7.

15 3 0
                                    

සත්වන සිත්තම

මාව කොළඹ අහස යට තනි කරලා ආච්චියි, සීයයි, පූංචියි ගමට ගියා. එදා කළුවරේ මම ඉකි ගහ ගහ ඇඬුවා, අම්මා ඕනේ කියලා... මට ඉස්කෝලේවත්, ඉගෙනීමවත් නෙවේ අම්මා ලඟට වෙලා ඉන්නයි ඕන වුනේ...
ඒ වගේ පොඩි වයසකදී අම්මා තාත්තාගෙන් සහෝදරියන්ගෙන් ඈත් වෙනවා කියන්නේ පුදුම දුකක් චූටි දූ...
ආගන්තුකයන් මැද්දේ අපි අසරණ වෙනවා...
අම්මිව සුවිසල් මන්දිරයක රඳවලා ඒ අය ඈතට යනකොට අම්මිගේ පොඩි හිත කඩාගෙන වැටුනා...
ගෙදරදි හැමදාම රෑට අම්මට තුරුළු වෙලා තමයි මම නිදා ගත්තේ... පුංචියි මමයි රණ්ඩු, අම්මා ගාව නිදා ගන්න.. ඊට පස්සේ අපි දෙන්නා වෙනම කාල සටහනක්‌ හැදුවා.. තනි රූල් කොලයක් අරගෙන දවස් හතට බෙදල ඉරි ගහලා අපි දෙන්නගේ නම් මාරුවෙන් මාරුවට ලිව්වා..
අම්මිට හිනහත් යනවා මතක් වෙන කොට..
ආච්චිගේ සිරුරෙන් විහිදෙන දහඩිය මුසු වුනු ඒ සුවඳ  මැද මම හැමදේකින්ම ආරක්‍ෂිතයි කියලා මම විශ්වාස කලා...
ඒ සුවඳ නැතුව.. ඒ ආරක්ෂාව ගැන විශ්වාසය නැතුව නන්නාදුනන නිවසක හිතින් තනි වුනහම අම්මි අසරණ වුනා චූටි දූ..
මුලින්ම තනියම නිදා ගත්ත දවසේ තමා අම්මි දැන ගත්තේ කළුවර බයයි කියලා...නා නා ප්‍රකාර කෑම කන කොට තමයි තේරුනේ අම්මා කවන බත් කට තමයි රසම කියලා... අම්මාගෙ හඬ ඇහෙන්නේ නැති කොට තමයි සැර වචන වල පවා ආදරය හැංගිලා තියනවා කියලා තේරුනේ..

දැන් වගේ ඒ දවස් වල හැම ගෙදරම දුරකථන නැහැ... සීයා දුරකථනයක හිමි කාරයෙක් වුනේ අම්මි නවය වසරේදී විතර...
ඉතින් ගෙදරින් ලියුම් එනකල් පුදුම අසාවෙන් බලා ගෙන ඉන්නේ ...බෝල් පොයින්ට් පෑනෙන් ලියවුනු ඒ අකුරු වැල් වල අම්මගේ සුවඳ, තාත්තාගෙ ආදරය නංගිගෙ තනිකම පිරිලා තිබුනා..
කඩදාසි කොළ වලට කඳුළු පුරවන්න හිතුනත් අම්මි ඒක කලේ නැහැ... ආච්චි අම්මටයි... සීයටයි දුක හිතෙයි කියලා... මොකද මම තේරුම් අරන් හිටියේ එයාලත් මේක කැමැත්තෙන් කරපු දෙයක් නොවන විත්තිය..
ඒ කාලේදී ලංකාවෙ සාමාන්‍ය පවූලක දුවෙකුට ඉහලට යන්න තිබුණු හොඳම විදිය ඉගෙනීම... අච්චියි සීයයි ඒ වරම තමයි අම්මිට දුන්නේ...
හැබැයි ඔයාගේ අම්මි අතින් ඒ වරම ගිලිහුනා...

සීත සෙවනැලි (Sinhala ) Completed Unde poveștirile trăiesc. Descoperă acum