අටවන සිත්තම්
චූටි දූ, දින කිහිපයකට කලින් මම අහගෙන ඔයාගේ ගුරුතුමි ඔයාට හොඳ ස්පර්ශය, නරක ස්පර්ශය වෙන් කරගන්න හැටි කියලා දෙනවා..
ඔයා කම්මුලේ අතක් තියාගෙන අහගෙන ඉන්නවා...
දැන් වසන්තය ලඟයි... ඒ නිසා කලින් තරම්ම සීතල නැහැ...දුඹුරු පාට අතු විතරක් ඉතුරු වුන ගස් ලා කොළ පාටට දළු දානවා.. ඔයාලගේ ගෙදර ඉදිරිපිට දම් පාටට ලැවෙන්ඩර් මල් පිපිලා...හරිම සුවඳයි...
ජීවත්ව ඉන්න කාලේ හැබැහින් දැකලා නොතිබුනත් ලැවෙන්ඩර්, ඩැෆඩිල් කියන නම් දෙකේම මායාකාරී බවක් තැවරිලා තියනවා තියනවා කියලා අම්මිට හිතිලා තියනවා.. ඇස් දෙකෙන් දැක්කමත් ඒ මල් වල ලස්සන ඇත්තටම ඇස් වසඟ කරවනවා.....
ඔයාගේ ගුරුතුමීගෙ කතාව අහලා මට ඔයාට කියන්න අමතක වුන දෙයක් මතක් වුනා...ඒක ඔයාට දැන්මම අත්‍යවශ්‍ය නැහැ... ඒත් මම කියන්නම්...
නැතිනම් තාත්තිගෙ මතක වල හැංගුනාම මට අමතක වෙයි...ලංකාවේ හැටියට ගෑනු ළමයෙක්ගේ ජීවිතේ සිද්ද වෙන වැදගත්ම දේ ගැන ඔයාට කිව්වෙ නැත්නම් ඒක අඩුවක් චූටි දූ...
හය වසරේ හරි හත වසරේ හරි සෞඛ්‍යය පොතේ ඒ ගැන පාඩමක් තිබුනා... හැබැයි බහුතරයක් ගුරුවරු ඒක ඉගැන්නුවේ නැහැ.. සටහන එක්කෝ කියෙව්වා.. නැතිනම් ළමයෙක් අතේ පොත එව්වා, ලියාගන්න කියලා...
ඒවා හරිම අද්භූත දේවල් විදියට තමයි අපි දැක්කේ...
පන්තිය ඇතුලේ හොරෙන් හොරෙන් යාළුවො ඒ ගැන කතා කලා... කව්රු හරි ළමයෙක් එක දිගට සතියක් විතර ආවේ නැත්නම් අපි දන්නවා " ඒක " වෙලා තමයි කියලා.." ජම්බු ගහෙන් බිමට වැටුනද " කියලා තමා අපි අහන්නේ.
ඉතින් ඒ ගෑනු ළමයත් ලජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඔව් කියනව.
සමහරු ඒ එනකොට එක එක කැවිලි ජාතිත් ගේනවා...
කාන්තාවකගේ සිරුරේ සිදු වෙන ස්වභාවික සිදු වීමක් එච්චර විෂ්මය දනවන දෙයක් වුනේ ඇයි කියලා මම කල්පනා කලේ ඔයා ලැබුනට පස්සේ... ඇත්තටම හිතල බැලුවොත් කාන්තාවක් මවක් වෙන්න කායිකව සුදුසුකම් ලබනවා කියන්නේ ලොකු දෙයක් තමයි... මොකද මව් පදවිය කියන්නේ ලෝකේ තියන උතුම්ම දේ...
ලෝකේ තියන හැම හොඳ දෙයක්ම බිහි වෙන්නේ මවගේ කිරි වලින් සහ ඉර එළියෙන් කියලා ප්‍රසිද්ද රුසියානු ලේඛකයෙක් ලියල තියනවා...
හැබැයි ඒක අණ බෙර ගහන්න ඕන දෙයක්ද..
ඒ ස්වභාවික වෙනස එක්ක බැඳුනු චාරිත්‍ර ගොඩාක් තියනවා...චාරිත්‍ර මිය යන්න දෙන්නේ නැති එක හොඳයි චූටි දූ... හැබයි ඇඟේ සිදුවෙන වෙනස් කම් ටිකත් ඒත් එක්කම තේරුම් කරලා දුන්න නම් තවත් හොඳයි...
ඔයා ජීවත් වෙන රටේ නම් සනීපාරක්ෂක තුවායක් අතට දෙනවා... ගොඩාක් වෙලාවට ඉස්කෝලෙන් මොකද්ද වෙන්නේ කියලා කියලා දෙනවා.. නැත්නම් අම්මා හරි තාත්තා හරි කියලා දෙනවා.. පහුවදා ළමයා සුපුරුදු විදියට ඉස්කෝලේ යනවා..
අම්මිට ඔය සන්තෑසිය වුනේ නිවාඩු කාලේදී... අම්මි එතකොට හත වසරේ...
පූංචි, කොල්ලෝ රැලක් එක්ක වෙලේ ක්‍රිකට් ගහනවා.. අම්මි ගහක් යටට වෙලා පොතක් කියව කියව හිටියේ..
කරුණසේන ජයලත්ගෙ ගැහැණු ළමයි.... කුසුම් කියන්නේ මම ප්රභන්දයක දැකපු ශක්තිමත්ම කාන්තා චරිතයක්...පද්මිණි කියන්නේ හොඳ යාලුවෙක්...රෝහණ කියන්නේ හොඳ ආදරවන්තයෙක්.. එතකොට නිමල්...නිමල් හොඳ පුතෙක්...
ටික වෙලාවකින් කුසුම්ටයි නිමල්ටයි එකතු වෙන්න බැරි වුන එක ගැන දුකෙන් මම ගෙදර යන්න නැගිට්ටා..
ВЫ ЧИТАЕТЕ
සීත සෙවනැලි (Sinhala ) Completed
Любовные романыමරණින් මතුවට වුනත් මට ඔයාලව අත් හරින්න බැරි හැටි....හරිම පුදුමයි නේද... ඔය දෙන්න නිදා ගන්න කොට මම ඉහ ඉද්දර බලා ඉන්නවා... දවස ගෙවා ගන්නේ ඔයාලගේ හුස්ම වල සද්දෙන් .. හර්ෂාලි.... තිමිර.... දූන්යා... අපි තුන් තැනක.. මම මියැදුණු සීතල සෙවනැල්ලක්... ඒත් ඔ...