20 වන දිගහැරුම 🤍

2.7K 399 134
                                    

"උඹ දැන් මොකටද යන්නේ..?" පවිත්‍ර අහද්දී ආදිත්‍ය චිරාත් දෙන්නම නිර්වාන් දිහා බැලුවා..

"මොකටද යන්නේ අහන්නේ ඇයි පවිත්‍ර..? ආදිගේ බාස්කට් බෝල් මැච් බලන්න හැර වෙන කොහේ යන්නද..?" නතාෂා ඇහුවේ මෙතන කතා වෙන දේවල් තේරුම් ගන්න බැහැ වගේ..

පවිත්‍ර ඒකට මුකුත් නොකියා ආයෙම මැච් ශෙඩුල් එක බලන්න ගත්තා..

"අඩෝ මේක නම් කවුරු හරි හිතලම කරලා වගේ ඕයී.. මේ බලපන්කො.."

7th of November
10.00 - 3.00 - Cricket
10.00 - 2.00 - Badminton
12.00 - 3.00 - Basketball
12.00 - 3.00 - Swimming

8th of November
10.00 - 3.00 - Tennis
12.00 - 3.00 - Table Tennis
10.00 - 3.00 - Carrom
10.00 - 3.00 - Chess

9th of November
12.00 - 3.00 - Wushu
12.00 - 3.00 - Karate
12.00 - 3.00 - Netball
12.00 - 3.00 - Baseball

10th of November
8.00 - 5.00 - Athletics

"මගේ පලවෙනි ඕල් අයිලන්ඩ් මැච් එක.." චිරාත් කිව්වේ නිර්වාන්ගෙන් උත්තරයක් නැති තැන..

"මගේ නැෂනල් ටීම් සිලෙක්ට් වෙන්න ඉඩ තියන මැච් එක සුදූ.." ආදිත්‍ය කිව්වේ කවදාවත්ම නැති තරම් දුක හිතෙන කටහඬකින්..

"මට තේරෙන්නේ නැහැ මොකද්ද මෙතන වෙන්නේ කියලා.. නිර්වාන් අපි  ආදිගෙ මැච් එක බලන්නනේ යන්නේ..? ඒකෙ තව මොනවද හිතන්න තියෙන්නේ..?" නතාෂා ඉන්නේ ඇයි චිරාත්ගේ මැච් එක නිර්වාන් බලන්න යන්නේ කියලා හිතාගන්න බැරුව..

"සුදූ..?" ආදිත්‍ය ආයෙම ඇහුවා..

"ගෙදර යමු.. තව කල් තියනවනේ.." නිර්වාන් කිව්වේ එච්චරයි..

"ඔහ්.. ඔහ්.. මෙදා පාර නම් උඹ හැමවෙලේම කියනවත් වගේ උඹව දෙවෙනි රාජකාරිය වේගෙන එනවා පුතේ ආදි.. දැන්ම හිත හදාගනින්.." පවිත්‍ර කිව්වේ ආදිත්‍යගේ උරහිසට තට්ටු කර කර හිනා වෙවී..

"නිර්වාන් ඔයා--" නතාෂා ආයෙම අහන්න හැදුවත්..

"මම අද එන්න රෑ වෙයි සුදූ.. ඔයා චිරාත් එක්ක ගෙදර යන්න.." ආදිත්‍ය ෆෝන් එක සාක්කුවේ දාගෙන පස්සෙන් පස්සට ගියේ නිර්වාන් ආයෙත් මොනවත් කියන්න කලින් එතනින් යන්න හිතාගෙන..

"ආදි.." ම්හ්හ්.. ඒ වෙද්දීත් ආදිත්‍ය එතනින් ගිහින් ඉවරයි..

"නතාෂා.. යමු.. 6.30යි වෙලාව.." පවිත්‍ර නතාෂා දිහාවට හැරිලා කිව්වේ ඒ වෙද්දීත් නතාෂා නිර්වාන් දිහා පුදුමෙන් බලන් ඉද්දී..

තිත්ත කැපචිනෝ | CompletedOnde histórias criam vida. Descubra agora