවුද ඉන්නේ ක්ලබ් ගහන අය..?"
"මම, සොහාන්, ඉඳුෂ"
"එච්චරයි..?"
"ඔව්.."
"සංදීප්..?"