27.

19 3 0
                                    

💚 විසිහත් වන සිත්තම 💛

චුටි දු.....දැනටත් මට කොච්චර බලන් හිටියත් එපා වෙන්නැති දෙයක් තමයි ඔයයි තාත්තියි නිදි කොට මුණ දිහා බලන් ඉන්න එක...
රෝස පාට කොට්ටෙට තුරුළු වෙලා, උණුසුම් පොරොනාව යට හා පැටියෙක් වගේ ගුලි වෙලා ඔයා නිදි...මගේ හුරතල් චුටි දූන්‍යා....

තාත්ති වෙනම කතාවක්.... ලංකාවේ කොහොමටත් පොරෝනා ඇතුලේ ගුලි වෙලා නිදියන්න බෑ..තාත්තිගේ ඇඳුම තමයි ටී ෂර්ට් එකයි කොට කලිසමයි... පොරවන රෙද්ද පැත්තක... අත පය හතර අතේ.. හිනහත් යනවා දැක්කම... එයාව එක තැනකට කොටු කරලා තියා ගන්න මම නැහැනේ..

ඔය මුණු දෙක දිහා කොච්චර බලන් හිටියත් මට ඇති වෙන්නේ නැහැ...
මේ වගේම වසර ගණනාවකට කලින් ඔයාගේ තාත්ති දිහා මම බලන් ඉඳලා තියනවා....

තිමිරගේ විභාගය එන්න එන්නම ලං වුණා.ඒ තුන්දෙනා සෑහෙන්න ඒ වෙනුවෙන් මහන්සි වුණා. සමහර දවස් වලට තුන් දෙනා එක්ක ඒ කාමරේම නින්ද ගිහින්.භානුක අයියත් ගොඩාක් දවස් වලට මෙහෙම නතර වුණා. මම හිතන් හිටියේ තිමිර රෑට ගෙදර යනවා ඇති කියලා.
එක දවසක් මට රෑ එකට විතර ඇහැරුනා. හොඳටම වතුර තිබහයි...
වෙනදට කාමරේ තියන වතුර බෝතලේ හිස්. වතුර ටිකක් බොන්න පහලට යනවද නැද්ද...
ටිකක් වෙලා ඇඳේ පෙරලි පෙරලි ඉඳලා පිපාසය ඉවස ගන්න බැරි නිසා මම උඩ මැද සාලේ තියන කරාමය ලඟට යන්න දොර ඇරිය.
දොර ඇරපු ගමන් දැකපු දර්ශනයට මට පොඩි හිනාවක් ආවා.

තිමිර උඩ මහලේ මැද තියන සාලේ සෝෆා එක උඩ නිදි... එක අතක් ඔලුව යටින් තියා ගෙන පැත්තට හැරිලා කකුල් දෙකත් නවල ගුලි වෙලා හොඳටම නිදි.
පහත මාලයේ විදුලි බුබුලේ කහ පාට එයාගේ මුණට ලාවට වැටිලා..මුනේ පැත්තක් එලිය වැටිලා.
මම හිතුවේ එයා රෑට ගෙදර යනවා කියලා. මම දේවක අයියගේ කාමරේ දිහා බැලුව. ඒ කාමරේ දොර වහල. අක්කිගෙ කාමරෙත් දොර වහල. නැන්ද නිදා ගන්නේ පහළ.
මම හෙමිහිට සෝෆා එක ලඟට ගියා.... අම්මෝ කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ... නින්දේ ගිලිලා ඉන්න කොට ඒ මුනෙ සමහර වෙලාවට සටහන් වෙන විඩාව... කනස්සල්ල මොකුත්ම නැහැ... පුදුම අහිංසක කමක් තියෙන්නේ... තව ටිකක්‌ පොඩි පාට වෙලා වගේ...
ඒ හිස කෙස් අතරින් මගේ ඇඟිලි යවන්න හිතෙනවා... ඒත් ඇහැරුනොත්... අර ඇහැට පැත්තෙන් තියන කැළැල ආවේ කොහොමද දන්නේ නෑ... අහන්න ඕනේ වෙලාවක... කෙට්ටු නිසා මුනේ හැම කෝණයක්‌ම හරිම තියුණුයි.... ඇහි පිල්ලම් වල දිග... ගිරා නහයෙන් අල්ලලා අදින්න හිතෙනවා... කළු පාට ටී ෂර්ට් එකට ඇතුලෙන් පපුව රිද්මයකට උස් පහත් වෙනවා... ඒ පපුවට තුරුළු වෙලා නිදා ගන්න තිබුනා නම්....
මම ඔලුව ගැසුවා.. පැහැදිලි කර ගන්න. හශී... මොනවද ඔයා මේ හිතන්නේ... පිස්සුද...
මම තිමිරගේ ළඟටම නැවිල.. ඒ මුණට තව සෙන්ටිමීටර් කිහිපයයි තියෙන්නෙ...දන්නෙම නැතුව එයා ළඟටම නැවිලා...
මම කෙලින් වුණා.
මොකටද මම මෙතනට ආවේ.... වතුර බොන්නනේ... දැන් ඉතින් බලන් හිටියා ඇති හශී... වතුර බොන්න ආවා නම් වතුර බීල ගිහින් නිදා ගන්න...
වතුර බීල මම දොර ලඟට ගිහින් ආයෙත් හැරිලා බැලුව. ඉර උදා වෙනකල්ම බලන් ඉන්න තියනවනම්... කවදා හරි පුළුවන් වෙයිනේ... කවදා හරි එයාගේ ලඟ නිදා ගන්න පුළුවන් වෙයිනේ...

සීත සෙවනැලි (Sinhala ) Completed Donde viven las historias. Descúbrelo ahora