තිස්දෙවැනි සිත්තම
චුටි දූ.. ඔයාලා ලංකාවට යන දවස එන්න එන්නම ලං වෙනවා.. මගේ එකම අරමුණ ඔයාවයි තාත්තිවයි එකතු කරන එක.. ශරීරයක් නැති, හඬක් නැති මම ඒක කොහොම කරන්නද මන්දා... ඒත් කොහොම හරි ඒක වෙන්න ඕනේ... මම මෙච්චර දවසක් බලන් හිටියේ තාත්ති අලුතින් ජීවිතයක් පටන් ගනී කියලා.. දැන් අවූරුදු හතරක් ගෙවිල ගිහිල්ලා.. තාත්ති තාමත් ආදරය කරන්නේ මට විතරයි...දැන් එයාට ඔයාව ඕනේ චුටි දූ....එයාව තවත් තනියම තියන්න බැහැ..
ඒත් ඒ දේ මට ඕන විදියට වෙයිද...
ඕස්ට්‍රේලියාවෙන් පිටත් වෙන්න දින කිහිපයකට කලින් සචිත මල්ලිට නැවතත් Titanic චිත්‍රපටය නරඹන්න අවශ්‍ය වුනා. නංගිට ඔය වගේ අතිශය ආදරණීය කතා ඇතුලත් චිත්‍රපටි පේන්න බැහැ.. ඒත් මල්ලි නිසා එයත් ඉඳ ගත්තා චිත්‍රපටය නරඹන්න.
ඔයා ඒ වෙලාවේ ඉහත මාලයේ ඔයාගේ කාමරේ නිදි.
චිත්‍රපටය අවසානයේ සචිත සුසුමක් හෙලුවා.
" ඒකනම් කොච්චර බැලුවත් දුකයි "
" ගොන් කතාවක්... කව්ද අනේ ඔහොම මැරෙන්නෙ..what a stupid story.. "
" Its not a stupid story..its a simple story presented in a lavish scale .. ඒක හරිම ලස්සනයි "
"පිස්සු කතා... I mean who dies for love "
" සමහරු එහෙම තමයි... ඔයා එහෙම නොව්නට "
" ඔව්.. " නංගි පුටුවෙන් නැගිට්ටා " මම නම් එහෙම නැහැ..."
" මම දන්නවා ඒක... මම මැරුනොත් ඔයා නම් අඬ අඬ ඉන්න එකක් නැහැ, පහුවදා නැගිටලා වැඩට යයි " සචිත කිව්වෙ හිනා වෙවී වුනාට ඒ වචන වල හැංගිලා තිබුන දුක ඇහුනේ මට විතරද මන්ද..
" ඔව් ඉතින් මැරුණට පස්සේ මොකක් කරන්නද... කොහොම වුනත් dying for love කියන concept එක නම් මට විකාරයි. Its rubbish "
" No its not rubbish. ඔයාට ඒක greek වුනාට සමහරු ආදරේ කරන්නේ එහෙම තමයි. ඔයාගේ මොලේ වයරින්ග් සිස්ටම් එකට තේරෙන්නේ නැති වුණා කියලා rubbish වෙන්නේ නැහැ "නංගි රෙදි සෝදන යන්ත්‍රය තියන තැනට ගිහින් ප්ලාස්ටික් කුඩය අරන් ඇවිත් ඒකෙ තියන සෝදලා නිම වුනු රෙදි අරගෙන රෙදි තැන්පත් කරලා තියන කාමරයක් තරම් ඉඩට ඇවිත් ඇඳුම් එකින් එක එල්ලන්න ගත්තා.
සචිතත් ඒ පස්සෙන් ආවා.
" I really cant undersatand that kind of love "
" මං දන්නවා... ඒකනේ ඔයා අක්කගේ love එකට විරුද්ධ "
වසර හතරකට පස්සේ ඒ බිත්ති ඇතුලේ මගේ ආදරය ගැන වචනයක් කියවුනේ... මෙතුවක් කල් කොච්චර මාව මතක් කලත් නංගි මගේ ආදරය මතක් කලේ නැහැ....
නංගි කුඩෙන් ගත්ත කලිසමක් අතේ තියා ගෙනම සචිත දිහාට හැරුන.
" මොකද්ද ඔයා කිව්වෙ "
" නෑ ඉතින් ඔයා අක්කගෙයි තිමිරගෙයි love story එකට කැමති නැහැනේ " සචිත හිටියේ ඇඳුම්,සපත්තු, අත් බෑග් තැන්පත් කාමරයට ඇතුල් වෙන තැන, දොරට හේත්තු වෙලා.
" මම එහෙම කියලා නැහැනේ "
" කියන්න දෙයක් නැහැ.. ඒක මට තේරෙනවා "
නංගි නිහඬවම ටී ෂර්ට් එකක් රෙදි එල්ලුමේ එල්ලුවා.
" මේ සැරේවත් ලංකාවට ගියහම කොහේ හරි ඇවිදින්න යමුද " විනාඩි කිහිපයකට පස්සේ සචිත ඇහුවා.
" ලංකාවට යන්නේ අම්මලා තාත්තලා බලන්න නේ... ඉතින් එයාලත් එක්ක ඉන්නවා මිසක රව්ම් ගහල මොනව කරන්නද. අනිත් එක දුනීට එහෙ climate එකත් අල්ලන්නේ නැහැ "
" දුනීට නම් නෙවේ ඔයාට නම් අල්ලන්නේ නැහැ කියලා මට තේරිලා තියෙන්නේ "
නංගි කුඩේ දිහාට හැරුනේ තව ඇඳුමක් ගන්න. ඒ වෙනුවට එයා සචිතට එරෙව්වා.
" ඒ මොකද්ද ඒ කතාවේ තේරුම.. මම ඉපදුනෙත් ලංකාවෙනෙ. මට කොහොමද එහෙ ඔරොත්තු දෙන්නේ නැති වෙන්නේ "
" නෑ ඉතින් ලංකාවට ගිය වෙලේ ඉඳලම ගේ ඇතුලෙමනේ.. මම හිතුව දේශගුනේ වෙන්න ඇති කියලා " සචිතගේ කට හඩේ උපහාසයක් ඇහුනේ මට විතරක් නෙවේ.
" සචි ඔයාට මොකද්ද කියන්න ඕනේ.. කියන්න තියන දෙයක් කෙලින් කියන්න "
" පාරි මම මේක ඔයාට අවූරුදු හතරකට කලිනුත් කිව්වා.. ඔයා මේ කරන වැඩේ වැරදියි" සචිත කිව්වෙ බොහොම සන්සුන්ව වගේම තදින්.
නංගිට තරහ ගිය විත්තිය මට පෙනුන.
එයා අතේ තිබුණු ජැකට් එකේ උරහිස් හැංගර් එක ඇතුලට රිංගවපු විදිහට තව ටිකෙන් ඉරෙනව.
" පාරි... ඔයාට මම කියපු එක ඇහුනද "
" ඔව්... මට ඇහුනා " නංගි කිව්වෙ එච්චරයි.
මෙතන මොකක් හරි මට මග ඇරිලා තියනවා...
"Aren't you going to correct it "
" There is nothing to correct ' නංගි හිස් කුඩය අර ගෙන රෙදි සෝදන යන්ත්‍රය තියන තැනට ගියා.
මොකක් ගැනද මේ දෙන්න කතා කරන්නේ... අනිත් එක සචිත බොහොම කලාතුරකින් තමයි නංගිට තදින් කතා කරන්නේ....
" coffee එකක් හදන්නද " සචිත ඇහුවා.
" මට එපා " නංගි කූඩේ තියලා නිදන කාමරයට ගියා.
" දුනී නිදිද "
" ඔව්.. අද ටිකක් කලින් නිදා ගත්තා '
ESTÁS LEYENDO
සීත සෙවනැලි (Sinhala ) Completed
Romanceමරණින් මතුවට වුනත් මට ඔයාලව අත් හරින්න බැරි හැටි....හරිම පුදුමයි නේද... ඔය දෙන්න නිදා ගන්න කොට මම ඉහ ඉද්දර බලා ඉන්නවා... දවස ගෙවා ගන්නේ ඔයාලගේ හුස්ම වල සද්දෙන් .. හර්ෂාලි.... තිමිර.... දූන්යා... අපි තුන් තැනක.. මම මියැදුණු සීතල සෙවනැල්ලක්... ඒත් ඔ...