හැමදාම වගේ වාහනේ ගේට්ටුව ළඟ නවත්තද්දී චිරාත් වාහනෙන් බැහැලා ගේට්ටුව දිහා බැලුවා.. ඉන්නවා.! තොල් සුදුමැලි වෙලා.. ඇස් මලානික වෙලා වුනත් ගේට්ටුව ගාව එයා එනකම් හිටගෙන ඉන්නවා.. ඉතින් චිරාත් කෙලින්ම ඇවිදගෙන ගියේ එතනට..
"ආ..ත්ම..!" කටහඬ පවා වෙවුලද්දී නිර්වාන් කලේ කොෆී කප් එක චිරාත් දිහාවට දික් කරපු එක..
"අසනීප නම් ඉස්කෝලේ ආවේ ඇයි..? ගෙදර යනවා.."
"ඔ..යාගේ.. ස්විමින් ප්රැක්ටිසස්.."
"ඇයි තමුසේ නැත්තම් මට පීනගන්න බැරිද..? යනවා ගෙදර..!!" චිරාත්ට ආවේ මෙච්චර අසනීප වෙලත් නිර්වාන් ඉස්කෝලේ ආපු ගැන තරහක්..
"බෑ.. මට කෝච් කියන ඒවා නෝට් කරගන්න මිස් වෙනවා.."
"තමුසෙට මම..!!" කොච්චර කිව්වත් අහන්නේ නැති තැන චිරාත් කලේ ඉස්කෝලේ මේන් ගේට් එක ඉස්සරහද කියලවත් නොහිතා නිර්වාන්ගේ අත වැලමිට ගාවින් තද කරලා අල්ලගත්ත එක..
"ම්හ්.. මට රිදෙනවා ආත්ම.." නිර්වාන් දුර්වල වුන කටහඬකින් කියද්දී චිරාත්ට ඉබේම අත අතැරුනා..
"එනවා යන්න.." නිර්වාන්ගේ අතින් හෙමිහිට අල්ලගත්ත චිරාත් කෙලින්ම ගියේ සික් රූම් එකට..
"මම පැනඩෝල් බිව්වා ආත්ම මේක ටිකකින් හොඳ වෙයි.."
"කට වහගෙන ඉන්නවා ඩොක්ටර් එනකන්.." තවම ඉස්කෝලේ පටන් ගන්න බෙල් එකවත් ගහලා නැති නිසා ඩොක්ටර් ඇවිල්ලා හිටියේ නැහැ.. එතන හිස් වෙලා තිබ්බ ඇඳෙන් නිර්වාන්ව නිදි කරවලා පුටුවකුත් ඇදගෙන වාඩි වුන චිරාත් කලේ නිර්වාන්ගේ මූණ දිහා නොබලා අහක බලන් හිටපු එක..
"ආත්ම.."
"............"
"ම..මට.. සමාවෙන්න.."
"............"
"අනේ ඔයාගේ හිත මං නිසා පොඩ්ඩක් හරි රිදුන එක මට දරාගන්න බැහැ.."
"............"
"ම..මට.. ස..සමාව.. දෙනවද..?"
"............"
"ආ..ත්ම.." මෙච්චර සමාව ඉල්ලලත් කිසිම කතාවක් නැති තැන නිර්වාන් කලේ චිරාත්ගේ අතින් අල්ලගත්ත එක..