11.

13 3 0
                                    

11
සීත සෙවනැලි

එකොලොස් වන සිත්තම

චූටි දූ දන්නවාද එකෝ ගැන... දෝංකාරය නෙවේ... ග්‍රීක ජනකතා වල දෙවඟනක් ...දෙවියන්ගේ රජු සියුස් ගෙ බිසව හේරා, මේ දෙවඟනට ශාප කාරනවා... ඇයට කතා කරන්න පුළුවන්, අනිත් කෙනා කියන අන්තිම වචන දෙක පමණයි...
ඉතින් මේ සුන්දර දෙවඟන පසු කාලෙකදී ආත්මාර්තකාමී, ආඩම්බර තරුණයෙක් එක්ක ආදරෙන් බැඳෙනවා. ඔහු නාසිසස්...ඔහු තමන්ට පමණයි ආදරය කරන්නේ.... මේ හරිහමන් විදියට කතා නොකරන අහිංසක ආදරය ඔහු තකන්නේ නැහැ...පසු කාලෙක නාසිසස් මිය යනවා...අවසානයේදී මේ දෙවඟන තමන්ගේ ප්‍රේමය අහිමි වීමේ වේදනාවෙන් කඳු නිම්න අතර ඉබාගතේ ඇවිදිමින් කල් ගෙවනවා.. ඇයගේ සිරුර ක්ෂය වෙලා ගිහින් කට හඬ පමණක් ඉතිරි වෙනවා.. ඒ හඬ තමයි පාළු තැන්වල දෝංකාරය විදිහට ඇහෙන්නේ කියලා තමයි පැරන්නෝ විශ්වාස කලේ...

ඔයාගේ තාත්තිගෙ ජීවිතේ අහිමි වීම් එකතුවක් .....ඒ අතර හිමි වීමකට තිබුනේ අම්මිගේ ආදරේ.... ඒකත් අන්තිමට අහිමි වීම් හින්දම ගිලිහුනා ...

අම්මිට වෙලාවකට බය හිතෙනවා තාත්තිත් එකෝ වගේ ආදරය නිසා ටිකින් ටික මැකිලා  ගිහින් කටහඬ විතරක් ඉතිරි වෙයිද කියලා...

මේ මෑතකදී භානුක, දේවක, තාත්ති වසරකට විතර පස්සේ හමු වුනා.දේවක ඉන්නේ කැනඩා වෙ. භානුක මැද පෙරදිග. ඉතින් එයාල කාලෙකින් හමු වෙලා, පැය ගණනක් තිස්සේ මදුවිත පානය කරමින් කතා කර කර හිටියා.
අම්මිට තේරුණා දේවකයි, භානුකයි උවමනාවෙන්ම පාසල් කාලය ගැන කතා කරන එක මග අරිනව කියලා.
ඒත් අන්තිමට ඒ දෙන්න දොඩමළු වෙද්දී තාත්ති නිෂ්ශබ්ද වුණා.අනිත් දෙන්නට ටික වෙලාවකින් තාත්තිගෙ නිහඬ බව දැනුන.

ටික වෙලාවකින් තාත්ති කටහඬ අවදි කලේ වීදුරුව දිහා බලාගෙන
" මට හශීව හරියට මතක් වෙනවා බං.. "
කදුළු නොතිබුනාට ඒ ස්වරයේ අසරණ කම ඕනවටත් වැඩිය ගෑවිලා තිබුනා.
දේවක තාත්තිගෙ පිටට තට්ටු කලා. භානුක කර වටේ අත දැම්මා. එයාල මොකුත්ම කිව්වෙ නැහැ..ඒ නිහඬතාවයේ අනුකම්පාව තිබුනා..

මට තාත්ති ගැන බයයි චූටි දූ...එයා ඉස්සර එහෙම නැහැ...

ඉස්සර එයාල තුන්දෙනා සාමාන්‍ය පෙළ විභාගයට ගෙදර පාඩම් කරන්න එකතු වුනාම එකම කාල ගෝට්ටියයි... කෑ ගහනවා.. හයියෙන් හිනාවෙනවා,මේසෙට ගහ ගහ සින්දු කියනවා...
ඔක්කොම හැබැයි නැන්ද නැති වෙලාවට... නැන්ද ඉන්නවානම් සද්දයක් නැහැ...

සීත සෙවනැලි (Sinhala ) Completed Kde žijí příběhy. Začni objevovat