"චූටි බබා.. ඕම ඉන්න.. අප්පච්චියි බාප්පියි දැන් එයි.."
සාලේ ගාව තිබ්බ ගෝ කාට් එකේ පුළුන් ගුලියව තියාගෙන නිර්වාන් බලන් ඉන්නේ ඩබල ලෑස්ති වෙලා පහලට බහිනකන්..
"ම්හ්.. ම්හ්.. ම්හ්.."
"එයි.. එයි.. දැන් එයිනේ බබා ඒ දෙන්නා.. කෝ.. කට ඕම කරගෙන ඉන්න එපා මගේ මැණික.. මට හරියට දුක හිතෙනවා.."
චූටි තොල් දෙකට ඇඟිල්ලෙන් තට්ටු කරන ගමන් නිර්වාන් කියද්දීම වගේ ඩබල ආවා පඩිපෙළ බැහැගෙන..
කුමාරවරු දෙන්නෙක් වගේ..!
"හරිම ලස්සනයි..!"
නිර්වාන් කියද්දී ඩබලම ඇඹරුනා නිබ්බියෝ දෙන්නෙක් වගේ..
"යමුද..?"
"හා.."//
"කිරිබත් කාලා යමු.."
චිරාත්ට කලින් දුවලා ඇවිත් ආදිත්‍ය පුළුන් ගුලියව අතට ගනිද්දී පොඩි මෑන්ට හෙන සතුටේ.. ඇස් කරකෝ කරකෝ හිනා වේවි ආදිත්‍යගේ සුලැඟිල්ලත් අල්ලගෙන එකම විකාරයයි එතන..
"එන්න බබු හාමි අපි යමු කිරිබත් කන්න.."
පුළුන් ගුලියව පපුවට තුරුල් කරගෙන ආදිත්‍ය ඩයිනින් ටේබල් එක දිහාවට ගියේ සෝෆා එක ගාව නිර්වාන් චිරාත් එක්ක තනි වෙද්දී..
"සුදු අයියේ.."
"ම්ම්..?"
චිරාත්ගේ මූණේ බැල්මෙන්ම නිර්වාන් අඳුරගත්තා මොනවද කියන්නේ යන්නේ කියලා..
"යුනිෆෝර්ම් එකත් අලුත්..!"
"ම්ම්..?"
"කොන්වකේෂන් නම් කවදා යන්න බැරිද අනේ.. නේද..? ඒ වගේද.. අලුත් යුනිෆෝර්ම් එකක්.. ම්ම්.. ම්ම්.."
අත් දෙකත් උඩට උස්සලා හිරි අරින ගමන් චිරාත් කිව්වේ කම්මුලේ ඇතුල් පැත්තේ දිව ගාවන ගමන් තියන දඟකාරම බැල්ම නිර්වාන්ගේ දිහාවට පාකරලා..
"කිරිබත් කටක් කන්න ආත්ම.. අපිට යන්න පරක්කු වෙනවනේ.."
නිර්වාන්ගේ ඇස් හිනා වෙනවා..
"කන්න නම් ඕන තමයි.. ඒත් කිරිබත් නෙමෙයි.."
චිරාත්ගේ ඇස් තවම නලියනවා..
