47 වන දිගහැරුම 🤍

9.3K 1K 196
                                    

"කවද්ද ටර්ම් ටෙස්ට්..?"

චිරාත්, ආදිත්‍ය ක්ලාස් එක ඉස්සරහා මී ගහ යට වාඩි වෙලා මේන් ගේට් එකේ ඩියුටි ඉන්න නිර්වාන් දිහා බලන් ඉන්නවා..

"අප්‍රේල් 30.."

"තව මාස දෙකයිනේ..?"

"ම්ම්.."

"උඹ තාම සුදූට සමාව දුන්නේ නැද්ද බං..? මාසෙකුත් වෙන්න එනවා.."

"සමාව දෙන්න හිත හදාගනිද්දීම තව මොකක් හරි පිස්සුවක් කෙලිනවනේ බං..."

"ඇයි..? ලඟදි මොකද්ද වුනේ..?"

"අද උදේ අප්පච්චිට කියලා පවිත්‍රව බලන්න යන්න අහන්න කියලා මගෙන්..."

"අඩෝ..! සිරාවට..? බොරු..!"

"අප්පච්චි මට කිව්වා එක පාරක් බලන්න එක්කන් යන්න නැත්තම් තනියමවත් ගියොත් තව මගුලක් වෙනවා කියලා.."

"තනියම නම් යන එකක් නැහැ නේද බං..? ඒත් ෂුවර් නැහැ සුදුගේ වැඩ.."

"අන්න දැක්කද..? උඹටත් තාම ෂුවර් නැහැ සුදු අයියා ආයේ ඔහොම මෝඩ වැඩක් කරයිද නැද්ද කියලා.. මෙච්චර කරලත් තාම හැදිලා නැහැනේ.."

"පොඩි කාලේ ඉඳලා එකට හිටපු නිසා වෙන්නැති බං.. සුදූට අවුල් ඇති වෙච්ච දේට.."

"යකෝ.. සුදු අයියා දැන් ගියොත් අරූ rehab කියලා නොබලා සුදු අයියව මරලවත් දායි.. තමන් ආදරේ කරන මනුස්සයෙක්ට සලකන විදියටද බං ඒ බල්ලා සුදු අයියට එදා සලකලා තිබ්බේ..? තව ටිකක් බෙල්ල තද කළා නම් මැරෙන්නේ නැහැ සදාකාලිකවම අබ්බගාතයෙක් වගේ ඉන්න තිබ්බා රෝද පුටුවකට වෙලා.."

"ඔව්.. ඔව්.. මම කියන්නේ සුදූ හිතන විදිය.."

"ඔය හිතන විදිය තමයි වෙනස් කරන්න මම මේ දඟලන්නේ.."

"හ්ම්ම්.. මට තේරෙනවා බං.."

"ආයේ ලේසියකට සමාවක් හම්බෙන්නේ නැහැ කියලා දැනෙනකන් දඬුවම දෙන්න ඕන.. නැත්තම් ඔය බූරු පැටියා හැදෙන්නේ නැහැ.."

"පවු හිතෙනවා බං සමහර වෙලාවට සුදූ උඹ දිහා බලන් ඉද්දි.. මේ ලඟදී මට පවුම හිතෙන වැඩක් වුනා.."

"මොකද්ද..?" චිරාත් නිර්වාන්ගෙන් ඇස් අයින් කරගෙන ආදිත්‍ය දිහා බැලුවා..

තිත්ත කැපචිනෝ | CompletedNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ