විසිදෙවන සිත්තම
පහුවදා, සෙනසුරාදා,මම උදේ පුස්තකාලයට යන්න සුදානම් වුණා.
තිමිරට කියන්නත් ඕනේ... කොහොමද කියන්නේ... කෝල් ගන්නත් බෑ නැන්ද ඉන්නවා..
කමක් නෑ... ඔන්න ඔහේ ගිහින් එනවා..
මම පොත් ටිකත් බෑග් එකකට දා ගෙන එලියට බහින කොට තිමිර ගේට්ටුව ළඟ... තාප්පෙට හේත්තු වෙලා ඉන්නවා.
මෙයා රෑ නිදා ගත්තේ මෙතනද මන්දා..." කොහේද යන්නේ? "
" ලයිබ්රි... ඊයේ පොත් ටික රිටන් කරන්න වුනේ නෑනේ "
" තනියම යනවද... මම නැතුව "
" තනියම යන්නත් පුළුවන්.. මම පාර දන්නවා. එනවා නම් එන්න. මම හෝල්ට් එකට යනවා "
" විනාඩි පහක් ඉන්න පැටියෝ "මට හිනාවක් දීල තිමිර ඇතුලට දිව්වා.
පැටියෝ... හිතන් ඇති ශේප් වෙන්න..
පැටියෝ... කියපු විදිහනම් ෂෝක්...
මම එයාගේ පැටියද...
යාලු වෙනවද... තව ටිකක් ගණන් උස්සනවද... බලමුකෝ... කට ඇරගෙන හිටපු පලියට කවන්න ඕනයැ...
හරියටම විනාඩි පහක් යන්නත් කලින් මෙයාගේ අඩි සද්දෙ මට පිටිපස්සෙන් ඇහෙනවා.හොඳ ළමයා...
176 බස් එකට නගින කොට මම දැක්කේ තිමිරගේ පිටේ එල්ලගෙන ඉන්න බෑග් එක.
ඇයි අද බෑග් එකක්.. අද පන්තිද... හෙටනෙ මෙයාට පන්ති...
බස් ඒකෙ ටිකක් සෙනග.මම මැද හරියේ ඇසුනක් අල්ල ගෙන හිට ගත්තා.
මගේ ලඟින්ම හිට ගෙන මුණට එබෙනවා.
" තාම තරහද? "
ඒ ඇස් දිහා බැලුවොත් මාව නිකම්ම ඉර එළියේ තියන චොක්ලට් එකක් වගේ දියවෙන විත්තිය දන්න නිසා මම වීදුරුවෙන් එලිය බලා ගෙන තමයි කතා කලේ. " ටිකක්.. "
" ඒ ටිකත් නැති කර ගන්න බැරිද "
" දැම්ම බෑ "
නුගේගොඩින් අපි 138ට මාරු වුණා.
" ඇයි අද බෑග් එකක් " හිස් අසුනක ඉඳ ගත්තට පස්සේ මම එයාගෙන් ඇහුවා.
"කොහේද ඉතින් තෑග්ගක් හම්බ වුනාට ඒක තනියම දිග අරින්න බෑනේ "
මම එයා දිහාට හැරුන " ඔයබෑග් ඒකෙ තියෙන්නේ තෑග්ගද? "
තිමිර ඔලුව වැනුවා. " දීපු කෙනත් එක්කනේ බලන්න ඕනේ "
මේකා කොහොම හරි මාව දිනා ගන්නවා..
" ඇයි තනියම පාර්සලයක් ඇර ගන්න බැරිද? "
" බැරි කමක් නෑ... ඒත් ඔයා ඉන්නකොට මොකටද මම තනියම තෑග්ග බලන්නේ. මම කැමැති ඔයත් එක්ක බලන්න "
දැන්නම් තවත් තරහ වෙලා ඉන්න බැහැ...
" හරි... ගිහිල්ලා බලමු "
" අම්මෝ... යන්තම් ඇති. " තිමිර මගේ අත එයාගේ දිග ඇඟිලි වලට මැදි කර ගත්තා.
" මම අමතක කලේ නෑ හරිද "
" හරි.. හරි..ඕක ඔයා අපි සැරයටියෙන් යන ගමනුත් කියයි මගේ හිතේ "
" ඔව් කියනවා තමා.."
"ඒක නෙවේ ඔයා කොහොමද මම එලියට බහින කොටම එතන හිටියේ "
" මම හිතුව ඔයා අද ලයිබ්රි යයි කියලා, මම උදේ ඉඳලා බලා ගෙන හිටියේ "
ESTÁS LEYENDO
සීත සෙවනැලි (Sinhala ) Completed
Romanceමරණින් මතුවට වුනත් මට ඔයාලව අත් හරින්න බැරි හැටි....හරිම පුදුමයි නේද... ඔය දෙන්න නිදා ගන්න කොට මම ඉහ ඉද්දර බලා ඉන්නවා... දවස ගෙවා ගන්නේ ඔයාලගේ හුස්ම වල සද්දෙන් .. හර්ෂාලි.... තිමිර.... දූන්යා... අපි තුන් තැනක.. මම මියැදුණු සීතල සෙවනැල්ලක්... ඒත් ඔ...