12.

17 4 0
                                    

දොළොස්වන සිත්තම

නිවාඩුව ගොඩාක් දිගයි වගේ පටන් ගන්න කොට දැනුනට ඒ පැත්ත බලනකොට නොවැම්බර්.. මේ පැත්ත බලනකොට ජනවාරි..
නෑදෑ ගෙවල් කිහිපයකට ගිහින්.... අනුරාධපුරය වැඳ පුදා ගෙන ඉවර වෙනකොට නිවාඩුවෙ අන්තිම දවස් වලට ඇවිල්ලා.

මම, ප්‍රභා රුචි, මදාරා කොයි වෙලාවෙත් දුරකතනයේ එල්ලිලා වව්ලෝ වගේ. දවස ගානෙම කතා කරන්න දේවල් අපිට තිබුනා. අන්තිමට අම්මා ටිකක් සැර දැම්මම තමා ඕප දුපේ අඩු වුනේ.නංගිටත් තද වෙලා හිටියේ. එයා එක්ක නැතුව යාළුවො එක්ක කියවනවා කියලා.
මනීෂා අක්කත් නිතරම කතා කලා. දේවක අයියත් කිහිප වතාවක් කතා කලා. එයාලගේ විභාගේ දෙසැම්බර් මැද ඉවර වුනා.ඒ කතා කරපු වෙලාවක එයා කිව්වා තිමිර පවුලේ අයත් එක්ක මාස තුනක නිවාඩුවකට ඇමරිකා වට ගියා කියලා.
මම හැරෙන තැපෑලෙන් ඒක මදාරාගේ කනේ තිබ්බා.
" අමෙරිකාවට... අම්මෝ, එහෙනම් නාන්න සල්ලි ඇති.. " ඇස් දෙක නළලේ තියාගෙන ඉන්න මදාරාගේ මුණ මට මැවිලා පේනවා.
" ඒකනේ ප්‍රභානි කිව්වෙ " මම දුරකථන රැහැන ඇඟිලි අතරේ කරකවන ගමන් හිටියේ.
"මේ ළමයෝ, ඔය වයර් එක කඩන්නේ නැතුව ඉන්නවද " අම්මා ලඟින් යන ගමන් සද්දයක් දැම්මා.
"එහෙනම් ඒකත් කෙල වුණා කියන්නකෝ " මදාරා දුක්මුසු හඬකින් කිව්වා.
" ගණන් ගන්න එපා හලෝ... එයා එච්චර ලස්සනත් නෑනේ.. " මම කිව්වෙ එයාගේ හිත සනසන්න, " අනික කොහොමටත් පටන් ගන්න කොටම කෙල වෙලානේ තිබ්බේ, අමායා හින්දා "

ඇත්තටම තිමිර ලස්සනයි...
දුරකථනය විසන්ධි කලාට පස්සේ ඊ ලඟට කාටද කතා කරන්නේ කියලා මම කල්පනා කලා.ප්‍රභානි පවුලේ අයත් එක්ක පින්නවල ගිහින්.රුචිරා තමයි ඉන්නේ..මම එයාට විස්තරේ කිව්වා.
" මම මදාරාට කෝල් එකක් දෙන්නම්..විහිලුවට කියලා පටන් ගත්තට අප්සෙට්ද දන්නේ නෑ.. ".
" ඔව්.. කෝකටත් කෝල් එකක් දෙන එක හොඳයි.. " මමත් එකඟ වුණා.
" මේ ළමයෝ ඔය ඉලව්ව තියලා වැඩක් කර ගන්නවද... මොනව කරනවද මන්දන්නෑ කොයි වෙලාවෙත් ෆෝන් එකේ එල්ලිලා.. "
"මේ රුචි.. මම පස්සේ ගන්නම්.. අම්මා කෑ ගහනවා.." මම දුරකථනය විසන්ධි කලා.
" හොඳ වැඩේ.. කොයි වෙලාවෙත් ඕකේ එල්ලිලා ඉන්නවට.. " නංගි ලඟින් යන ගමන් ඔරවගෙන ගියා.
ඊරිසියාව...මම හිත යටින් කිව්වා.

සීත සෙවනැලි (Sinhala ) Completed Место, где живут истории. Откройте их для себя