"මල්ලි මේ අවුරුද්දට ස්විමින් ක්ලබ් එකේ ටීම් එක ෆයිනලයිස් කරලා ඉවරයි.. ආපහු නෙක්ස්ට් ඉයර් එකේ තමයි උඹට එන්න වෙන්නේ.."
උදේ ඉදන්ම ඉවසන් ඉඳලා ඉඳලා ඉන්ටර්වල් එකේ ස්විමින් ක්ලබ් එකට නම දෙන්න ආවාම ඉති..න්.. මගුලක් නේ කතා කරන්නේ.. චිරාත්ට දැන් මේකට බැදෙන්නම ඕන.. මොකද..? නිර්වාන් එදා චිරාත් එක්ක හැම ප්‍රැක්ටිස් සෙෂන් එකකටම එන්නම් කියලත් කිව්වනේ... හැම ටුනමන්ට් එකකටමත් යන්න එනවා කිව්වා.. කොහොමද ඒ චාන්ස් එක මිස් කරගන්නේ..?
මේ ඉස්කෝලේ ඇතුලේ ජූනියර් ඔලිම්පික්ස් ගියපු එකෙක්වත් නැති බව චිරාත්ට හොඳටම විශ්වාසයි.. ඇරත් සිල්වර් මෙඩ්ලිස්ට් කෙනෙක්..? කීයටවත්ම නැහැ..!
"අයියා පොඩ්ඩක් බලන්න බැරිද..? මම හෙට සර්ටිෆිකෙට් ටිකත් ගේන්නම් ඕන නම්.."
"උඹ මේ අලුතින් ඇවිල්ලා අපිට උඹට එහෙම විශේෂයක් කරන්න බැහැනේ බන්.. ස්විමින් ක්ලබ් එකට බැඳෙන්න ඕන තරම් උන් ඉන්නවා ඉස්කෝලේ.. ඒ නිසා එකෙක්ට විතරක් අපිට විශේෂෙන් සලකන්න බැහැ.."
"අයියා.. ප්ලී--"
"චිරාත් යුගාන්ත ගජනායක..! ඔන්න ඔය නම ලිස්ට් එකට දාපන් බං අයියේ" ස්විමින් ක්ලබ් රූම් එකේ දොර ලඟින් ඇහුන සද්දෙට චිරාත් විතරක් නෙමෙයි මෙච්චර වෙලා පණ්ඩිතකම් කියව කියව හිටපු ලොකු අයියලා දෙන්නත් හැරිලා බැලුවා..
ඔය ඉන්නේ හිටගෙන.. චිරාත් කලේ ඇස් දෙක රෝල් කරලා ආයෙම ඉස්සරහා බලාගත්ත එක..
"ඇයි මල්ලි උඹට බාස්කට් බෝල් රූම් එක පැටලුනාද..?" ලොකු අයියා කෙනෙක් පුටු ඇන්දට හේත්තු වෙලා කිව්වේ සමච්චලේට වගේ..
"යකෝ..! ජූනියර් ඔලිම්පික් මෙඩ්ලිස්ට් කෙනෙක්ට මේ හිච්චං ස්කූල් ටීම් එකකට බැදෙන්න දෙන්න බැහැ කියනවා මම ඇහුවමයි.." බිත්තියට හේත්තු වෙලා දකුණු අත බැන්ඩේජ් කරලා තිබ්බ නිසා වම් අතේ තිබ්බ බාස්කට් බෝල් එක දෙපාරක් බිම බම්ප් කරලා ආදිත්‍ය කිව්වේ ඊටත් වඩා සමච්චල් හිනාවක් දාලා..
"උඹ නිකරුනේ බාස්කට් බෝල් ස්විමින් වලිය ආයේ ඇදගන්න යන්නේ ආදි.. පාඩුවේ ඉඳපන්.. අපි මේක බලාගන්නම්..."