"ආ..ආත්ම මාව දාලා ගියාද ආදි..?"
නිර්වාන් තවම ඉන්නේ හරි සිහියෙන් නෙමෙයි..
"සුදූ.. ඔයා ඉන්න.. මම.. මම ගිහින් බලන්නම්.."
කාමරෙන් එලියට යද්දිම චිරාත් ආයේ කාමරේට එනවා දැකලා ආදිත්‍ය හිටපු තැනම ලොක් වුනේ චිරාත්ගේ තියන ලොකුකමේ හැටියට මේ වෙද්දී හරි නම් ලංකාවෙනුත් ගිහින් තියෙන්න ඕන නිසා..
"නැගිටින්න සුදු අයියේ.. ඇඳට යන්න.."
මොකද්දෝ හේතුවකට ගෙනාපු වතුර වීදුරුව මේසේ උඩින් තියලා චිරාත් නිර්වාන් ගාවට ගියේ නිර්වාන් තවම ඔහේ බිම ඉදගෙන එයා දිහා බලන් ඉද්දී..
නිර්වාන්ගේ ඇස් දිලිසුනේ පුදුමයක් එක්කමයි..
ඒ දිලිසෙනවද..?
නැත්තම් කඳුළු වලට පෙගිලා වැඩිවෙලාද..?
"ම්..මාව.. මාව.. දාලා යන්න එපා ආත්ම.."
ආයෙමත් අලුත් වෙච්ච නිර්වාන්ගේ කඳුළු..
"මාව දාලා යන්න එපා.. ම..මට සමාවෙන්න.. ඔ...ඔයාගේ හිත රිද්--"
"ඔයාව දාලා මම කොහෙද යන්නේ සුදු අයියේ..? කොහෙද යන්නේ මම..?"
"ම..මම.. මම.."
"මුළු දවසෙම වුනත් ළඟ ඉඳලා ඉඳලා, විනාඩි කීපෙකට ඔයා එලියට ගියොත් හුස්ම හිරවෙනවා වගේ දැනෙන මම ඔයාව දාලා කොහෙද යන්නේ..?"
"මා..ව.. තු..රු..ල්.. ක්--"
ඊලඟ තප්පරේ නිර්වාන්ගේ හිස මුදුනට චිරාත්ගේ තොල් තද වෙද්දී ආදිත්‍ය එතනින් එලියට ගියේ දැන් මේ ප්‍රශ්නේ දෙන්නට තනියම විසඳගන්න පුළුවන් මට්ටමේ බව දැනිලා..
නිර්වාන්ව නැගිට්ටවගෙන ඇඳ උඩින් වාඩි කරවපු චිරාත් ගෙනාපු වතුර වීදුරුව අතට අරගෙන නිර්වාන් දිහාවට දික් කළා..
"බෙහෙත් බොන්න සුදු අයියේ.."
ඒත් එක්කම මොනවදෝ අමතක වෙලා ආයෙමත් කාමරේට ආපු ආදිත්‍ය..
"බ්..බෙහෙත්..?"
ආදිත්‍ය නිර්වාන් දිහා බැලුවේ කවදා ඉදන්ද නිර්වාන් බෙහෙත් බොන්නේ නොදැන..
එවෙලේ ආදිත්‍යව එතන බලාපොරොත්තු නොවුන නිසාම චිරාත් මොනවත්ම කතා කලේ නැහැ..