"අම්මට..?"
"ම්ම්.. ඔව්.. අපි ගැන අම්මට කියනවා මම.. එයා ඉන්න තැන නැන්දා ඔයාට කියන කරන දේවල් ඉවසන් ඉන්න ඕන නෑ මට.."
නිර්වාන්ගේ කොණ්ඩේ අතරින් ඇඟිලි අරගෙන යන ගමන් චිරාත් ආයෙමත් නිර්වාන්ගේ නළලට හාදුවක් තිබ්බා..
ඒ දැනෙන සනීපෙට ඇස් පියවෙද්දී තව තව චිරාත්ගේ පපුව අස්සට ගුලි වෙන නිර්වාන්ට ඒ හැම පාරම චිරාත්ගෙන් හාදුව ගානේ ලැබුනා..
"කෝ.. ඔහොම ඇඟේ දැවටිලා ආයේ මාව අවුස්සගන්න හදන්නේ ඉතින් ඔයා සුදු අයියේ.."
"ම්ම්හ්.."
"අපිට ඔයා කෙඳිරි ගාන ඒවගේ ටෝන් එක කැටගරයිස් කරන්න වෙයි.. හැම එකටම එකම විදියට කෙඳිරි ගාද්දී මට තමයි ඉන්න බැරි වෙන්නේ.. මං වුනත් මනුස්සයෙක්නේ.. මටත් යම් යම් දේවල් සිද්ධ වෙනවා.. නිකන් ඉන්න ඔයාව දකිද්දීත් ඇවිස්සෙන මාව ඔයා ඔහොම කෙඳිරි ගාද්දී තප්පරයට අඟල් හයක වේගෙන් ඇවිස්සෙනව.."
"ම්ම්.." නිර්වාන්ට කතා කරගන්නවත් පණක් තිබුනේ නැහැ..
"සුදු අයියේ.."
"ම්ම්..?"
"ඔයාට තාම අර දවස අමතක වෙලා නැත්තම් මට තව වටයක් යන්න බැරි කමකුත් නැහැ.. අපි ඕන නම් ඒ දවස අමතකම කරවලා දාමු ආයේ මතක් නොවෙන්නම.. ම්ම්..? හා ද..?" යටිතොලත් හපාගෙන චිරාත් නිර්වාන් දිහා බැලුවේ මේ දැන් පනින්න එන හිනාව තද කරගෙන..
"ඔ..යා..ට ඕ..න න..ම් ක..ර..මු.." බැරි මරගාතේ නිර්වාන් චිරාත්ගේ පපුවෙන් එහාට වුනේ චිරාත් ඒක ඇහුවේ ඇත්තටම කියලා හිතාගෙන..
"අනේ.. අනේ.. දැන් ටිකකට කලින් මැරෙයි මැරෙයි ගගා කලන්තේ දාන්න හදපු මිනිහා නේද මේ..?"
"ඉතින් ඔයාට ඕන නම් පවුනේ මහත්තයෝ ඔයා.." චිරාත්ගේ පපුව පිරිමදින ගමන් නිර්වාන් තද හාදුවක් තිබ්බා..
"ඔයා කවද්ද සුදු අයියේ ඔයා ගැනත් හිතන්න ගන්නේ.." චිරාත්ට දරන්නම බැරි නිර්වාන් එයාගේ මුළු ජීවිතේම මෙහෙම චිරාත්ගේ කකුල් පාමුලට විසික් කරලා දාන එක..
ආයෙමත් මුළු අහස නිල් වෙලා ඈත ඇඳුන විදුලිය දකිද්දී තව තප්පර ගානකින් නිර්වාන් ගැස්සෙන බව හොඳටම දැන දැනත් චිරාත් නිර්වාන්ගෙන් පොඩ්ඩක් මෑත් වුනේ මොකද්දෝ හේතුවකට ඒ චිරාත් දකින්නම ආස දෙයක් නිසා..
![](https://img.wattpad.com/cover/372820722-288-k392014.jpg)