79 වන දිගහැරුම 🤍

1.9K 343 113
                                    

"කෝ ආදි.. ලන්ච් බොක්ස් ගත්තද..?"

"ඕ..!"

"ආත්ම..?"

"ම්.."

උදේ පාන්දරම දෙන්නටම කිරිබත් කට ගානේ කවලා, ලන්ච් බොක්ස් දෙකත් ලෑස්ති කරලා දීලා නිර්වාන් හිටියේ කවුන්ටර් එක ගාව සල්ලි දාන ලාච්චුවේ මොනවද ඇද ඇද..

"පික් මී කාර් එකක් දාලා යන්න.. එද්දිත් පික් මී එකේම එන්--"

නිර්වාන් චිරාත් දිහාවට සල්ලි දික් කරද්දී...

"එපා.. මෙතන ඉඳන් පැය බාගේ දුරනේ බස් එකේ යන්නම්.."

පුටුව උඩ තිබුන බෑග් එකත් අරගෙන චිරාත් කලේ දොර දිහාවට යන එක..

"බස් එකේ යන්න එපා ආත්ම.. ඔතනට එන අය සේරම වාහනවල එයි.. ඔය දෙන්නා බස් එකෙන් ගිහින් බහිද්දී--"

"ඕකේ ඉන්න උන්ව සනසන්න නෙමෙයිනේ අපි ඕකට යන්නේ.. අපි බස් එකෙන් ගිහින් බහින එක බලාගෙන ඉන්න බැරි නම් අහක බලාගෙන ඉන්න කියන්න.."

"ආත්--"

"එපා කිව්වනේ සැරයක්.. එපා..!"

දොර ගාව හිටගෙන චිරාත් ඉන්නේ කවුන්ටර් එක ගාවට වෙලා මේ කතාව අහගෙන සපත්තුවේ ලේස් එක ගැටගහගන්න බැරුව දගලන ආදිත්‍ය එනකන්..

"කෝ මෙහෙ වරෙන් ඕක දාන්න.."

ඉතින් ආදිත්‍යත් තනි කකුලෙන් පැන පැන දොර දිහාවට ගියේ ඉක්මණට නොගියොත් ඕකත් අල්ලාගෙන කෑ ගහයි කියලා බයටම..

"කේන්තියෙන් යන්න එපා ආත්ම.."

"ඔයානේ සුදු අයියේ කේන්ති අවුස්සන්නේ.. එක එකාගේ හිතවල් හොඳ කරන්න ඕන නැහැ මට.. නැති දේවල් මවා පාන්න ඕනෙත් නැහැ මට.. මමයි ඩීයි එතනට යන්නේ ඉගෙනගන්න මිසක් සෙලිබ්‍රිටි ලයිෆ් එකක් මේන්ටේන් කරන්න නෙමෙයි.. ඒ නිසා ඔයා බොරුවට අපිට අවුල් යයි කියලා හිතලා සල්ලි නාස්ති කරන්න හදන්න එපා.. මම මේ මේක කියන අන්තිම වතාව.. ආයේ කියන්නේ මෙහෙම නෙමෙයි.."

ආදිත්‍ය ගාව දණ ගහගෙන ලේස් එකේ බෝ එක දාලා චිරාත් ආදිත්‍යගේ කකුලට තට්ටුවක් දැම්මේ එලියට යන්න කියන්න වගේ..

නිර්වාන්ගේ නළලට තොල් තද කරලා ආදිත්‍ය එලියට ගියේ දෙන්නට තනි වෙන්න දීලා..

තිත්ත කැපචිනෝ | CompletedWhere stories live. Discover now