94 වන දිගහැරුම 🤍

9.9K 1K 163
                                    

"නිර්වාන්.. ඔයා පොඩ්ඩක් ඒ ටික බලලා කරනවද..? අද මට එන්න වෙන්නේ නැහැ.."

උදේ පාන්දරම ප්‍රසිඩන්ට්ගෙන් කෝල් එක එද්දිත් නිර්වාන් හිටියේ ඩබලගේ යුනිෆෝර්ම් අයන් කර කර..

"ෂුවර් සර්.. මට ඩොකියුමන්ට්ස් ටික එවන්න මම ඒක බලන්නම්.."

ක්ලොසෙට් රූම් එකේ දොර ඇරෙන සද්දෙට නිර්වාන් පිටිපස්ස හැරිලා බලද්දී නිදිමතේම ඇස් පොඩි කර කර එන තොත්ත බබාව දැකලා නිර්වාන්ගේ මූණේ ලස්සන හිනාවක් ඇඳෙද්දීම..

"සුදු අයි..යේ.. ම්හ්.."

නිදිමත කටහඬින් කියාගෙන චිරාත් නිර්වාන්ගේ බෙල්ල පාමුල මූණ ඔබාගත්තේ නිර්වාන්ගේ අතේ තියන අයන් එකත් පැත්තකින් තියලා..

"නිර්වාන් මගේ අර වැඩේ පොඩ්ඩක් වැදගත්--"

"සුදු අයි--"

"සර් මට විනාඩි දහයක් දෙනවද මම ආයේ කෝල් කරන්නම්.."

ප්‍රසිඩන්ට්ගේ කෝල් එක කට් කරලා නිර්වාන් චිරාත්ගේ පිට අතගාන්න ගත්තේ චිරාත් නිර්වාන්ගේ උණුහුම හොය හොය තුරුල් වෙන්න ගත්ත නිසා..

"ඇයි මහත්තයෝ..?"

"ඔයා අද කලින්ම ඇඳෙන් නැගිටලා ආවේ ඇයි..?"

"අද මම කලින් යන්න ඕනනේ අර මම කියපු මීටින් එකට.. ප්‍රසිඩන්ට් එන්නේ නැති නිසා ඒ පේපර්ස් සයින් කරගන්න වෙන්නේ මට.."

"හා.. ඔයා ලෑස්ති වෙන්න මම අයන් කරන්නම්.."

"මම කරලා යන්නම් එහෙම පරක්කු වෙන්නේ නැහැ.."

"යන්නකෝ.. මම කරන්නම්.."

"ඔහොම ඉන්නකෝ ඉතින් තව චුට්ටයිනේ.. කෝ මෙතනින් ඉඳගන්න.."

එහා පැත්තේ තිබ්බ ස්ටූල් එකක් ඇදලා දීලා චිරාත්ව අයන් බෝඩ් එක ගාවින් වාඩි කරගත්ත නිර්වාන් ඇඳුම් මදින සැරින් සැරේට බලන් හිටියේ පුදුම අපහසුවෙන් එතන ඉඳගෙන ඉන්න චිරාත් දිහා..

දැන් මෙතනින් යන්න කිව්වට යන්නෙත් නැහැ ඉතින් කොහොමත්..

"සුදූ..!!!"

ම්ම්.. අනිකත් ඇක්ටිවේට් වෙලා..!

"ඕ ආදි..?"

"කෝ චිචී නෑනෙ කාමරේ..!!"

තිත්ත කැපචිනෝ | CompletedNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ