"ආත්ම..!"
ඇවිල්ලා..!
කහරෝස මල් පොකුරක් අරගෙන කාමරේ ඇතුලට ආවේ නිර්වාන්..
"ම්ම්..?" මෙච්චර වෙලාම නිර්වාන් එනකන් නොඉවසිල්ලෙන් බලන් හිටපු චිරාත්ට දැන් වචන හොයාගන්න බැහැ.ඒ තරමට හිත ඇතුල පිස්සු නටනවා..
චිරාත් හිටියේ චේන්ජින් රූම් එකේ මේසෙකට හේත්තු වෙලා දොර දිහා බලාගෙන..
නිර්වාන් ඇඳගෙන හිටපු ලා කහපාට ෂර්ට් එකයි ට්‍රවුසර් එකයි කාමරේ ඇතුලේ තිබ්බ ලා කහපාට එලිය නිසා තව පාට වැටිලා පෙනෙද්දී ඔලුවේ ආයෙමත් බටර්කප් මලක් ඇඳෙන එක නවත්තගන්න චිරාත්ට පුළුවන් වුනේ නැහැ..
ඒත් එක්කම හදිසියේ රින්ග් වුන ෆෝන් එක නිසා චිරාත් ගැස්සුනා.. නිර්වාන්ගෙන් ඇස් දෙක අයින් කරගන්නේ නැතුවම ෆෝන් එක කණේ තියාගත්තේ ඇස් අයින් කරගන්න තප්පරේ වුනත් අපරාදයක් වගේ චිරාත්ට දැනෙද්දී..
"අප්පච්චි.. කියන්න..?"
"..........."
"හරි මතකයි.. තාම 10නෙ.. මම එනවා.. 1 වගේ වෙයි.."
"..........."
"ඔව්.. දාබරේ අන්කල් මට කෝල් කරලා කිව්වා.. ආච්චි මම්මට හෙට සයින් එක දාන්න විතරයි තියෙන්නේ කිව්වා.."
"..........."
"හරි.. 1 හරි 2 හරි වෙද්දී මම එනවා අප්පච්චි.. ආච්චි මම්මට නිදාගන්න කියන්න.. නැත්තම් මම එනකන් ඇහැරලා ඉඳීවි.."
කෝල් එක ඉවර වෙලා චිරාත් ෆෝන් එකත් ලොක් කරලා සාක්කුවට දාගත්තෙත් නිර්වාන් දිහා බලාගෙනමයි.. තවම චිරාත්ගේ හිතේ තිබ්බ ටෙන්ෂන් එක අඩු වෙලා ගිහින් නැහැ..
"කෑවද ආත්ම.?" නිර්වාන් ඇහුවේ චිරාත්ගේ ලඟට එන ගමන්..
ලඟට එන්නෙපා සුදු අයියේ..!!
"ම්ම්.."
"මහන්සිද..?"
"ම්හ්හ්.."
දෙවෙනි වතාවටත් නතාෂාගේ අයිටම් එකට හැඳින්වීමක් ලැබෙද්දී නිර්වාන් ඒ දිහාවට කණ් දීලා චිරාත්ගේ ගාවට ලං වුනේ ආවත් හරි චිරාත් හරියට වචනයක් කතා කලේ නැති එක අමුතුයි නිසා..