ක්රීක්..!
කාමරේ කෙලවර තිබුන දොර ඇරුනෙත් නිර්වාන්ගේ තොල් අල්ලගන්න තප්පරේක දුරින් හිටපු පවිත්ර නිර්වාන්ගෙන් ඇස් අරගෙන ඒ දිහා බැලුවෙත් එකටම වගේ..
තප්පරයයි.. දෙකයි.. තුනයි.. හත-
"චිරාත්..!!!! පුතා..!!!!"
"චිචී..!!!! නවත්තපන් ඕක..!!! නවත්තපන් යකෝ..!!!! මූ මැරෙයි..!!!! චිචී..!!!! නවත්තපන්..!!!!!"
චිරාත් හිටියේ මාරයා ආවේස වෙන එකෙත් අන්තෙටම ගිහින්.. අත මිට මොලවලා මේ වෙද්දීත් ගහපු පාරවල්වල සැරටම සිහි නැති වෙලා ඉන්න පවිත්රගේ මූණට ගහපු විසි වෙනි වතාවද මේ..?
කොච්චර කෑ ගැහුවත් නවත්තන්නේ නැති තැන ආදිත්ය කලේ චිරාත්ව පුළුවන් තරම් හයියෙන් පවිත්ර ගාවින් අයින් කරලා බඳ වටේ අත දාලා තද කරගත්ත එක..
"අතැරපන්..!!!! මාව අතැරපන්..!!!! ඩී..!!!!! හොඳ හිතින් මාව අතැරපන්..!! මම අද මූව මරනවා..!! මගේ අත් දෙකෙන්ම මරනවා..!!"
ආදිත්යගේ ග්රහණය කොච්චර තද වුනත් චිරාත් ආයෙම සිහි නැති වෙලා ඉන්න පවිත්ර ගාවට ගිහින් බඩට පයින් ගහගෙන ගහගෙන ගියේ කොච්චර කලත් හිතේ තියන කේන්තිය නැති වෙන්නෙම නැති තැන..
"චිචී..!!! නවත්තපන්..!! නවත්තපන් යකෝ..!! ඌට දැනටම සිහිය නැහැ.." ආදිත්ය තවමත් පිස්සුවෙන් වගේ චිරාත්ව කන්ට්රෝල් කරගන්න දඟලනවා..
"චිරාත්..!!! නවත්තනවා මේ පිස්සුව.. නීතිය අතට ගන්න බැහැ තමුසෙට.." ආදිත්යට චිරාත්ව නවත්තගන්නම බැරි තැන මහසෙන් චිරාත්ව ඇදලා ගත්තේ මුළු ඇඟේම තියන ශක්තිය දාලා කිව්වොත් හරි..
"මාව අතාරින්න අප්පච්චි..!! අතාරින්න මාව..!!! මම මූව අද මෙතනම මරනවා..!! පාහර බල්ලා..!!!"
"චිරාත්...!!!!! නවත්තපන් ඕක.. හොඳ සිහියට වරෙන්..!!! උඹට හිරේ යන්නද ඕන..??"
"ඔව්..!!! මූව මරලා මට හිරේ ගියත් කමක් නැහැ...!!! මාව අතාරින්න අප්පච්චි..!!!"
"චිරාත් සන්සුන් වෙනවා..!!! සන්සුන් වෙනවා පුතා..!! පිස්සෙක් වගේ හැසිරෙන වෙලාවක් නෙමෙයි මේක.."
මාරයා ආවේස වෙලා ඉන්න චිරාත්ව සන්සුන් කරගන්න මහසෙන්, ආදිත්යට විනාඩි පහක් දහයක් චිරාත්ගේ අත් දෙක පිටිපස්සට තද කරලා අල්ලගෙන ඉන්න පවා සිද්ද වුනා.. චිරාත් හරියටම සන්සුන් වුනා කියලා තහවුරු කරගත්තට පස්සේ චිරාත්ව ග්රහණයෙන් මිදෙව්වත් පවිත්ර ගාවට ලං වෙන්න නොදී ආදිත්ය ඒ මැද හිටගෙන හිටියේ පවිත්රව දකිද්දීත් ආයෙමත් කේන්තියෙන් ඇවිලෙන චිරාත්ගේ ඇස් දෙක දැකලා..