22 වන දිගහැරුම 🤍

11.1K 1K 130
                                    

නිර්වාන් දැන් ටිකකට කලින් ශවීන්ව හග් කරගෙන ඉන්න ෆොටෝ එකක්..!

"ම්ම්..?" නිර්වාන්ට හයියෙන් කියවුණු දේට චිරාත් පිටිපස්සෙන් එන ගමන් හූ මිටි තිබ්බා..

"න්.. නෑ.. මුකුත් නැහැ.."

කවුද එවන්න ඇත්තේ..? නිර්වාන්ට දැන් මේක ලොකු ප්‍රශ්නයක්..

ටිං..!

Want me to send this to your lover boy..?

මැසේජ් එක දැකලා නිර්වාන් පිටිපස්ස හැරිලා බැලුවේ චිරාත් බලාගෙනද ඉන්නේ බලන්න..

නෑ..!

Who are you..?

You will get to know me.. SOON..! So let's send this to your Aathma and see what will happen..? It'll be fun..!

ආත්ම..? නිර්වාන් චිරාත්ට ආත්ම කියනවා කියලා දන්නේ හරිම පොඩ්ඩ දෙනයි..

Please go ahead..!

නිර්වාන් රිප්ලයි කරලා ෆෝන් එකේ ස්ක්‍රීන් එක ලොක් කලේ මේ අනවශ්‍ය ඩ්‍රාමා එක කන්ටිනිව් කරන්න තියන අකමැත්තට.. චිරාත්ට ඕක යැව්වොත් එයා දැන් මෙතන කේන්ති ගන්න එක නවත්තන්න බැරි බව දැන දැනත් නිර්වාන් ඒ රිස්ක් එක ගත්තා..

ටිං..!

තප්පර පහක් යන්නත් කලින් චිරාත්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආපු සද්දේ ඇහෙද්දී නිර්වාන් ගැස්සිලා එතනම හිටගත්තේ 'ඉවරයි' කියලා හිතාගෙන..

"සුදු අයියේ..!!!!"

"ආ..ආත්ම..?" නිර්වාන්ගේ කටහඬ වෙවුලන්න ගත්තේ චිරාත්ගේ කෑ ගැහිල්ලට..

"මේ..! ඩී මැච් එක දිනලා.. දියතලාවේ ගිහින් එයා.. ම්හුක්.. මටත් යන්න ඕන.." චිරාත් තොලත් පවුට් කරගෙන කියද්දී නිර්වාන් සැනසුම් සුසුමක් හෙලුවේ ඒ අර ෆොටෝ එක නොවන බව දැනගෙන..

"ම්ම්.. මට හවස කිව්වා.."

"ම්ම්.. බාස්කට්බෝල් ටීම් එකම ගිහින්.. මේ.. ෆොටෝ එවලා.." චිරාත් ආදිත්‍ය එවපු ෆොටෝ එකින් එක බලන ගමන් උත්තර දෙනවා..

"හ්ම්ම්.."

"ඩී මාත් එක්ක හෙට අර ඔතෙන්ටික් වයින් ෂොප් එක බලන්න යන්න එනවා කිව්වනේ හහ්..! මට බොරුවට කියවලා, ඌ ගිහින් රෝන්දේ..!" චිරාත් තවම ෆොටෝ සිහියෙන්..

තිත්ත කැපචිනෝ | CompletedNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ