31.

16 2 0
                                    

💜 තිස්‌එක්වන සිත්තම 💚

තිමිරගේ බිඳුණු අස්ථිය සුව වෙන්න සති හයක පමණ කාලයක් ගත වුණා. ඒ වෙනකොට එයාගේ පාසලේ ශිෂ්‍ය නායක පදක්කම් ප්‍රධානය කරලා අවසන්.නායක පට්ටම නිසාම තිමිර අතත් වෙලා ගෙන පාසල් ගියා.
අමායා කියපු දේවල් මම තිමිරට කිව්වෙ නැහැ. අත බිඳුනේ කොහොමද කියන ප්‍රශ්නය කිහිප වතාවක් අහන්න හිතුනත් ඒකට සුදුසු වෙලාවක් එන කල් අහන එක මම කල් දැම්ම.

අවූරුද්දේ ඉතිරි මාස ටිකත් වයසට ගිහින් ඒ අවූරුද්දත් ඉවර වුණා.
ජනවාරියේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා.මම ඒ වෙලාවේ ජීව විද්‍යාව පන්තියේ.
පන්තිය ඉවර වෙලා සරසවිය ලඟට එන කොට තිමිර එතන.. එයාගේ මුනේ සතුට දෝරේ ගලනවා..
" රිසල්ට්ස් ආවා නේද " මම එයා ලඟට තටු ඇවිල්ලා වගේ ඉගිලුනා.
" ඔව්.. " එයාගේ හිනාව.... මුළු මුනම එලිය වැටිලා...
" කියන්නකෝ... " මම එක තැන නටනවා. මොකද මුණ බැලුවම නරක ප්‍රතිඵලයක් නෙවේ කියලා මට තේරුණා.
" කිව්වොත් මොනවද දෙන්නේ "
" ඕන දෙයක් දෙනවා "
" ඕන දෙයක් " තිමිර ඇහි බැම ඉස්සුවා.
" ඔව්... ඔව්.. ඕන දෙයක්.. කියන්නකෝ.. "
" ඒ දෙකයි.. බී එකයි "
" අම්මෝ..... " මම අත් දෙකම කම්මුලෙන් තියා ගත්තා... " ඔයානම් මරු... නියමයි.. මට වචන නැහැ "
මට ඇත්තටම ඕන වුනේ එයාව කිටි කිටියේ වැළඳ ගෙන සුභ පතන්න. ඒත් දෙනෝ දාහක් ගැවසෙන නුගේගොඩ මැද එහෙම කරන්න බෑනේ.
" මේ හැම දෙයක්ම ඔයා හින්ද තමයි පැටියෝ.. ඔයා නොවෙන්න මම කවදාවත් මෙහෙම පාඩම් කරන්නේ නැහැ. දැන් මට දෙයක් කරන්න පුළුවන්.. ඔයාට ජීවිතයක් හදල දෙන්න පුළුවන් " තිමිර කිව්වෙ මගේ උරහිස් දෙකට අත තියලා, මගේ ඇස් වලට එබිලා.
" මගේ නෙවේ තිමිර, මේක ඔයාගේ ජයග්‍රහණයක්‌.. ඔයා තනියම පාඩම් කරලා මහන්සි වෙලා ලබා ගත්ත දෙයක්.. ඒක ඔයාගේ දක්ෂකම... ඔයාගේ උත්සාහය... "
" ඒක මම කලේ ඔයා හින්දමයි පැටියෝ.."
" මමත් විභාගේ හරියට කර ගත්තොත් අපි දෙන්නා ගොඩ " මම කිව්වෙ බස් නැවතුමට යන ගමන්.
" ඔයාට නම් කොහොමටත් බැරි වෙන්නේ නැහැ, මමත් කරපු එකේ ... ඔයා බ්‍රයිටා නෙ." තිමිර කිව්වෙ හරි විශ්වාසයෙන්.
" බලමු...මමත් පුළුවන් තරම් උත්සාහ කරනවා "
" කැම්පස් ඉවර වුනාට පස්සේ රස්සාවක් හොයා ගන්න පුළුවන්නෙ... එතකොට ප්‍රශ්න ගොඩාක් විසඳේනව.. එකම දේ මේ මොකුත් නැති මට ඔයාගේ අම්මයි තාත්තායි ඔයාව දෙයිද "
" මොකුත් නැත්තේ නෑනේ.. ඔයාට එතකොට ඩිග්‍රී එකක් තියනවනේ. මම හිතන්නේ නැහැ අපේ ගෙදරින් අකමැති වෙයි කියලා.ඔයාගේ ගෙදරින්නම් කවදාවත් කැමති වෙන එකක් නැහැ.. "
" මට කියලා ගෙදරක් නැහැ හශී, ඒ නිසා ඒක ගැන හිතන්න එපා " තිමිරගේ ඇස් කොහේදෝ ඈතක නැවතිලා "ඇත්තම කිව්වොත් මම අනාථයෙක්.."
මම එයාගේ අත තදින් අල්ල ගත්තා. "කවදාවත් එහෙම හිතන්න එපා පැටියෝ.. ඔයාට මම ඉන්නවා. හැම දේටම මම ඉන්නවා..හැමදාටම. ආයි කවදාවත් ඔය කතාව කියන්න එපා. තේරුනාද "
තිමිරගේ මුනේ දුක්මුසු හිනාවක් ඇඳුනා." මගේ ජීවිතේ වැඩි හරියක් තියෙන්නෙ නොලැබීම්.. සමහර වෙලාවට මට ඇත්තටම විශ්වාස කර ගන්න බැහැ ඔයා මගේ කියලා.. හීනයක් වගේ.. ඇහැරෙයිද කියලා බය හිතෙනවා "
මම එයාගේ බාහුව කෙනිත්තුව.
" ආ...ව්.. " තිමිර එතන අත ගාමින් මගේ දිහා බැලුව " ඒ මොකද "
" ඇයි දැන් හීනයක්ද දන්නේ නැහැ කිව්වෙ.. තේරුණානෙ හීනයක් නෙවේ කියලා. මම මෙතන ඇත්තටම ඉන්නවා.ඔයාට මගෙන් ගැලවීමක් නැහැ, හරිද...මැරුණත් හොල්මනක් වෙලා හරි පස්සෙන් එනවා "
තිමිරට හිනා ගියා.  " අම්මෝ හරි.. ආයි කොනිත්තන්‍න‍ නම් එපා "
" මට අහන්නත් අමතක වුණා.. දේවක අයියටයි, භානුක අයියටයි කොහොමද "
" දේවාට ඒ, බී, සී... භානාට ඒ එකයි සී දෙකයි.."
" තුන්දෙනාම හොඳට කර ගෙන නේද "
" ඔව්.. අපි කට්ටියම කොහොම හරි ගොඩ ගියා "
" ලොකු දෙයක් "
" දේවා මේ අවූරුද්දේ මැද විතර රට යයි මං හිතන්නේ "
" අක්කියි අයියයි ගියහම පාළු වෙනවා "
" එතකොට ආන්ටියි ඔයයි විතරයි "
" ඔයාටත් ඉස්සර වගේම එන්න යන්න බැරි වෙයි " මම තිමිරට කිව්වා.
" ඒක නම් පාඩුවක් " තිමිරට හිනහවක් ගියා.
" සෑහෙන්න " මමත් හිනාවෙලා එකඟ වුණා.

සීත සෙවනැලි (Sinhala ) Completed Where stories live. Discover now