"ම්ම්..?"
ලැප්ටොප් එකෙන් ඇස් අරගෙන නිර්වාන් බැලුවේ ආදිත්‍ය දිහාව..
"මෙච්චර කම්පනීස්..?"
"ම්ම්.."
"ඔයාද කතා කරේ ඒ හැම එකකටම..?"
"එකකටවත් මම කතා කලේ නැහැ.."
"හාහ්..?"
"ඔව්.. මම එකකටවත් කතා කලේ නැහැ.. ඔය හැම කම්පනි එකක්ම මටයි කතා කලේ.."
නිර්වාන් කියද්දී චිරාත් එයාගේ අතේ තිබ්බ ෆයිල් එක පෙරලගත්තා..
Brand Ambassador Contract
උඩම තිබ්බ කොලේ දිහා බලාගෙන හිටපු චිරාත් නිර්වාන් දිහා බැලුවේ ඇස් පුදුමෙන් ලොකු කරගෙන..
"හොඳට කියවලා එකක් තෝරගන්න.. මම මුලින්ම දාලා ඇති ඔය සේරම කන්ට්‍රැක්ට්වල සමරි එකක්.. ඔයාලට පුළුවන් ඒකෙන් අයිඩියා එකක් ගන්න.."
ඉතින් චිරාත් කලේ ආයෙමත් ෆයිල් එක දිහාවට ඇස් ඔබාගත්ත එක...
ඉස්සරහම තිබ්බ කොලේ ෆයිල් එකෙන් එලියට ගත්ත චිරාත් ඒ නම් ලිස්ට් එක දිගේ ඇඟිල්ල අරගෙන ගියා..
Arena
Adidas
Aqua Sphere
Nike Swim
TYR
Speedo
Finis
Zoggs
MP Michael Phelps
Jaked
Blueseventy
Dolfinකම්පනි 12ක්..??
කම්පනි 12ක් මට ප්‍රපොසල් එවලද..???
ඒ අස්සේ චිරාත් ආයෙම ගැස්සුනේ ආදිත්‍ය මුමුණන සද්දෙට..
"Spalding, Wilson, Nike, Adidas, Decathlon, Under Armour, Li-Ning, Molten.."
"මෙච්චර කම්පනිවලින්..?"
ආදිත්‍ය ආයෙමත් නිර්වාන් දිහාවට හැරිලා අහද්දී..
"ඔය දෙන්නා ඇයි ඔය දෙන්නා ගැන ඔච්චර අඩුවෙන් හිතන්නේ..? මට නම් ඔය ලැබුනා මදි.. ඔය දෙන්නගේ හැටියට තව හම්බෙන්න ඕන හරි නම්.."
"මේ සමරි එක හදන්න ඔයා තනියම මහන්සි වුනේ ඇයි සුදු අයියේ..? ප්‍රපෝසල් ටික දීලා අපිට කියවගන්න කිව්වා නම් අපි කරනවනේ.. ඔච්චර වැඩ තියාගෙන ඔයා අපිට තව ලේසි වෙන්න සමරි එකකුත් හදලා.."
චිරාත් ඇහිබැමත් රැලි කරගෙන නිර්වාන් දිහා බලද්දී..
"මම නැතුව කවුද කරන්නේ ආත්ම..? මම නේ ඔයාලා දෙන්නගේ මැනේජර්.."