තිස් නව වන සිත්තම
තිමිර පහුවදා උදේම අවදි වෙලා සාලෙට යන කොට සචිත ඇඳි පුටුවෙම නිදි... ඒ දිහා ටික වෙලාවක් බලන් ඉඳලා තිමිර ඉස්තෝප්පුවට ගියා...
නංගි කවදාවත් දුනීව කැමැත්තෙන් දෙන්නේ නැහැ...එයාගේ සචිතවත් බිල්ලට දීලා හරි එයා දුනීව තියා ගන්නවා...එයා හිතන්නේ අක්කගේ දුව අයිති එයාට කියලා....
ඒත් හැමදේම නැති වුන තමන්ට දුවව අත අරින්න බැහැ... දුව අයිති මට...එයාව මට ඕනේ...අදම කොළඹ ගිහින් නීතිඥවරයෙක් හමු වෙන්න ඕනේ, මේකේ නීතිමය පැත්ත දැන ගන්න...තිමිර හැරෙන කොට අම්මා එතන. " ආ පුතේ තේක... "
තිමිර හිතා ගෙන හිටියේ අම්මා තිමිර එක්ක තරහ ඇති කියලා... ඒත් ඒ රැලි වැටුණු මුහුණේ වෛරයක් නැහැ...
තිමිර කෝප්පය ගත්තා.
" අම්මා තරහද මාත් එක්ක " කාලයක් තිස්සේ හිතේ කෑකෑරී තිබුන ප්‍රශ්නය අනපේක්ෂිත විදියට කටින් පිට වුනා.
අම්මා දිග සුසුමක් හෙලුවා. " මොනව කරන්නද පුතේ... දැන් ඉතින් අපිටත් අරම කලානම් මෙහෙම කලානම් කියලා දාහක් දේවල් හිතෙනවා.. ඒත් දැන් හැමදෙයක්ම වෙලා ඉවරයි.. අපිට ඒ කිසි දෙයක් කොහොම කලත් වෙනස් කරන්න බැහැ...චුටි දූගේ තාත්තා ඔයා දරුවා.. දැන් ලොකු දුවත් නැහැ.. දැන් ඉතින් ඔක්කොම ඉවර වුනාට පස්සේ තරහ වෙලා මක් කරන්නද... අපේ කරුමේ තමා.. "තිමිර නිහඬවම තේ කෝප්පය පානය කලා. කරුමේ...දොස් කියන්න තැනක් නැති වුනහම දොස් කියන තැන....තේරුම් කරන්න බැරි අභාග්‍යමත් සිදුවීම් සියල්ල වැටෙන තැන....
අන්තිම තේ උගුර කටට ගන්න කොටම නංගි එතනට ආවා.
" දුනී තාම නිදිද "
" ඔව්.. " තිමිර කෝප්පය,කැටයම් දාපු කනප්පුව උඩින් තිබ්බා.
" ඔයා දැන් මොකද කරන්න හිතන් ඉන්නේ "නංගි කෙලින්ම ඇහුවා.
" මට දුනීව ඕනේ " තිමිරත් කෙලින්ම කිව්වා.
" මම දුනීව දෙන්නේ නැහැ "
" ඔයා දුන්නත් නැතත් මම ගන්නවා.. "
" එයාව මමයි හදා ගත්තේ "
" මම එයාගේ තාත්තා "
" ඔයාට නිකමට හරි හොයල බලන්න තිබුනනේ "
" මම හෙව්වා කියලා ඔයා එයාව මට දෙනවද.. අනිත් එක මට දිවැස් නැහැනේ... ඔයාට කියන්න තිබුනා "
" මොකටද මම ඔයාට කියන්නේ... "
" මම එයාගේ තාත්තා හින්දා... ඔයා එයාව අරගෙන ලෝකේ අනිත් කොනට ගියත් මම එයාගේ තාත්තා කියන ඇත්ත එහෙමමයි "
" ඔයා එයා ගැන හෙව්වේ නෑනේ.. ඒක neglect"
" දන්නැති දෙයක් ගැන හොයන්නේ කොහොමද.. දන්නැති දෙයක් neglect කරන්නේ කොහොමද.. ඔයයි මේක මගෙන් හැංගුවේ "
"ඔයාට අක්කව බලන්න එන්න තිබුන"
" කී සැරයක් කියන්නද.. මම කලේ එයා මට කියපු දේ.. ඒක මගේ පුරුද්ද.. "
ВЫ ЧИТАЕТЕ
සීත සෙවනැලි (Sinhala ) Completed
Любовные романыමරණින් මතුවට වුනත් මට ඔයාලව අත් හරින්න බැරි හැටි....හරිම පුදුමයි නේද... ඔය දෙන්න නිදා ගන්න කොට මම ඉහ ඉද්දර බලා ඉන්නවා... දවස ගෙවා ගන්නේ ඔයාලගේ හුස්ම වල සද්දෙන් .. හර්ෂාලි.... තිමිර.... දූන්යා... අපි තුන් තැනක.. මම මියැදුණු සීතල සෙවනැල්ලක්... ඒත් ඔ...