"12ට යමන්.. උදේම යන්න කම්මැලියි.." කියද්දීත් ආදිත්‍ය හිටියේ ඩෙස්ක් එකට ඔලුව ගහගෙන..
"BMICH..? එතකොට අපි ආයේ ඉස්කෝලෙට එන්නේ නැද්ද..?" ඊයේ ආදිත්‍යට කෙමිස්ට්‍රි ලැබ් පීරියඩ් එක මිස් වුන නිසා ආදිත්‍යගේ ලැබ් රිපෝර්ට් පොතේ නෝට් එක සම්පුර්ණ කරන ගමන් චිරාත් ඇහුවේ මූ කම්මැලිකමේ ඕක අද සම්පුර්ණ කරන්නේ නැතුව හිටියොත් සමන්ති මිස්ගෙන් හොඳවයින් අහගන්න බව දන්න නිසා..
"ආයේ ඉස්කෝලෙට එන්නේ මොන මගුලටද යකෝ.. එහෙම්ම ගෙදර යං.."
එහෙම කොහොමද.. එතකොට සුදු අයියා..
"බෑග් එක ඉස්කෝලේ තියලා යන නිසා ඉස්කෝලෙට ඇවිල්ලා යමු.."
"බෑග් එක තියලා යන්නේ උඹට මොන්ගල්ද..? ඕකත් අරන් යං.. මොකෝ උඹට ඕක ඔච්චර බරයිද..?"
බෑනේ.. බෑනේ.. සුදු අයියා එක්කමනේ ගෙදර යන්න ඕන..
"නෑ මම කියන්නේ ආයේ ඉස්කෝලෙට ඇවිල්ලම යමු නිකන් ඉන්න එකේ.."
"ආයේ ඉස්කෝලේ එන්න ඕන නැහැ.. එහෙම්ම ගෙදර යං.. උඹට බස් එකේ යන්න බැරි නම් පියල්ට එතනට එන්න කියපන්.."
මේක හරි යන මගුලක් නෙමෙයි.. අද සුදු අයියා එක්ක ගෙදර යන්න වෙන්නේ නැහැ මේ රෙද්දක් නිසා..
"ම්.. මේ.. ඔය එක්සිබිෂන් එකට යන්නම ඕනද බං..? බොරු වැඩක්නේ.."
"යමු නේද ඕයි..? මටත් තාම ෆියුචර් ප්ලෑන් එකක් නැහැ කියලා තේරුනේ EDEX එක ගැන සමන්ති මිස් කියද්දී.."
"ඒ කිව්වේ..?"
"තාම කවුරු හරි මගෙන් ලොකු උනාම කවුරු වෙන්නද කැමති ඇහුවම මට කියවෙන්න යන්නේ ඩොක්ටර් කෙනෙක් කියලා.. ඉතින් හරි යයිද කියපන්කො.."
"ඉතින් ෆියුචර් ප්ලෑන් එක මොකද්ද කියලා දැනගන්න ඔය මගුලට යන්න ඕනද..? අප්පච්චි අදුරනවා මොරටුව කැම්පස් එකේ VC ව.. එයාගෙන් අයිඩියා එකක් ගමු..? ඉංජිනියරින් නේ කොහොමත් මුල්ම ටාගට් එක.. ඒ හැර තව ඉන්ට්‍රස්ටින් පැති තියනවද බලමු.."
"ම්ම්.. ඒකත් හොදයි තමයි.. එහෙනම් මොකද කියන්නේ..? අද නොයා ඉමුද..?" ඩෙස්ක් එකේ ගහගෙන හිටපු ඔලුව උස්සලා ආදිත්‍ය චිරාත්ගෙන් ඇහුවේ හරියටම කන්ෆර්ම් කරගන්න..
KAMU SEDANG MEMBACA
තිත්ත කැපචිනෝ | Completed
Romansaඋඹ මම ආසම ජාතියේ කැපචීනෝ එකක්.. තිත්තයි.. රසයි..!