50 වන දිගහැරුම 🤍

2.8K 365 76
                                    

"මා..මාව..?" නිර්වාන් ආයෙම ඇහුවේ චිරාත් එහෙම කිව්වමද කියලා සැක හැරලා දැනගන්න..

"ම්ම්.." තව අඩියක් ඉස්සරහට එන ගමන් චිරාත් කිව්වත් එයා හිටියේ අඩ සිහියෙන්..

අඩ අඳුරේ නිර්වාන්ගේ තොල් ගැහෙනවා චිරාත්ට පේනවා..

ලා රතු පාටයි..!

හ්ම්ම්.. තව ටික වෙලාවකින්.. ම්ම්.. ටිකම ටික වෙලාවකින් ඒවා තදම තද රතු පාටට හැරෙන බව චිරාත් දන්නවා..

"ඔයා මට සම්--" නිර්වාන් අත දික් කරලා චිරාත්ව අල්ලන්න හැදුවත්..

"ම්හ්හ්..! නැහැ තවම නැහැ සුදු අයියේ.. එහෙම ලේසියෙන් සමාව දෙන්න පුළුවන් දුකක් නෙමෙයි මම එදා ඒ පැය ගානම තනියම වින්දේ.."

නිර්වාන්ට අල්ලන්න නොදී ඉස්සරහට තිබ්බ අඩිය චිරාත් ආයෙම පිටිපස්සට තියද්දී නිර්වාන්ගේ ඇස් දෙක පිරුණේ මහ වේදනාවකින්..

"ම..මට සමාව දෙන්න ආ..ත්..ම.. දැන් පළිගත්තා ඇති.. ම..මට.. ස්--"

"ම්ම්.. සමාව නේ..? ඔයාට සමාව ද ඕන..?" හැමදාම පුරුද්දට වගේ සාක්කුවට අත් දෙක දාගත්ත චිරාත් නිර්වාන් දිහාවට නැවෙද්දී චිරාත්ගේ ඇස්වල බැල්මට නිර්වාන්ගේ පපුව පුරුදු විදියටම පිස්සු නටන්න ගන්නවා..

හිතට එන වචන කියවෙන්නේ නැති තැන නිර්වාන් කලේ 'ඔව්' කියන්න ඔලුව වනපු එක..

"හ්ම්ම්.. හරි.. අපි ඒකට පොඩි සෙල්ලමක් කරලා ඉමු.. ම්ම්..?"

"ස්..සෙල්ලමක්..?"

"ම්ම්.. ඔයා ඒකෙන් දින්නොත් ඔයාට සමාව හම්බෙනවා.."

ඒකට මොනවා කියන්නද නිර්වාන්ට තේරුමක් නැහැ..

"හාද..?"

"............"

"අපි බලමු ඔයාට කොච්චර ඉවසගෙන ඉන්න පුලුවන්ද කියලා කැමති දේවල් ලබාගන්න ඉවසීම තියෙන්නේ ඕන.. නේ..? ඔයාමයි මට ඒක කිව්වේ.. අවුරුදු 8ක් බලාගෙන හිටියා කියලා.. ආයේ අවුරුදු 8ක් ඕන නැහැ.. අපි විනාඩි 8ක් මේ සෙල්ලම කරමු.. ම්ම්..?"

මේක භයානක සෙල්ලමක්..!

චිරාත් කට කොණින් හිනා වෙලා කියද්දීම නිර්වාන් දන්නවා ඒක එයා පරදින සෙල්ලමක් බව..

තිත්ත කැපචිනෝ | CompletedDove le storie prendono vita. Scoprilo ora